Monday, January 7, 2013

මිතුරාගේ රන් මාලය සොරාගෙන විකුණා ගණිකාවන්ට දීලා

2013 ජනවාරි 07  01:20 p.m
ganiiiමිතුරා සතු පවුම් 3 ½ ක් වූ රන් දම්වැලක් සොරා ගෙන රුපියල් 135,000/- කට උගස් කොට එම මුදල් සුපිරි ගණිකාවක් හට වැය කළ අයෙකු රන් මාල හොරා ගැනීමට වරද පිළිගත් හෙයින් ජනවාරි 30 දිනට දඩුවම් නියම කිරීමට ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා තීරණය කළේය. දඩුවම් නියම වූයේ ගම්පොළ ඔරායින් වත්ත පදිංචි මනන්වල ගෙදර අතුල දිල්ශාන් තිලකරත්න නැමැති අයටයි. මෙහි පැමිණිලි කරුවන් සම්පත් ඉන්ද්‍ර කුමාර නැමැති අය සමඟ බොහෝ කාලයක් මිත්‍රව සිට ඇත. මෙම පුද්ගලයා නිතර පැමිණිලිකරුගේ නිවසට ආ ගිය අයෙකි. දිනක් පැමිණිලි කරුගේ බිරිඳ නිවසේ නොමැති දිනක මෙම පුද්ගලයා එම නිවසට ගොස් නිවසේ සියලු වැඩපල කර දී අනතුරුව දෙදෙනාම රාත්‍රියේ කා බී නිදාගෙන තිබුණි. පාන්දර 4 ට පමණ අවදී වු මෙ පුද්ගලයා මිතුරා නින්දට පෙර ගලවා තබා තිබූ 175,000/- ක් පමණ වටිනා පවුම් 3 ½ ක් වූ මාලය රැගෙන හොර රහසේ ම නිවසේ පිටුපසින් පිටව ගොස් තිබුණි.

No comments: