Saturday, June 29, 2013

Lorry, Podi Menike collision leaves two dead

පොඩි මැණිකෙට හැපුණු ලොරිය සුනේ සුන් ......
2ක් මරුට......
විදුලි සංඥා-හරස් ගේට්ටු නෑ
පාසල් ළමුන් කෑ ගැසුවත් ලොරිය දුම්රියේ හැපිලා



මීරිගම විජයරජදහන අම්බන වතුයාය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක් බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ “පොඩි මැණිකෙ” ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එහි රියැදුරා ඇතුළු දෙදෙනකු මියගිය බව මීරිගම පොලිසිය කියයි.

(28දා) පෙරවරු හතට පමණ මෙම අනතුර සිදුවිය. මෙම අනතුරින් මියගියේ මාවනැල්ල දාස්වත්තේ ඩබ්ලියු. නිමල් සෙනෙවිරත්න (54) නමැති එක්දරු පියකු හා මාවනැල්ල පදියදොර බී. පී. සරත් (49) නමැති තිදරු පියෙක් බවට හඳුනාගෙන ඇත.

මෙම මාර්ගයේ අනතුරු හඟවන පැරණි දැන්වීම් පුවරුවක් දක්නට ඇති නමුත් විදුලි සංඥා හෝ දුම්රිය හරස් ගේට්ටුවක් නැත.

මියගිය සරත් මාවනැල්ල නගරයේ කුලී රථ නැවතුම්පොළේ රැකියාවේ යෙදී සිටියකු වන අතර ඔහු ඊයේ අලුයම නිමල් නමැත්තා සමඟ මාවනැල්ලේ සිට දෙල් කැඩීම සඳහා මීරිගමට පැමිණ ඇත. ඔවුන් මෙම වෙළෙඳාම සඳහා පිටව ඇත්තේ පළමු වතාවටය. ඔවුන් මීරිගම ප්‍රදේශයේ දුරකතන සංඥා කුලුනක සේවය කරන දන්නා හඳුනන අයකු සොයමින් යන අතරතුර අම්බන වතුයායට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඔවුන් සෙවූ පුද්ගලයා එහි නොවූයෙන් ආපසු යන අතරදී මෙම අනතුරට මුහුණපා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත.

සිද්ධිය වන අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි පාසල් දරුවන් පිරිසක් දුම්රිය එන බවට කෑගසා කියද්දිත් ලොරිය දුම්රිය මාර්ගයට ඇතුළු කැර ඇති බවත් ඒ අවස්ථාවේ දී දුම්රියේ ගැටුණු ලොරිය පොඩි පට්ටම් වී පාරේ වම්පසට විසිවී ගිය බවත් පොලිස් පරීක්ෂණයේ දී හෙළිවී ඇත.

අනතුරත් සමඟ එහි ගමන් කළ දෙදෙනා විසිවී වැටී ඇති අතර, දුම්රිය නවතා තුවාලකරුවන් රෝහල් ගත කිරීම සඳහා මීරිගම දුම්රිය ස්ථානය කරා ගෙන යන විටත් ඔවුන් මියගොස් ඇති බව හෙළිවී ඇත. ලොරිය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබිණි.

මියගිය අයගේ මරණ පරීක්ෂණයන් (28දා) පස්වරුවේ වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත විය.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. ආනන්ද, පොලිස් කොස්තාපල් 51794 පුෂ්පකුමාර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.


A Fire at Biyagama....

බියගම වෙළෙඳ කලාපය අසල ආයතනයක් ගිනි ගෙන දැවෙයි
රු. කෝටියකට ආසන්න අලාභයක්


බියගම නිදහස් වෙළෙඳ කලාපය අසල පෞද්ගලික ආයතනයක (28දා) ඇති වූ ගින්නකින් එම ආයතනය මුළුමනින්ම ගිනි බත් වී තිබේ. මේ ආයතනය වසා තිබූ අවස්ථාවේ මේ ගින්න ඇති වූ හෙයින් කිසිම කෙනෙකුට අනතරක් සිදු වී නැත.

මේ ගින්නෙන් යන්ත්‍ර සුත්‍ර රෙදි කැබලි හා උපකරණ සියල්ලක්ම විනාශ වී තිබෙන අතර එයින් සිදු වූ අලාභය රුපියල් කෝටියකට ආසන්න වන බව ද කියැවේ.

මේ ගින්න ආයතනය ඇතුළතින් ඇති වී තිබෙන අතර නමුත් එම ගින්නට හේතුව තවම අනාවරණය වී නැත.

මේ ගින්න නිසා ඊට යාබදව තිබෙන බියගම ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයටද අලාභ හානි සිදු වී ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේ බියගම වෙළෙඳ කලාපයේ ගිනි නිවන ඒකකය, කොළඹ ගිනි නිවන ඒකකයේ හා බියගම පොලිසිය මැදිහත් වී ගින්න නිවා දැමු අතර ඒ වන විටත් එම ආයතනය මුළුමනින්ම ගිනිබත් වී තිබිණි.

මෙහි සේවක සේවිකාවන් තිහකට අධික පිරිසක් සේවය කරති.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. කවිරත්න , ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එම්. ආර්. මල්ලවකුමාර, පොලිස් පරීක්‍ෂක එස්. ඩී. ගුරුසිංහ, සැරයන් උපාලි, කොස්තාපල් ඇන්ටනි යන නිලධාරිහු පරික්‍ෂණ පවත්වති.

L.G Kularathne appointed for Vass Gunawardene....


වාස්‌ ගුණවර්ධන වෙනුවට කුලරත්න වැඩ භාරගනී

බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටි වාස්‌ ගුණවර්ධන මහතාගේ පුරප්පාඩුව සඳහා බස්‌නාහිර උතුර නව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස පත්වූ එල්. ජී. කුලරත්න මහතා පෑලියෙගොඩ පිහිටි නියෝජ්‍ය පොලිස්‌පති (බස්‌නාහිර උතුර) කාර්යාලයේදී (28 වැනිදා) රාජකාරි භාරගත් අවස්‌ථාව මෙහි දැක්‌වේ.

එහිදී පෑලියගොඩ ශ්‍රී රෝහණ විහාරාධිපති ඌරාපොළ පේමරත්න හිමියන් නව නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට සෙත්පැතූහ.

Electricity tariff claims first victim.......


විදුලි බිල ගෙවන්න ගිය පාරිභෝගිකයා අලුත් ගාස්තුව දැකලා හෘදයාබාධයකින් මිය ගිහින් ......

වැඩි වූ විදුලි බිල ගෙවීමට ගොස් අලුත් ගාස්තු ගැන විමසා බලා ඉන් කම්පනයට පත් වූ විදුලි පාරිභෝගිකයකු හදිසියේ හෘදයාබාධයකට ගොදුරුවී ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය තුළදීම (28දා) මියගොස් තිබේ.

විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ 61 හැවිරිදි එස්.පී.පී.ජී. සමරදාස නමැති මේ පුද්ගලයා (28දා) උදෑසන 9ත් 10ත් අතර වේලාවේ සිය මාසික විදුලි බිල ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණි බවත්, පසුගිය මාසයේ විදුලි බිලට වඩා මේ මාසයේ තමන්ට ගෙවීමට සිදුවී ඇති විදුලි බිල වැඩි බව පවසමින් මණ්ඩලයේ ගෙවීම් කවුන්ටරයේ නිලධාරියකු සමඟ කතාබස් කළ බවත්ය. විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමෙන් පසුව හෙතෙම එතැන ආසනයක වාඩි වී තිබෙන අතර ඉන් ඇද වැටුණු බවද අනාවරණය වේ.

මියගිය විදුලි පාරිභෝගික එස්.පී.පී.ජී. සමරදාස මහතා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පදිංචිකරුවෙකි. විදුලිබල මණ්ඩල ශාඛාව තුළදී ඇද වැටීමෙන් පසුව කොළඹ මහ රෝහල වෙත ගෙන යන විටද ඔහු මියගොස් සිටි බව කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි සේවක සංගම් පවසන්නේ ඉදිරියේදී විදුලි බිල ගෙවීමට හදවත් රෝගීන් යැවීමෙන් වැළැකී සිටීමට විදුලි පාරිභෝගික ජනතාව සැලකිලිමත් විය යුතු බවය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසුවේ ඉදිරියේදී විදුලි බිල් ගෙවීම් කරන ස්ථාන අසල ගිලන් රථයක් සූදානම් කර තබන ලෙසට සාමාන්‍යාධිකාරවරයාට පැවැසිය යුතු බවය. එපමණටම විදුලි බිල පාරිභෝගිකයාට දරාගත නොහැකි වී ඇති බවද ජයලාල් මහතා කීය.


Time magazine stopped at Customs


බෞද්ධයන්ට අපහාස කළ 'ටයිම්' සඟරාව ලංකාවේ තහනම්
 

මියැන්මාරයේ ආන්දොලනාත්මක භික්ෂුවක් වන විරාතු හිමියන් නායකත්වය දෙන ‘Buddhist -969’ නම් සංවිධානය ශ්‍රී ලංකාවේ 'බොදු බල සේනා' සංවිධානයට සමාන කරමින් පළ කර ඇති ආන්දෝලනාත්මක ලිපියක් හේතුවෙන් සුප්‍රසිද්ධ ජාත්‍යන්තර 'ටයිම්' සඟරාවේ ජූලි කලාපය මුදා හැරීම රේගුවෙන් අත්හිටුවනු ලැබ තිබේ.Time සඟරාවේ ජූලි කලාපයේ මුල්පිටුවේ පූජ්‍ය විරාතු හිමියන්ගේ රුව The Face of Buddhist Terror බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර යන වැකිය සහිතව පළ කර ඇති අතර ඒ හේතුව නිසා සඟරාව මියැන්මාරය තුළද තහනම් කරන්නට මියැන්මාර රජය පියවර ගෙන තිබේ.

මියැන්මාරයේ විරාතු හිමියන් නායකත්වය දෙන Buddhist -969 සංවිධානය එරට සුළු ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට විරුද්ධව බරපතළ ව්‍යාපාරයක් ගෙන යන බව පැවැසෙන අතර මේ හේතුවෙන් මියැන්මාරය පුරා පසුගිය වසරේ පමණක් 1,40,000කට ආසන්න බෞද්ධ හා මුස්ලිම් වැසියන් පිරිසක් අවතැන්වී ඇතැයිද පුද්ගලයන් 200කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයිද පැවැසේ.

මියගියවූවන්ගෙන් බහුතරය එරට මුස්ලිම් වැසියන් බවත් Buddhist -969 සංවිධානය විසින් සුළු ජාතික මුස්ලිම්වරුන්ගේ පල්ලි, ව්‍යාපාරික ස්ථාන හා දේපළවලට පහරදී සංවිධානයේ පත්‍රිකා හා ස්ටිකර් අලවා යන බවත් වෝල් ස්ටි්‍රට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.

මියැන්මාරයේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව එරට බෞද්ධයන් මෙහෙයවන විරාතු හිමියන් පිළිබඳ හා සිරුරට ගිනිතබා ගෙන මියගිය භික්ෂුන් සඟරාවේ කවරයේ කතාව බවත් ශ්‍රී ලංකාවේ බොදු බලසේනා සංවිධානයද Buddhist -969 සංවිධානයට සමාන සංවිධානයක් බවත් එම ලිපියේ සඳහන් වන බව පැවැසේ.
සඟරාව මියැන්මාරය තුළ තහනම් කිරීමට එරට රජය විසින් ගනු ලැබූ පියවර විවේචනය කරන පිරිස් පවසන්නේ මේ හේතුවෙන් එරට මුස්ලිම් සුළුතරයට එරෙහිව ක්‍රියා කරන බෞද්ධයන් තවදුරටත් ශක්තිමත් කිරීම 'තහනම' නිසා සිදුවී ඇති බවයි.

Time සඟරාව ගුවන්තොටුපළින් මුදා නොහැරීමට රේගුව ගෙන ඇති තීරණය පිළිබඳ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ තමන් මේ පිළිබඳ දැනුම්වත්වී නැති බවයි. එය සොයා බලා දැනුම් දෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ සඟරාවේ පිටපතක් රේගුව විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බව රේගුවේ උසස් නිලධරයෙක්  පැවැසීය.


Saturday, June 22, 2013

Shirani celebrated Birthday with Shahrukh Khan..

ෂාරුක් සමග උපන් දිනය සැමරූ ශිරාණි


සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලෝකය පුරාම රසික රසිකාවියන් සිටින බව නොරහසකි. නමුත්, මේ පුවත අපට සුවිශේෂී වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රසිකාවියකගේ උපන් දිනය සැමරීම සඳහා එක්වීම නිසාවෙනි.

“ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේයි.

මෙහි කතා නායිකාව වන ශිරාණි සමරසේකර පසුවන්නේ 70 වන වියේයි. කෙසේවෙතත්, ඇය වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක වන්නීය.

මේ නිසා, ඇය ෂාරුක් රඟපාන චිත්‍රපට දෙතුන් වතාවක් නැරඹීමත් පුරුද්දක් කරගෙන තිබේ.

ෂාරුක් පිළිබඳව සිය මව තුළ ඇති කැමැත්ත අවබෝධ කරගෙන තිබෙන ඇයගේ පුතු සිය මවගේ 70 වන උපන් දිනයට කදිම තෑග්ගක් ලබාදීමට කටයුතු කර තිබේ.

එනම්, ෂාරුක් සමග එක්ව උපන් දිනය සැමරීමට අවස්ථාව ලබාදීමයි.

වාර්තා වන ආකාරයට පසුගිය සතියේදී ශිරාණි ඉන්දියාවට ගොස් තිබෙන්නේ ෂාරුක්ව මුණ ගැසීමට පමණක් වන අතර ඔහුගේ නිවස අසල හෝටලයක ඇය ලැගුම් ගෙන තිබේ.

එසේ යාමට පෙර ෂාරුක්ව මුණ ගැසීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කරගෙන සිටි ඇයට ෂාරුක්ව මුණ ගැසීමට අවස්ථාව හිමිවූ බවත් පැයක පමණ කාලයක් ඉතාමත් සුහදව දෙදෙනා කතා බහේ නිරත වූ බවත් සඳහන්ය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ෂාරුක් හා ශිරාණි සුහද පිළිසඳරේ යෙදී සිටින අවස්ථාවකි.

-විමසුම

I don't need your help. but come and see me... - Moris Dahanayake

මට උදව් එපා බලන්න විතරක් එන්න
රෝහලේ ඇඳ මත සිට මොරිස් දහනායක කියයි


”මුතු මිටක් පිරී ඇත්තේ
මල් ගොඩක් පිපී ඇත්තේ
මිණිකැටත් සොයා ගත්තේ
අඩුවකුත් - මෙහේ නැත්තේ”


එදා ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් මේ ගීතයට රැඟූ අයුරු ඔබට මතකද? ‘නයනා රසේ පෙම් රූප රාජිණී’ නම් මුල් ගීතයෙන් ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකුව ඔහු ගැයූ ‘මෙත් මල් පිබිදේවා’, ඇන්ජලින් ගුණතිලක සමඟ ‘ඔන්න ඕලු මලක් විල් දියමත පාවෙලා’ ඇතුළු ගීත රැසක් ගැයූ ඔහු චිත්‍රපට දහයක පමණ ‘දුෂ්ටයා’ ගේ චරිත රංගනයෙන් ප්‍රේක්ෂක සිත්සතන් ඇද බැඳ තබාගන්නට සමත් වූයේය. ඔහු මොරිස් දහනායක කලාකරුවාණන් ය.

”මං අසනීප වෙලා රෝහලේ ඉන්න බවක් කවුරුවත් දන්නවද මම දන්නෙ නැහැ. උදව් එපා. නිකමට හරි මාව බලා යන්න, වචනයක් දෙකක් කතාකරල යන්න එනවා නම් මට ඒක මහා සතුටක්”

මොරිස් දහනායකයන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 6 වන වාට්ටුවේ පෙරදා මෙන් සවිබල නුවූ ගතින් යුතුව ඇඳ මත සිටී. අසූවන වියෙහි පසුවන ඔහු ඔහුගේ එදා දවස් ගැන අපහසුවෙන් මතකය අලුත් කරමින් කිව්වේ මෙහෙමයි.

”මට දුෂ්ට මුහුණක් ඇත්තෙත් නැහැ. ඒත් එදා අධ්‍යක්ෂවරු මාව ගත්තෙ දුෂ්ටයාගෙ චරිතයටමයි. නීල් රූපසිංහයන් ගෙ සැම චිත්‍රපටයකටම වගෙ මම සම්බන්ධ වුණා. හැබැයි, මගෙ රස්සාව පරිස්සම් කරගෙනයි ඒවා කළේ”

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ නිලධරයකු වූ හෙතෙම ගායනයේ, රංගනයේ යෙදුණ ද තිස් වසරක රස්සාවට වඩාත් ආදරය කළ බව ද කීවේ සිනාසෙමිනි. “ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරේ හිතෙනව දැක්කම, පාරා වළලු, ප්‍රවේශම් වන්න, ලස්සන කෙල්ල ආදී චිත්‍රපට කිහිපයක ද දුෂ්ටයා වූයේය. ජෝ, ටෝනි රංගවේදීන්ගේ සමීපතමයා ලෙසින් ගෙවූ ඈත දවස් ගැන ද ඔහු කීවේ සොම්නසකිනි.

”හැබැයි ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක රඟපාන්න අමාරුයි. සටන් දර්ශනවලදි එයා මට ඇත්තටම ගහනවා”

තමන් රෝහලේ බව දැන දුක සැප විමසන්නට පැමිණි සනත් – මල්කාන්ති යුවළ ගැන මොරිස් කීවේ මහත් සතුටකිනි.

මොරිස්ට දැන් තම දුබල වත ඔහුටම පාලනය කරගත නොහැකිවාක් මෙනි. මතකය ද බිඳී ඇති සේය. එහෙත් සැහැල්ලුවෙන් සිනාසේ. තම වම් අතත්, වම් කකුලත් කිසියම් අප්‍රාණික බවකින් ඇතැයි වචන අමුණමින් කී හේ “ඔහොම තමයි ජීවිතේ” යැයි සෙමින් කීවේය.

”මාව බලන්න එදා මා එක්ක හිටපු හැමෝටම එන්ඩ කියන්න. උදව් මුකුත් එපා. ආවාම මට ලොකු සතුටක් දැනෙනවා”

සමුගත් මොහොතේදී මා අත අල්වා ඔහු කීයේ එයමය. මොරිස් ඔබට ඉක්මන් සුවය පතමු.


Sunday, June 16, 2013

Central PC dissolution by Friday- Keheliya

මධ්‍යම පළාත් සභාව සිකුරාදා විසුරුවයි?


මධ්‍යම පළාත් සභාව විසිරුවා හැරීම නිර්දේශ කිරීමේ ලියකියවිලි මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක මහතා විසින් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත යවා ඇතැයිද ලබන සිකුරාදා මධ්‍යම පළාත් සභාව විසිරුවා හරිනු ඇතැයිද ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. මාතලේ අද පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තරුණ තරුණියන් 300කට විදෙස් රැකියා ලබා දෙන වැඩසටහනක් අද(16) මාතලේදී පැවති අතර එහදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් සමඟය.

Saturday, June 15, 2013

Two Soldiers has died in Thabbowa Accident.

තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
මේජර්ට අමාරුයි




තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් සදුන් පතිරන සහ රියදුරු කෝප්‍රල් සංජීව බංඩාර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේජර් ජයසුන්දර තුවාල ලබා සිටී. මෙම පිරිස කිලිනොච්චියේ සිට ගනේමුල්ල බලා එමින් සිටයදී අද අළුයම පහත් හයත් අතර මෙම අනතුරට මුහුන පා ඇත.

Monday, June 10, 2013

Rev. Udugama Sri Buddharakkhitha Thero speaks about Casino...

කැසිනෝවට එරෙහිව මහ පාරට බහිනවා – අස්ගිරි මහ නාහිමි

කොළඹ සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ මහා පරිමානයෙන් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පල වන බවත් කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට පියවර ගතහොත් තමන් වහන්සේ මහමගට බැස විරෝධය පළ කරන බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් පවසති.

එවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව විරෝධය පළ කරන බවද මහනායක හිමියන් ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය නව සංවිධායක ලෙස පත්වුණු මහින්ද දිසානායක මහතා මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

K.T. Fransis passes away..

කේ.ටී. ෆැරැන්සිස් අභාවප්‍රාප්ත වෙයි !


ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවෙකු වූ කේ.ටී. ෆැරැන්සිස් මහතා ඊයේ (09) රාත්‍රියේදී අභාවප්‍රාප්තවී ඇත.

ඒ මහතා මිය යනවිට 73 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේදී ද ප්‍රධාන විනිසුරුවා වූ කේ.ටී. ටෙස්ට් තරග 25ක් හා එක්දින ජාත්‍යන්තර තරග 73ක් විනිශ්චය කර තිබේ.

ෆැරැන්සිස් මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකකදී විනිසුරුවෙකු ලෙස කටයුතුකර ඇත.

ඒ මහතා දෙදරු පියෙකි.

ICC ‘regrets’ Hindi intro .

ලෝක කි‍්‍රකට් ලොක්කා ශී‍්‍ර ලංකාවට කණගාටුව පළකරයි

එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති පසුගිය 6 වැනිදා ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩාංගණයට ගෙන එන අවස්ථාවේදී පසුබිමෙන් හින්දි ගීතයක් වාදනය වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත කණගාටුව ප‍්‍රකාශ කර තිබේ.

ඒ බව සඳහන් කරමින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි අධ්‍යක්‍ෂ කි‍්‍රස් ටෙට්ලි මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාට ලිඛිතව සිය කණගාටුටව ප‍්‍රකාශ කරනු ලැබ තිබේ. කෙසේ වෙතත් එවන් සිදුවීමකට හේතු කවරේද යන්න තරගාවලියේ මෙහෙයුම් කටයුතු බාරදී ඇති සමාගමෙන් විමසා සිටින බවද ටෙට්ලි මහතා ශී‍්‍ර ලංකාවට දන්වා එවා තිබේ.

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ඒ ඒ රටවල කි‍්‍රකට් නායකයෝ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පණිවුඩය ප‍්‍රකාශයට පත්කළහ. ඇන්ජලෝ මැතිව්ස්ගේ පණිවුඩය කී‍්‍රඩාංගණයේ පිහිටි දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය කී‍්‍රඩාංගණයට ගෙන එන ලද අතර එම අවස්ථාවේදී පසුබිමෙන් වාදනය වූයේ හින්දි චිත‍්‍රපට ගීතයකි.

The Minister of Transport didn't register his two vehicles..

ප්‍රවාහන ඇමැති නිල වාහන 2ම ලියාපදිංචි කර නෑ



ප්‍රවාහන අමාත්‍යවරයා පාවිච්චියට යොදා ගන්නා පර්ජෝ 407 වර්ගයේ නිල වාහන දෙකම 2008 වර්ෂයේ සිට මේ දක්වා (2013 මැයි 30දා) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අයත් වන්නේද ප්‍රවාහන අමාත්‍යංශයටය. මෝටර් රථ ලියාපදිංචි කළ යුත්තේද එම දෙපාර්තමේන්තුව යටතේය.

මෝටර් රථ ආඥාපනතේ 203 වැනි අධිකාරිය යටතේ මෝටර් වාහනයන් සන්තකයේ ඇති තැනැත්තකු මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ විධිවිධානවලට අදාළව අයිතිකරු වශයෙන් ලියාපදිංචි වී ඇත්නම් මිස කිසිම තැනැත්තකුට මෝටර් වාහනයක් සන්තකයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීම හෝ නොකළ යුතුය. එසේ කිරීම නීතිවිරෝධීය. ප්‍රවාහන අමාත්‍යවරයාගේ මේ වාහන පාවිච්චිය ගැන තොරතුරු අනාවරණය වන්නේ රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රවාහන අමාත්‍යංශයේ විගණන වාර්තාවෙනි.

මේ කරුණු ඇතුළත් විගණන වාර්තාව පිළිබඳව 2012 අගෝස්තු මාසයේදී ද රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාකච්ඡාවටද ඉදිරිපත් කර තිබේ. පර්ජෝ වාහන ආනයනය කරන මෙරට නියෝජිත ආයතනයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (1,70,00,000) 2008 වර්ෂයේ දී මේ වාහන දෙක මිලට ගෙන ඇති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

A Red light for Dilshan & Mahela...

දිල්ෂාන්, මහේල ට අවවාද


දීර්ඝ වශයෙන් ඉල්ලීම් කිරීම් සිදුකිරීම මගින් අයි.සී.සී. ආචාර ධර්ම කඩකිරීමේ වරදට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන හා ටී.එම්. දිල්ෂාන් හසුවී ඇතැයි වාර්තා වේ.

පළමු පෙළ මට්ටමින් සිදුවූ මෙම මගින් අයි.සී.සී. ආචාර ධර්ම කඩකිරීමේ වරද (Level 1 breach) සිදුවී ඇත්තේ ඊයේ (09) නවසීලන්තයට එරෙහිව කාඩිෆ් හිදී පැවති තරගයේදීය.

එම අවස්ථාවේදී පිටියේ සිටි විනිසුරුවන් වන බෲස් ඔක්සන්ෆෝඩ් හා රොඩ් ටකර් විසින්ද, තෙවැනි හා සිවුවැනි විනිසුරුවන් පිළිවෙලින් ලෙස කටයුතු කළ ඉයන් ගූල්ඩ් හා ස්ටීව් ඩේවිස් විසින් මෙම චෝදනාව එල්ල කර තිබේ.

ක්‍රීඩයකයන් දෙදෙනා විසින් සිය වරද පිළිගෙන සමාව අයැද ඇති බවත්, මේ සම්බන්ධව සම්පූර්ණ විභාග කිරීමක් අනවශ්‍ය බවත් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ දැක්වේ.

පළමු පෙළ මට්ටමින් සිදුවූ මෙම මගින් අයි.සී.සී. ආචාර ධර්ම කඩකිරීමේ වරදකට අවම වශයෙන් අවවාද කිරීමක් හා වැඩිම වශයෙන් තරග මුදලෙන් 50%ක දඩයක් නියම කෙරේ.

Sunday, June 9, 2013

-Sarath Manamendra admitted to hospital after being attacked .....

නව සිහල උරුමයේ නායකයාට ප්‍රහාරයක්...........

පහරදීමක් හේතුවෙන් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

එහි අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ප්‍රකාශ ‍කළේ, මනමේන්ද්‍ර මහතා 72 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ය.

Sadness in Beruwala....

බේරුවලින් ගිය බර ගණනක් ඇවිත් නෑ
දහස් ගණනක් වැල්ලේ බලා සිටිති




බේරුවල වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු 60න් 20ක් පමණ තවමත් ඇතුරුදහන්ව ඇතැයි ධීවරයෝ කියති.

ගුවන් හමුදාව හා නාවික හමුදාව මුහුදේ ද, පොලිසිය හා යුද හමුදාව ගොඩබිමේ ද සහන කටයුතු වල යෙදී සිටිති.

තම ඥාතීන් එනතුරු දහස් ගණනක් දෙනා බේරුවල, මරදාන හා කච්චිමලේ ධීවරවරාය අසලට රැස්ව මුහුද දෙස බලා සිටිති.

How Air Force rescued fishermen??

ධීවරයින් බේරාගත් ගුවන් මෙහෙයුම


මුහුද රළු වීම නිසා විපතට පත් ධීවරයින් බේරා ගැනීමට බේරුවල හා ගාළු මුවදොර මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක් දියත් කළේය.

දිය වැල් වලට හා දැවන්ත මුහුදු රැලි වලට හසු වී ගසා ගෙන ගොස් සිටි පිරිස් ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවෝ බේරාගත්හ.

Why Students commit Suicide...?

සිසු සිසුවියන් දිවි හානිකරගැනීමේ හේතුව ජනපති පහදයි



සදාචාර සම්පන්න විනය ගරුක පරපුරක් පොත පත ඇසුරින් පමණක් බිහිකළ නොහැකි බවත්, සුළු ගැටළුවකට පවා සියදිවි හානිකරගැනීමට උත්සාහ දරන තත්ත්වයකට ඇතැම් දරුවන් පත්ව සිටින්නේ ඔවුන් බාහිර ක‍්‍රියාකරකම් කෙරෙහි යොමු නොවීම හේතුවෙන් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කරනු ලැබුවේ, කළුතර බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරීමේ පැවති උත්සවයක් අමතමිනි.

ඕනෑම අභියෝගයක් දිනාගත හැකි විනයගරුක අනාගත පරපුරක් ගොඩනැංවීම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අනාගතයේදී කාන්තාව සතු වගකීම් තවදුරටත් ඉහළ යන බවත්, එම නිසා වර්තමානයේ පාසල් දැරියන් ඒ සඳහා සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

දරුවන්ගේ අධ්‍යාපනය සේම ක‍්‍රීඩා සහ කලා කෞශල්‍යයන්ද ඉහළ නැංවිය යුතු බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

Amarasiri Peiris in Austඑරalian Judjement...

අමරසිරි පීරිස් ඕස්ට්‍රේලියාවේදී නඩුවක පැටලෙයි !


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ගිය ප්‍රවීන ගායක අමරසිරි පීරිස් මහතාට නඩුවක් කීමට සිදුවීමේ පුවතක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

ඔහුට එසේ නඩු කීමට සිදුව ඇත්තේ අදාල ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට ව්‍යාපාරිකයෙකු හා පිරිසක් විරුද්ධත්වය දැක්වීම නිසාය.

එම ප්‍රසංගය පසුගිය ජුනි 01 වැනිදා මෙල්බර්න් හි පැවැත්වීමට නියමිතව තිබියදී මෙම විරෝධය මතුව තිබේ.

කෙසේවුවද මේ ප්‍රසංගය සංවිධානය කිරීම සිදු කළ ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිපුන් මනොරි හා ගුරු ජානක යන දෙදෙනා පසුව අධිකරණ නියෝගයක් ලබා ගනිමින් අදාල ප්‍රසංගය එදින පවත්වා තිබේ.

ඒ සදහා 800 ක පමණ පිරිසක් සහභාගි වූ බවද පැවසේ.

මෙම ප්‍රසංගයට සංගීතය සැපයූ නාලක අංජන කුමාරට අදාල ව්‍යාපාරිකයාගෙන් මරණ තර්ජන පවා එල්ලවූ බවද පැවසේ.

Sirasa Super Star is Dasun...

කෝටියක් වටිනා සුපර් ස්ටාර් කිරුළ දසුන්ට


ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සුපිරි තරු රැසක් දායාද කළ සිරස සුපර් ස්ටාර් පස්වන අදියරේ අවසන් මහ තරඟය ඊයේ (08) රාත්‍රී පැවති අතර, එහිදී සිරස සුපර්ස්ටාර් සීසන් 5 රියැලටි තරගයේ ජයග‍්‍රාහකයා ලෙස දසුන් මධුෂාන් ජයග‍්‍රහණය කරණ ලදී.

අවසන් තරගය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ දී පැවැත්විණ.

දසුන් මධුෂාන් දිනාගනු ලැබුවේ රියැලටි වැඩ සටහන් ඉතිහාසයේ විශාලතම මුදල් ත්‍යාගයයි. මෙවර සිරස සුපර්ස්ටාර් ජයග‍්‍රාහකයා සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලදී .

රසින්ත ගයාන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රසින්තට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් සහ තවත් ත්‍යාග හිමිවිය.

සිරස සුපර්ස්ටාර් ප‍්‍රථමයාට කෝටියක මුදලක් ලබාදෙද්දී දෙවැනි ජයග‍්‍රාහකයාට ලක්‍ෂ 5ක් ලබා දීම කිරුළ හිමි සහ කිරුළ ආසන්න යට පැමැනි දෙදෙනා අතර විශාල පරතරයක් ගොඩ නගා ඇති බවක් පැහැදිලිවම දැක ගන්නට ලැබිණ.

Bad weather is not end...


අදත් වැසි හා සුළං - මුහුදු යාම අවදානම්

අදත් වැසි හා සුළං - මුහුදු යාම අවදානම්

අදත් (09) දිවයිනේ ධීවර කටයුතුවල නිරතවීම සුදුසු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම, කොළඹ ගාල්ල සහ පොතුවිල් මුහුදු ප්‍රදේශවල මෙන්ම යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි ඇති විය හැකිය.

දිවයිනේ නිරිත දෙසින් ඇති වන තරමක තද සුළං ඇතැම් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් අඩු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු අතුරුදන්ව තිබේ.

තුවාල ලැබූවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 7.30 පමණ වන විට පවුල් 318 කට අයත් පුද්ගලයන් 1180 දෙනෙකු පමණ විපතට පත්ව ඇත.

නිවාස 60ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කැනියොන්, මාවුස්සාකැලේ, ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුරට ලක් වූ බෝට්ටුවල සිටි ධීවරයින් සොයා අද දිනයේ ද නාවික හා ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

High Voltage Power Supply system is re- connected


දැඩි සුළගින් හානියට පත් විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව  ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ බස්නාහිර දකුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයවිලාල් මීගොඩ මහතා සදහන් කළේ, බිදවැටී
තිබූ අධි වෝලටීය  විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව ය.

Thursday, June 6, 2013

CID questions DIG Vass Gunawardene

පොලිසියේ තුනක් අත්අඩංගුවට
බම්බලිපිටි ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා
වාස්ගෙන් ඝාතනයක් ගැන ප්‍රශ්න කරයි .......................

බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මෙම පරීක්ෂණය රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක බවද පැවසේ.
බම්බලපිටිය ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශයක් මත උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

Wednesday, June 5, 2013

Ethanol suspects released – Customs blamed .....................

අරක්කු හදන්න හොරෙන් එතනෝල් රැගෙන ආ චූදිතයා නිදහස් ......
රේගුවට චෝදනා
.........

නීති විරෝධීව මෙරටට එතනෝල් ගෙන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ඔහුගේ පියාගේ තෙමස් දානමය පින්කමට සහභාගි වීම සඳහා යෑමට නඩුවෙන් නිදහස් කරනවාට විරෝධතාවක් නැතැයි රේගුව කළ දැනුම්දීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රේගු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි දොරදර්ෂණයට ලක් කරමින් සැකකරු (4දා) නිදහස් කෙළේය.
Target-news - - අරක්කු හදන්න හොරෙන් එතනෝල් රැගෙන ආ චූදිතයා නිදහස් .........                                      
-------------------රේගුවට චෝදනා
Ethanol suspects released – Customs blamed .....................                                             

නීති විරෝධීව මෙරටට එතනෝල් ගෙන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ඔහුගේ පියාගේ තෙමස් දානමය පින්කමට සහභාගි වීම සඳහා යෑමට නඩුවෙන් නිදහස් කරනවාට විරෝධතාවක් නැතැයි රේගුව කළ දැනුම්දීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රේගු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි දොරදර්ෂණයට ලක් කරමින් සැකකරු  (4දා) නිදහස් කෙළේය.
 
 
සමාන චෝදනා ඇති නඩුවලදී එක් එක් ආකාරයෙන් කටයුතු කරන්න ගියොත් අධිකරණයේ විශ්වාසය නැති වෙනවා. ශ්‍රී ලංකා රේගුව කියන්නේ මේ රටේ ප්‍රධානතම ආදායම් ලබන රාජ්‍ය ආයතනයක්. මේ නඩුවේ සැකකරු මුල් අවස්ථාවේදී නිදහස් කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ කියා රේගුව ලිඛිතව සහ වාචිකව කරුණු ඉදිරිපත් කළා. අද රේගු නිලධාරීන් කියන්නේ සැකකරු නිදහස් කළ හැකි බවයි.
 
එක පාරටම රේගු නිලධාරීන් වෙනස් වුණේ ඇයි? සමහර පුද්ගලයන්ට එරෙහිව පරීක්‍ෂණ කටයුතු අවසන් කරන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහර පුද්ගලයන්ගේ පරීක්‍ෂණ කටයුතු කඩිනමින් අවසන් කරනවා. ඔවුන්ව නඩුවෙන් නිදහස් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ නඩුවේ විමර්ශන අවසන් නොමැතිව තිබියදී සැකකරු නිදහස් කරන ලෙස රේගුව ලිඛිතව හා වාචිකව කරුණු ඉදිරිපත් කරනවා. මෙවැනි ආකාරයෙන් කටයුතු කරන්නේ ඇයි දැයි විවෘත අධිකරණයේදී රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉතා වැදගත් මෙවැනි
පරීක්‍ෂණවලදී නිසි පරිදි කටයුතු කරන්නැයි රේගු මධ්‍යම විමර්ශන අංශයේ රේගු අධිකාරි පී. ඩබ්ලිව්. නානායක්කාර මහතා සහ රේගු අධිකාරි (නීති) එන්. ඩී. කේ. සෙනෙවිරත්න මහතා ඇතුළු රේගු නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කෙළේය.
 
නීති විරෝධීව මෙරටට එතනෝල් ලීටර් 65,100ක් ගෙන්වීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 20 වැනි දින අත්අඩංගුවට ගෙන ඊයේ (4දා) තෙක් රිමාන්ඩ් භාරයේ සිටි රංග දර්ශන සමරක්කොඩි නමැත්තා නිදහස් කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එසේ ප්‍රකාශ කෙළේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රේගු නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුගේ සහෝදරයා වන රුවන් වීරක්කොඩි නමැති අය පෙරේදා (3දා) දින ලිඛිතව ඉල්ලීමක් කරමින් තම පියාගේ තෙමස් පූර්ණ දානමය පින්කමට පෙර සැකකරු නිදහස් කරදෙන මෙන් ඉල්ලීමක් කර තිබූ බව අධිකරණයට දන්වා සිටියේය.
 
ඒ අනුව සැකකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව රේගු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. සැකකරු වෙනුවෙන් නීතිඥ තිවංක ඒකරත්න මහතා සමඟ පෙනී සිටි නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් රේගු නිලධාරීන් විසින්ම ඉදිරිපත් කළ වාර්තාවෙන් සැකකරු නිදහස් කිරීමට විරුද්ධතාවක් නොමැති බව දන්වා සිටීම නිසා සැකකරු නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරු නිදහස් කිරීමට තීරණය කළ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රේගු පරීක්‍ෂණවලට අවශ්‍ය වුණොත් පෙනී සිටින ලෙස සැකකරුට අවවාද කෙළේය.

Colombo Additional Magistrate, Chandima Liyanage, yesterday(04) released a suspect, who was charged with importing a consignment of the chemical 'ethanol' to Sri Lanka, taking into account the recommendation made by the Sri Lanka Customs, but reprimanded the Customs officials that their questionable conduct in the case could place the credibility of the Judiciary in peril.

The Magistrate reprimanded the Customs officials after they sought the release of the suspect, in order to allow him to attend an alms giving to bless his father – making a U turn from their previously stated position the Court does not have the authority to release a suspect until the related investigations are over.

"Sri Lanka Customs is an institution that generates a good revenue. The Customs Department earlier made submissions, both written and verbal, stating the Court has no powers to release the suspect," the Magistrate noted.

"Now, the Customs Department has changed its stance and has requested the Court to release the suspect saying he has to attend an alms giving. Why did the Customs change its decision?" the Magistrate questioned.

The Magistrate also noted, on some instances, Customs investigations turn out to be time-consuming, while on other occasions they are unbelievably fast.
"I am surprised why the Customs is recommending the release of the suspect, although the investigations against him are not yet over. Why do you act in this irresponsible manner?" the Magistrate questioned, reprimanding P.W. Nanayakkara, Customs Superintendent (Customs Central Investigation Unit) and N.D.K. Senevirathne, Customs Superintendent (Legal Department).

Suspect Ranga Dharshana Samarakkody had been held in remand since 20 March, for allegedly importing 65,100 litres of ethanol illegally.
Customs officers, on their submission noted, the brother of the suspect, one Ruwan Weerakkody, had made a written request on 3 June seeking the release of the suspect in order to enable him to attend his father's alms giving.

The Customs officers also informed the Court they had no objection to the release of the suspect.
Lawyers, Nalinda Indratissa and Thivanka Ekarathna, appearing for the suspect requested the Court the suspect be released as the Customs officers had not objected to his release.
The Magistrate, while releasing the suspect, ordered him to appear before the Court should the Customs want him for further reinvestigations.

-Anura S. Liyanage Target-news -Wednesday June 5th 2013

EKNALIGODA IS IN FRANCE WITH HIS WIFE - ARUNDIKA FERNANDO

අතුරුදහන් වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ----------

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ප‍්‍රංශයේ සිටින බව පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියා.

පසුගිය 2010 ජනාධිපතිවරණයේ දෙසැම්බර් මාසයේ අවසන සතියේ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වුණා.මාධ්‍යවේදී ප‍්‍රංශයේ ජිවත් වන තමන් සහ ප‍්‍රංශයේ ජිවත් වන සියළු ශ‍්‍රී ලංකීකයින් දන්නා බවත් අරුන්දික මන්ත‍්‍රිවරයා කියා සිටියා.


Target-news - අතුරුදහන් වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ                                                        
-------------------EKNALIGODA IS IN FRANCE WITH HIS WIFE - ARUNDIKA FERNANDO


අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ප‍්‍රංශයේ සිටින බව පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියා.

පසුගිය 2010 ජනාධිපතිවරණයේ දෙසැම්බර් මාසයේ අවසන සතියේ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වුණා.මාධ්‍යවේදී ප‍්‍රංශයේ ජිවත් වන තමන් සහ ප‍්‍රංශයේ ජිවත් වන සියළු ශ‍්‍රී ලංකීකයින් දන්නා බවත් අරුන්දික මන්ත‍්‍රිවරයා කියා සිටියා.                                                 

UPFA MP for the Puttalam District, Arundika Fernando stated in parliament that missing journalist Pradeep Eknaligoda was currently living with his wife in France.
 
Responding to the opposition MPs who questioned the government regarding the media and Eknaligoda the UPFA MP stated that the Lankans in France were also aware that Eknaligoda was living there.                                                                       

Anura S. Liyanage Target-news-Wednesday June 5th 2013)-5:15PM

Illegally imported cigarettes seized .................


කෝටි 15 ක සිගරට් රේගුවේ සිරවේ

ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස ගෙන එන ලද රුපියල් මිලියන 115 ක් වටිනා කමකින් යුත් දුම්වැටි ‍තොගයක් අද (05දා) ඔරුගොඩවත්ත රේගු අධ්‍යක්ෂ අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා ඇතුළු රේගු නිලධාරින් දුම්වැටි තොගය පරික්ෂාවට ලක් කරන අයුරු.


Target-news - Illegally imported cigarettes seized   .................                                                                             
------------------ කෝටි 15 ක සිගරට් රේගුවේ සිරවේ                                                      

ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස ගෙන එන ලද රුපියල් මිලියන 115 ක් වටිනා කමකින් යුත් දුම්වැටි ‍තොගයක් අද (05දා) ඔරුගොඩවත්ත රේගු අධ්‍යක්ෂ අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා ඇතුළු රේගු නිලධාරින් දුම්වැටි තොගය පරික්ෂාවට ලක් කරන අයුරු.

The Customs Revenue Task Force (RTF) seized illegally imported cigarettes worth more than Rs.100 million during the last few weeks. The inspections were made by teams under the direction of the Director of Customs.                                                   

Anura S. Liyanage Target-news -2013 ජූනි මස 05

'Ravana Balaya' wants beer ad banned SRI LANKA TO SUE AD FIRM OVER BEER COMMERCIAL

රාවණා බලය ජපාන තානාපති කාර්යාලයට.......................................

රාවණා බලය සංවිධානය අද පෙරවරුවේ කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා. ඒ, සීගිරිය පසුතලයක් ලෙස යොදා ගනිමින් ජපාන මත්පැන් නිෂ්පාදන සමාගමක් නිෂ්පාදනය කර ඇති වෙළඳ දැන්වීමක් එරට සහ අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය කිරීම වහා නවතා දමන ලෙස ඉල්ලමින්. රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් එහිදී කියා සිටියේ මෙම වෙළඳ දැන්වීම ප‍්‍රචාරය කිරීම නවතා දැමීමට ජපාන තානාපති කාර්යාලය මැදිහත් විය යුතු බවයි. මෙම චෝදනාව පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම වෙළඳ දැන්වීම ප‍්‍රචාරය කිරීමේදී අදාළ ජපාන සමාගම ඔවුන්ට පනවා තිබූ කොන්දේසි කඩකර ඇති බවයි.

Monday, June 3, 2013

People in Dematagoda against to the Police...

අත්අඩංගුවට ගත් සැකකරු මිය යයි -දෙමටගොඩ උණුසුම්..........
සැකකරු මිය ගියේ පහරදීමකින් නොවේ - දෙමටගොඩ පොලීසිය ......


(02දා) රාත්‍රියේ දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාම නිසා දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට කිසියම් නොසන්සුන්තාවක් අද (03දා) සවස පැවතිණ. දෙමටගොඩ වැසියන් පවසන්නේ පොලීසිය විසින් කළ පහරදීමකදී පුද්ගලයා මිය ගිය බවයි. එහෙත් දෙමටගොඩ පොලිසිය පවන්නේ අත්අඩංගුවට ගත් සැකකරුට පහර නොදුන් බවත් අද අළුයම් කාලයේ ඔහු හදීසියේම රෝගාතුරවූ බවත්ය. අනතුරුව පොලීසිය විසින් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කීරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සදහන් කරයි.
දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු අසනීප තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයාගේ මරණය සැල වු වහාම දෙමටගොඩ පොලිස් ස්ථානය අසල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. පොලිසිය අසල රැස් වු ප‍්‍රදේශවාසින් පවසා සිටින්නේ පොලිස් පහර දීම් හේතුවෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරික්‍ෂණයෙදී මෙම පුද්ගලයා හෘදයා බාධයකින් මිය ගොස් ඇති බව යි


Target-news - අත්අඩංගුවට ගත් සැකකරු මිය යයි -දෙමටගොඩ උණුසුම්                                                       -----------------සැකකරු මිය ගියේ පහරදීමකින් නොවේ - දෙමටගොඩ පොලීසිය ......


 (02දා)  රාත්‍රියේ දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාම නිසා දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට කිසියම් නොසන්සුන්තාවක් අද (03දා) සවස පැවතිණ. දෙමටගොඩ වැසියන් පවසන්නේ පොලීසිය විසින් කළ පහරදීමකදී පුද්ගලයා මිය ගිය බවයි. එහෙත් දෙමටගොඩ පොලිසිය පවන්නේ අත්අඩංගුවට ගත්  සැකකරුට පහර නොදුන් බවත් අද අළුයම් කාලයේ ඔහු හදීසියේම රෝගාතුරවූ බවත්ය. අනතුරුව පොලීසිය විසින් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කීරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සදහන් කරයි.                                                                                                                             
දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු අසනීප තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයාගේ මරණය සැල වු වහාම දෙමටගොඩ පොලිස් ස්ථානය අසල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. පොලිසිය අසල රැස් වු ප‍්‍රදේශවාසින් පවසා සිටින්නේ පොලිස් පහර දීම් හේතුවෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරික්‍ෂණයෙදී මෙම පුද්ගලයා හෘදයා බාධයකින් මිය ගොස් ඇති බව 


Anura S. Liyanage Target-news - 2013 ජුනි 03  05:58 p.m

Sunday, June 2, 2013

Nisal of Mouse is the Best Actor of SAARC Film Festival

සාර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා 'මවුස්' හි තිසල්


සාර්ක්‌ රටවල සංස්‌කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව පසුගිය මස 26වන දින අරඹන ලද සාර්ක්‌ සිනමා උළෙලෙහි සම්මාන ප‍්‍රදානය පසුගිය මස 31 වන දින පවත්වන ලද අතර, එහිදී හොඳම නළුවා ලෙස තිසල් මොරගොඩ සම්මාන යට පාත‍්‍රවිය. පකිස්තාන් රංගන ශිල්පිණී ආමිනා ෂෙයික් හොඳම නිළිය ලෙස සම්මාන ලබා ගත්තාය.

මේ සිනමා උළෙල සඳහා චිත්‍රපට තෝරා ගැනෙනුයේ දකුණු ආසියානු රටවලිනි. මෙවර උළෙල සඳහා වාර්තා චිත්‍රපට හයක්‌ සහ වෘත්තාන්ත චිත්‍රපට දහයක්‌ තෝරාගෙන තිබිණි.

තරගය සඳහා බංගලාදේශයේ 'ලෝක්‌නායක්‌ කන්ගල් හර්නාත් ඇන්ඩ් අල් බදාර්',භූතානයේ 'ටාසි ඇන්ඩ් සක්‌ටෙන්ග් ඇන්ඩ් කොස්‌ට්‌ ඔෆ් ද කල්යිමේට් චේන්ජ්', නේපාලයේ 'වේත් අප් ඇන්ඩ් කාගා', පකිස්‌තානයේ 'ද ස්‌ටෝරි ඔෆ් ද ලිවිංග් සේන්ට්‌' සහ 'බයිත් රයිඩ් ඔෆ් රොම් අස්‌ ටු පකිස්‌තාන්',ශ්‍රී ලංකාවේ 'බ්ලඩ්' සහ'සිලෝන් ටී'යන වාර්තා චිත්‍රපටඉදිරිපත් කර තිබුණි.

උළෙල නියෝජනය කළ ජූරියේ සාමාජිකයන් වූයේ, සිංගප්පූරුවේ ප්‍රවීණ සිනමා විචාරකයකු වන පිලිප් ෂා, රුසියාවේ සිනමාකරුවකු වන ඇලෙක්‌සැන්ඩර් වොල්කොව් සහ ඉරානයේ සම්මානනීය සිනමාකරුවකු වන අබ්බාස්‌ මෙවර සාර්ක්‌ සිනමා උළෙලේ වූහ.

තරගයට ඉදිරිපත් කරණ ලද චිත්‍රපට අතුරින් හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස ඉන්දියානු චිත‍්‍රපටයක් වූ 'පාන් සින්ග් ටෝමාර්' චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍රවිය. හොඳම වාර්තා චිත්‍රපටය සඳහා සම්මාන ලැබූවේ 'කොස්ට් ඔෆ් කල්යිමේට් ජේන්ජ්' වාර්ථා චිත‍්‍රපටයයි.

ඊට අමතරව ජූරියේ විශේෂ සම්මානය ඉන්දියාණු සිනමා අධ්‍යක්‍ෂ කෞෂල් ඕෂා ට හිමි වූ අතර, හොඳම චිත්‍රපටය රිදී සම්මානය පකිස්තානය ඉදිරිපත් 'සීඩින්ග්' චිත‍්‍රපටයටද ,ලෝකඩ සම්මානය වසන්ත මොරගොඩ විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද 'මවුස්' චිත‍්‍රපටයට ද හිමිවිය හොඳම අධ්‍යක්‍ෂවරයා වූයේ ඉන්දියාණු සිනමා අධ්‍යක්‍ෂ ටිග් මන්සු ඩූලියායි.

සාක් සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ තෙවැනි වරටය.
සාර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා 'මවුස්' හි තිසල් 
Published on Sunday, 02 June 2013 08:22 

සාර්ක්‌ රටවල සංස්‌කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව පසුගිය මස 26වන දින අරඹන ලද සාර්ක්‌ සිනමා උළෙලෙහි සම්මාන ප‍්‍රදානය පසුගිය මස 31 වන දින පවත්වන ලද අතර, එහිදී හොඳම නළුවා ලෙස තිසල් මොරගොඩ සම්මාන යට පාත‍්‍රවිය. පකිස්තාන් රංගන ශිල්පිණී ආමිනා ෂෙයික් හොඳම නිළිය ලෙස සම්මාන ලබා ගත්තාය.

මේ සිනමා උළෙල සඳහා චිත්‍රපට තෝරා ගැනෙනුයේ දකුණු ආසියානු රටවලිනි. මෙවර උළෙල සඳහා වාර්තා චිත්‍රපට හයක්‌ සහ වෘත්තාන්ත චිත්‍රපට දහයක්‌ තෝරාගෙන තිබිණි.
 
තරගය සඳහා බංගලාදේශයේ 'ලෝක්‌නායක්‌ කන්ගල් හර්නාත් ඇන්ඩ් අල් බදාර්',භූතානයේ 'ටාසි ඇන්ඩ් සක්‌ටෙන්ග් ඇන්ඩ් කොස්‌ට්‌ ඔෆ් ද කල්යිමේට් චේන්ජ්', නේපාලයේ 'වේත් අප් ඇන්ඩ් කාගා', පකිස්‌තානයේ 'ද ස්‌ටෝරි ඔෆ් ද ලිවිංග් සේන්ට්‌' සහ 'බයිත් රයිඩ් ඔෆ් රොම් අස්‌ ටු පකිස්‌තාන්',ශ්‍රී ලංකාවේ 'බ්ලඩ්' සහ'සිලෝන් ටී'යන වාර්තා චිත්‍රපටඉදිරිපත් කර තිබුණි.
 
උළෙල නියෝජනය කළ ජූරියේ සාමාජිකයන් වූයේ, සිංගප්පූරුවේ ප්‍රවීණ සිනමා විචාරකයකු වන පිලිප් ෂා, රුසියාවේ සිනමාකරුවකු වන ඇලෙක්‌සැන්ඩර් වොල්කොව් සහ ඉරානයේ සම්මානනීය සිනමාකරුවකු වන අබ්බාස්‌ මෙවර සාර්ක්‌ සිනමා උළෙලේ වූහ.
 
තරගයට ඉදිරිපත් කරණ ලද චිත්‍රපට අතුරින් හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස ඉන්දියානු චිත‍්‍රපටයක් වූ 'පාන් සින්ග් ටෝමාර්' චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍රවිය. හොඳම වාර්තා චිත්‍රපටය සඳහා සම්මාන ලැබූවේ 'කොස්ට් ඔෆ් කල්යිමේට් ජේන්ජ්' වාර්ථා චිත‍්‍රපටයයි.
 
ඊට අමතරව ජූරියේ විශේෂ සම්මානය ඉන්දියාණු සිනමා අධ්‍යක්‍ෂ කෞෂල් ඕෂා ට හිමි වූ අතර, හොඳම චිත්‍රපටය රිදී සම්මානය පකිස්තානය ඉදිරිපත් 'සීඩින්ග්' චිත‍්‍රපටයටද ,ලෝකඩ සම්මානය වසන්ත මොරගොඩ විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද 'මවුස්' චිත‍්‍රපටයට ද හිමිවිය හොඳම අධ්‍යක්‍ෂවරයා වූයේ ඉන්දියාණු සිනමා අධ්‍යක්‍ෂ ටිග් මන්සු ඩූලියායි.
 
සාක් සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ තෙවැනි වරටය.