Tuesday, February 26, 2013

පෙම පිළිනොගත් කිඹුලාපිටියේ සිසුවිය ඝාතනය මාස තුනක සැලසුමක්‌



මීගමුව කිඹුලාපිටිය අස්‌වැද්දුම ළිඳ ප්‍රදේශයේ නිවසක්‌ තුළදී 17 හැවිරිදි සුරූපී යුවතියකට 23 වැනිදා පිහියකින් ඇන සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සජිත් මදුශංක (22) නමැති සැකකරු එම ඝාතනය සිදු කිරීමේ සිද්ධියට මාස දෙකකට පමණ පෙර සිට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය උල්පිහිය 2012 දෙසැම්බර් මස මිලදී ගෙන ඇති බවත් මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Friday, February 22, 2013

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඝාතන තැතක් ගැන විමර්ශණ

ඝාතනය කරන ලද ජනාධිපති උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය මරා දැමීමට කුමන්ත‍්‍රණයක් කලේ යයි සති අත්න පුවත්පතක පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඇය විසින් කර ඇති පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරන බවට කොළඹ අපරාධ කොට්ඨාස නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

තමා මරා දැමීමට කුමන්ත‍්‍රණයක් කර ඇති බවට පසුගිය වසරේ (2012) අපේ‍්‍රල් මස 22 වැනි දා සති අන්ත පුවත්පතක ප‍්‍රධාන ශීර්ෂය යටතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් මිතුරකු මඟින් දැන ගැනීමට හැකි වූ බවත්
පසු ව ඒ ගැන එම පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයාගෙන් විමසූ බවත් ඒ අවස්ථාවේ දී එම ප‍්‍රවෘත්තිය ගැන තොරතුරු දැන ගැනීමට ප‍්‍රධාන කාර්යාලයට කැඳවූ බවත් පසුව එම කාර්යාලයට ගිය අවස්ථාවේ දී ප‍්‍රවෘත්ති කර්තෘවරයා මුණ ගැසුණු බවත් ඒ මහතාගෙන් එම පුවත ගැන විමසූ විට තමාට බැහැර කිරීමට නො හැකි කරුණු සහිත තොරතුරු ලැබුණ බව ඔහු පැවසූ බවත් පැමිණිලිකාරිය කියා තිබිණි.

එම වසරේ අපේ‍්‍රල් මස 15 වැනිදා පුද්ගලයන් පිරිසක් අවන්හලක මත්පැන් පානය කරමින් සිටිය දී එම කතාබහ ඇති වී ඇති බව පොලිසියට ප‍්‍රකාශ කර තිබිණි.

බාලචන්ද්‍රන් ගැන මට වාර්තා වුණේ නෑ..... -සරත් ෆොන්සේකා..




 ප‍්‍රභාකරන්ගේ බාල පුතා මා හමුදාපතිව සිටි කාලයේ හමුදාව ඝාතනය කළේ නෑ
ප‍්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ගැන ෆොන්සේකා කියයි

බි‍්‍රතාන්‍ය ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් ඉදිරිපත් කර ඇති ඡයාරූප පිළිබඳ තමන්ට සැකයක් පවතින බවත් තමන් හමුදාපති තනතුරෙහි සිටිය දී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාව විසින් ඝාතනය නො කෙරුණු බවත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ 2009 වසරේ මැයි 17, 18, 19 තෙදින තුළ යුදමය තත්ත්වය හේතුවෙන් ත‍්‍රස්තවාදීන් 400කගේ මළ සිරුරු යුද හමුදාව විසින් සොයාගත් බවත් එහි තිබී එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඔහුගේ වැඩිමහල් පුතාගේ මළ සිරුරු හඳුනාගනු ලැබූ බවත් ය.

යුද්ධය පැවැති වකවානුවේ දී බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ නම් අද වන විතේ ඔහු ජීව්ත් වන බව ද හෙතෙම සඳහන් කළේ ය. නමුත් බාලචන්ද්‍රන් යැයි සැලකෙන කිසිදු පුද්ගලයකු තමන් අණ දුන් යුද හමුදාවේ කිසිදු නිලධාරියෙකු විසින් ජීව්තුන් අතර සිටිය දී හෝ මළ සිරුරක් හෝ සොයා ගත් බවට කිසිදු වාර්තාවක් නොමැති බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර ද බාලචන්ද්‍රන්ගේ යැයි පවසමින් වෙඩි වැදී මියගිය සිරුරක ඡයාරූපයක් මාධ්‍ය හරහා ජනතාව අතරට ගිය බවත් ඒ ඡුායාරූප පවා බාලචන්ද්‍රන්ගේ ඡයාරූප දැයි තමන්ට සැකයක් පවතින බවත් හෙතෙම පැවැසීය.

මේ කාරණාව පිළිබඳ ඉදිරියේ දී පරීක්ෂණ සඳහා මුහුණ දීමට සිදු වුවහොත් තමන්ට යුද හමුදාපති ලෙස කටයුතුකළ කාලයේ සිදු වූ ඕනෑම කාරණාවක් පිළිබඳ නීත්‍යානුකූලව හා අපක්ෂපාතීව පවත්වන ඕනෑ ම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය.

Like · ·

දික්‌කසාදය ගන්න ගිය ගයාන්ට බිරිඳගෙන් ගුටි වරුසාවක්..

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදවූ රොෂාන් හා චතුරිකාගේ විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි.

ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමෙනි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා.
පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.

ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව එම පැමිණිල්ල දික්කසාද නඩුවකින් අවසාන වූ අතර පසුගියදා ගයාන් මහර කඩවත දිසා අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු කටයුතු සදහා සහභාගී වීමටයි. නමුත් අධිකරණ භූමියේදී නොසිතු අයුරින් සිය බිරිඳ වන මහේෂිගේ ප්‍රහාරයකට මුහුණපෑමට ගයාන්ට සිදුවී තිබෙනවා.

අධිකරණයට පැමිණි ගයාන් වෙත මහේෂි විසින් අතින් පයින් කුඩයකින් හා සෙරෙප්පු වලින් නොනැවතී පහර එල්ලකොට තිබෙනවා. ටික වේලාවක් පවතී මෙම ගුටි කෙලිය අධිකාරයේ සිටි බොහෝ පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.

ඉඳුරුව හෝටලයක බුදු පිළිම වැසිකිළියේ... ----------ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා...

කොස්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ ඉඳුරුව පිහිටි සංචාරක නිකේතනයක බුද්ධ ප‍්‍රතිමා අපහාසාත්මක ලෙස යොදා තිබීම හේතුවෙන් එහි හිමිකරුවන් වූ ජර්මානු ජාතික යුවල සහ සේවකයන් සිවු දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල රාවය සංවිධානය විසින් කරන ලද සෝදිසි කිරීමකදී මෙම තොරතුරු හෙළිව ඇති අතර හෝටලය පුරා නොගැලපෙන තැන්වල බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා තබා තිබී ඇත.

හොටලයේ පිහිනුම් තටාකය අසල බුද්ධ ප‍්‍රතිමා කිහිප නමක් තබා තිබි ඇත්තේ තටාකයේ උපකරණ තැබිය හැකි අයුරිණි. තවද වැසිකිලි කොමඞ් එකකද බුද්ධ ප‍්‍රතිමාවක් තබා තිබියදී හසු වී තිබේ.
මෙසේ හමුවී ඇති ශෛලමය බුද්ධ ප‍්‍රතිමා ගණන 15කට වඩා වැඩි අතර ඓතිහාසික වටිනාකමක් සහිත යයි සැක කල හැකි ලී ප‍්‍රතිමා අටක්ද සොයාගෙන තිබේ.

Wednesday, February 20, 2013

උපුල් ජයසූරිය නීතීඥ සංගම් සභාපති

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස නීතිවේදී උපුල් ජයසූරිය මහතා වැඩි ඡන්ද 1141කින් තේරී පත්විය.
උපුල් ජයසූරිය ඡන්ද 1471යි.
ටිරන්ත වරලියද්ද 330යි.
ආර් ආර් එස් තංගරාජා 77යි.


Sunday, February 17, 2013

ප්‍රසන්න විතානගේට සිනමා සම්මානයක්




ප්‍රංශයේ වෙසොල්හි පැවැති 19 වැනි ආසියා චිත්‍රපට උළෙලේදී ප්‍රසන්න විතානගේට ‘‘ඔබ නැතිව ඔබ එක්ක‘‘ සිනමා පටයට හොඳම අධ්‍යක්ෂණය සඳහා වන ‘‘සෛක්ලො ඩි ඔර්‘‘ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනමමින් ආසියා සිනමා උළෙලේ සහාකර අධ්‍යක්ෂ මර්ටිනේර් ජෝන් මාර්ක මහතා කීවේ ප්‍රසන්න විතානගේගේ දක්ෂතාවන් ඉතා අගය කොට සලකන බවයි. මෙම සම්මානය දිනාගැනීමෙන් ප්‍රසන්න ලබන්නා වූ සතුට තමන්ද ලබන බව ඔහු කීවේය.

උතුරේ මව්වුරු රනිල්ට දුක කියති

උතුරේ යුද්දය පැවැති සමයේ අතුරුදහන් වූ බව කියන 3000ක ගේ මව්පියෝ කිලිනොච්චියේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. එහිදී එක් කාන්තාවක විපක්ෂ නායකවරයාට වැඳ වැටී තම දුක කීවාය.
රජය සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ද කරුණු කියන බවත් හැකි ඉක්මන් මේ සඳහා විසැදුමක් දෙන බව ප්‍රකාශ කළේය.
පොදු විපක්ෂයේ නායකයින්වන එම්.ඒ. සුමන්දිරන්, මවෙයි සේනාධිරාජා, මනෝගනේෂන්, අසාද් සාලි, සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාතරන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.

අතරමං වු විදේශිකයින් ගාල්ලට එයි - මිනිස් ජීවිත අනූ ගණනක් මුහුදට දැම්මාලු!

මඩකළපුව, සංගමන්කන්ද තුඩුවට කිලෝමීටර් 225ක් ඈතින් පිහිටි මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටියදී බේරාගත් විදේශිකයින් පිරිස මේවන විට ගාලු වරායට රැගෙනවිත් තිබේ.

විදේශීකයන් 38 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (16) දහවල් බේරාගන්නා ලදී.

ගාලු වරායෙන් පිටවගිය සාගර නෞකාවෙන් බෝට්ටුවක සිටි බව කියන එම විදේශිකයින් පිරිස බේරාගෙන ඇති අතර ඔවුන් මියන්මාර ජාතිකයින් බව ඔවුන්ගේ භාෂාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා ගැටලුවක් මතුව ඇති බවත් අප වාර්තාකරු කියයි.

මේ අතර භාෂාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා පසුව එම ස්ථානයට පැමිණි භික්ෂුවක් මියන්මාර ජාතිකයෙකුගෙන් තොරතුරු විමසා තිබේ.

මලයාසියාවට පලාගිය බවත් එහිදී පිරිස භාරගැනීම එරටින් ප්‍රතික්ෂේප කළ බවත් අතරමගදී යාත්‍රාව අනතුරට ලක්වී දින ගණනක් මුහුදේ පාවෙමින් සිටියදී ඔවුන් අතර සිටි‍ අයගෙන් හාමතේ මියැදුණු පුද්ගලයින් අනූගණනක් පමණ මුහුදට දැමූ බවත් ඔහු එහිදී පැවසු බව අප වාර්තාකරු කියයි.

Saturday, February 16, 2013

යෝගට්වල ස්ටේප්ලර් කටු



යෝගට් එකක තිබී අවුරුද්දක් වයසැති බිලිදියක කුස තුලට ගිය ස්ටෙප්ලර් කටු 03ක් මාතර රෝහලේදී සාර්ථකව ඉවත් කිරිමට මාතර රෝහලේ වෛද්‍යවරු සමත්වෙති.
හක්මන, දෙමටපිටිය,පාවුලවත්තේ පදිංචි හිනිදුම ආචාරිගේ තරුෂි නිම්සරා නම් වයස අවුරුද්දක දැරිය පසුගියදා යෝගට් එකක් ආහාරයට ගෙන ඇති අතර එම යෝගට් බදුනේ තිබී ස්ටේප්ලර් කටු හමුව තිබේ.

මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය කියා සිටියේ දඅරිය සම්බන්ධයෙන් සිදුකල එක්ස් කිරණ පරීක්ෂණයේදී බිලිදියගේ ශරීරය තුල ස්ටෙප්ලර් කටු 03ක් ඇතුළත්වී තිබෙන බව පැහැදිලිව දැකගත හැකිවූ බවත් විශේෂිත ඖෂධ මගින් එම කටු ඉවත් කිරිමට පියවර ගත් බවත්ය.

බිලිදියගේ මව වන යූ.ජි.රසිකා රංජීවනි (31) මහත්මිය මෙසේ පැවසුවාය.

“එක්වරම දරුවා අඩන්න ගත්තා.දරුවා යෝගට් කෑම නතර කර තිබූ නිසා ඉතිරි ටික මගේ අම්මා කන්න පටන්ගෙන තිබුණා.ඒ සමගම ස්ටෙප්ලර් කටු දෙකක් අම්මාගේ කටේ පැටලී ගියා.පසුව දරුවා අඩන්නේ ඇයිදැයි බලනවිට දරුවාගේ කටෙත් කටු 2ක් ඇනී ලේ ගලමින් තිබුණා.“

මේවා ප්‍රාද්ශීය නිෂ්පාදකයෙකු විසින් නිපදවන “නිම්සර“යෝගට් නම් යෝගට් වර්ගයක් බවත් එම නිෂ්පාදකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය සදහන් කරයි.

හක්මන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය හා හක්මන පොලීසියේ ස්ථානාධිපති චන්දන විජේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Target-news -යෝගට්වල ස්ටේප්ලර් කටු                                                                              

යෝගට් එකක තිබී අවුරුද්දක් වයසැති බිලිදියක කුස තුලට ගිය ස්ටෙප්ලර් කටු 03ක්  මාතර රෝහලේදී සාර්ථකව ඉවත් කිරිමට  මාතර රෝහලේ වෛද්‍යවරු සමත්වෙති.
හක්මන, දෙමටපිටිය,පාවුලවත්තේ පදිංචි හිනිදුම ආචාරිගේ තරුෂි නිම්සරා නම් වයස අවුරුද්දක දැරිය පසුගියදා යෝගට් එකක් ආහාරයට ගෙන ඇති අතර  එම යෝගට් බදුනේ තිබී  ස්ටේප්ලර් කටු හමුව තිබේ.

මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය කියා සිටියේ දඅරිය සම්බන්ධයෙන් සිදුකල එක්ස් කිරණ පරීක්ෂණයේදී බිලිදියගේ ශරීරය තුල ස්ටෙප්ලර් කටු 03ක් ඇතුළත්වී තිබෙන බව පැහැදිලිව දැකගත හැකිවූ බවත් විශේෂිත ඖෂධ මගින් එම කටු ඉවත් කිරිමට පියවර ගත් බවත්ය.

බිලිදියගේ මව වන යූ.ජි.රසිකා රංජීවනි (31) මහත්මිය මෙසේ පැවසුවාය.

“එක්වරම දරුවා අඩන්න ගත්තා.දරුවා යෝගට් කෑම නතර කර තිබූ නිසා ඉතිරි ටික මගේ අම්මා කන්න පටන්ගෙන තිබුණා.ඒ සමගම ස්ටෙප්ලර් කටු දෙකක් අම්මාගේ කටේ පැටලී ගියා.පසුව දරුවා අඩන්නේ ඇයිදැයි බලනවිට  දරුවාගේ කටෙත් කටු 2ක් ඇනී ලේ ගලමින් තිබුණා.“

මේවා ප්‍රාද්ශීය නිෂ්පාදකයෙකු විසින් නිපදවන “නිම්සර“යෝගට්  නම් යෝගට් වර්ගයක් බවත් එම  නිෂ්පාදකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්  පොලිසිය  සදහන් කරයි.

හක්මන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය හා හක්මන පොලීසියේ ස්ථානාධිපති චන්දන විජේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.                                                                     

Feb 16, 2013-Anura S. Liyanage Target-news

වැලන්ටයින් සාදයේදී කුමාර මාරයා හා යයි......... එකට කාබී නටා ඛේදාන්තයක්‌........

පෙම්වතුන්ගේ දිනය (වැලන්ටයින් දිනය) නිමිත්තෙන් කොළඹ කුරුඳුවත්තේ පිහිටි කැරෝකේ සමාජ ශාලාවක පැවැති සාදයකදී තරුණයන් දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමකින් පසු එක්‌ පාර්ශ්වයක තරුණයන් පිරිසක්‌ අනෙක්‌ පාර්ශ්වයේ තරුණයකුට පොලු මුගුරුවලින් පහරදී සාහසික අන්දමින් ඝාතනය කර ඇත.

(15 වැනිදා) අලුයම 4.00 ට පමණ කොළඹ කුරුඳුවත්ත තුම්මුල්ල ප්‍රදේශයේදී මෙම ගැටුම හටගෙන තිබේ. මෙහිදී ඝාතනයට ලක්‌වූයේ කුරුඳුවත්ත බාන්ස්‌වත්තේ පදිංචි 26 හැවිරිදි සුරේෂ් ජයකුමාර් නමැති තරුණයෙකි. මොහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරකු බව පොලිසිය පවසයි.

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කුරුඳුවත්ත ප්‍රදේශයේ කැරෝකේ සමාජ ශාලාවක විශාල සාදයක්‌ පැවතිණි. ඊට තරුණ තරුණියන් විශාල පිරිසක්‌ පැමිණ තිබේ.

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ තරුණයෝ පිරිසක්‌ සහ කුරුඳුවත්ත බාන්ස්‌ වත්ත ප්‍රදේශයේ තරුණයෝ පිරිසක්‌ද මෙම සාදයට පැමිණ සිටියහ.

සාදය පැවැති අවස්‌ථාවේ නර්තනයේ යෙදුණු බීමත් තරුණයන් දෙදෙනකු අතර බහින් බස්‌වීමක්‌ ඇති වී තිබේ. එම බහින්බස්‌වීම ගැටුමක්‌ දක්‌වා පසුව දුරදිග ගොස්‌ තිබිණි.

පසුව දෙපිරිස එම ගැටුම සමථයකට පත් කර ගත් අතර අලුයම 4.00 ට පමණ ඔවුන් සමාජ ශාලාවෙන් පිටතට පැමිණ ඇත.

එහිදී නැවතත් මෙම තරුණයන් දෙපිරිස අතර ගැටුම මතුවී මාළිගාවත්තේ සිට පැමිණි තරුණයන් බාන්ස්‌ වත්තේ තරුණයන්ට පොලු මුගුරුවලින් පහරදී තිබේ.

ප්‍රහාරයට ලක්‌වූ ජයකුමාර් තරුණයා කොල්ලුපිටිය පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ස්‌ථානයකදී ඝාතනයට ලක්‌ වූයේ ඒ අවස්‌ථාවේදීය.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ දැන් පරීක්‍ෂණ පවත්වයි.

කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ

අදත් ජනතාව ආදරය කරන 80 දශකයේ ජනප්‍රියතම නායකයා

අදින් හරියටම වසර 25කට පෙර අද වැනි දිනක මුළු ශ්‍රී ලංකාවම කම්පාවට පත් කරමින් මෙරට ජනතාවට ඉමහත් සේවාවක් ඉටුකළ, ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ සුවිශේෂි පුද්ගලයකු ම්ලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්ව අප අතරින් සඳහටම සමුගති.

ඒ අන් කවුරුවත් නොව, මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහනක් තැබුවා වූ, අප රටේ ජීවත්වන සියලුම ජාතීන්ට ආත්ම ගෞරවයක් ඇතිව ජීවත් විය හැකි නිදහස් සාධාරණ නව සමාජයක් ගොඩනැගීමෙහිලා මුළු ජීවිතයම කැප කළ, ජාතිවාදයටත්,ත්‍රස්තවාදයටත් එරෙහිව, එඩිතරව, නොබියව සටන් කළ ජනවාර්ගික ගැටළුවට සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට අපමණ වෙහෙසක් ගත්, සිංහල සිනමාවේ ජනපි‍්‍රයතම රංගන ශිල්පියා බවට පත්ව සිටි මානව හිතවාදි ඒ සුවිශේෂි පුද්ගලයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ම්ලේච්ඡ මිනී මරුවකුගේ වෙඩි පහරින් අප අතරින් සඳහටම සමුගත් 80 දශකයේ ජනප්‍රියතම දේශපාලන නායකයා වූ විජය කුමාරතුංගයාණන්ය.

අවුරුදු 30 ක් කාමරයේ සිර වී සිටි ඉබ්බා පණපිටින් හමුවේ


නිවාසයක හුරතලයට ඇති කරන ලද ඉබ්බෙක්‌ අගුළු දැමූ කාමරයක අතරමං වී සිට වසර තිහකට පසුව හමුවීමේ සිද්ධියක්‌ බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

0 නමින් හැඳින්වූ මෙම ඉබ්බා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ නිවසක සිටියදී 1982 දී අතුරුදන් විය.

එම නිවාසය අලුත්වැඩියා වෙමින් පැවැති අතර නිවාසය තැනූ කම්කරුවන් විසින් ඉදිරිපස ප්‍රධාන දොර, හැර තිබීම නිසා ඉබ්බා එතැනින් පලා යන්නට ඇතැයි සිතූ ගෙහිමියෝ බොහෝ මහන්සි වී ඌව සොයා බලා හමු නොවූ බැවින් සතා සෙවීමේ අදහස අත්හැර දැමූහ.

මෙම නිවාසයේ ගෘහ මූලික ලයනල් අල්මෙයිදා, පසුගියදා අභාවප්‍රාප්ත වීමෙන් පසු පවුලේ සාමාජිකයෝ නිවාසය පිරිසිදු කිරීමේදී දෙවැනි මහලයේ අගුළු දමා තිබූ ගබඩා කාමරයක්‌ විවෘත කොට එය පිරිසිදු කිරීම ඇරඹූහ. තම මියගිය පියා විසින් එහි එක පෙට්‌ටියක අබලන් වූ විදුලි භාණ්‌ඩ බහා එය ද අගුළු ලා තිබිණි.

මියගිය පියා වූ ලයනල්ගේ පුත්‍රයා වූ ලියන්ෙඩ්‍රාa විස්‌මයට පත්විය. අගුළු ලා තිබූ එම පෙට්‌ටිය විවෘත කර බැලූ විට මැනුවෙලා නම් වූ ඉබ්බා එහි තිබූ රැකෝඩ් ප්ලේයරයක්‌ තුළ ජීවමානව සිටිනු දුටුවේය.

"මේ පෙට්‌ටිය මා මහා මාර්ගයේ පදික වේදිකාවකට ගෙනැවිත් තිබ්බා. එසේ කළේ සුන්බුන් සහ අබලි ද්‍රව්‍ය රැස්‌ කරන අයට ගෙන යැම සඳහායි. එවිට අසල්වැසියෙක්‌ මට කීවා ඉබ්බාව ගෙනියන්න දෙන්න එපා කියලා. ඉබ්බාව දැකපු ගමන් මාව සුදුමැලි වුණා. මට එය විශ්වාස කළ නොහැකි දෙයක්‌ වුණා. කොටින්ම අදහාගන්න බැරි වුණා" යි ලියන්ෙඩ්‍රා බ්‍රසීලයේ ග්ලෝබෝ G.I. නමැති අන්තර්ජාලයට පැවැසීය.

ලයනල්ගේ දියණිය වූ ලෙනිටා පැවසුවේ තමාගේ ළමා කාලයේ සුරතල් සතකු වශයෙන් ඉබ්බාව තාත්තා විසින් දුන් බවය. සවිකරන්න පුළුවන් හැම දෙයක්‌ම තාත්තා ගෙදර ගෙනාවා. ඔහුට රූපවාහිනියක්‌ හමුවුණා නම් අනාගතයේදී තව එකකට සවිකරන්න එය රැගෙන එනවා. ඔහු ඒ වාගේ කොටස්‌ රැස්‌කරමින් සිටි අයෙක්‌. ඒ කාමරයට අපි කවදාවත් ගියේ නැහැ" යි කියාය.

"අපි සියලුදෙනාම පුදුම වුණා. මැනුවෙලා දැක්‌කට පස්‌සේ. අපට විශ්වාස කරන්න බැහැ මේ සතා අවුරුදු තිහක්‌ කොහොමද ජීවත් වුණේ කියලා."

රියෝ ද ජැනෙයිරෝ පශු වෛද්‍ය නිලධාරි ජෙපර්සන් පිරේස්‌ පැවසූයේ රතු පාට පාද ඇති මේ මැනුවෙලා නමින් හැඳින්වූ ඉදිබු වර්ගයට ආහාර නැතිව දීර්ඝ කාලයක්‌ ජීවත් විය හැකි බවය.

"මේ සත්තුන්ට පහසුවෙන් යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් වීමේ ශක්‌තිය තියෙනවා. වසර තුන හතරක්‌ වුණත් ආහාර නැතිව ජීවත් වෙන්න පුළුවන්. වනාන්තර ගත වූ විට මේ සත්තු පලතුරු, කොළ, මැරුණ සත්තු හා අපවිත්‍ර දැ ආහාරයට ගන්නවා. මේ සතා ජීවත්වී ඇත්තේ ගෙබිමට සවිකර ඇති දැව කොටසේ වේයන් ආහාරයට ගැනීමෙන් යෑයි සිතාගන්න පුළුවනි" යෑයි ජෙපර්සන් වැඩිදුරටත් පැවැසීය.

01.02.2013 දි අයිලන්ඩ් හි පළ වූ Tortoise Survived in locked Store room for 30 Years ලිපියේ පරිවර්තනයයි.

Friday, February 15, 2013

විපක්ෂයේ විරෝධයට පහරදීමක්....... රනිල් පොදු විපක්ෂය සමග උතුරේ උපවාසයක

යාපන තෙල්ලිපලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට (15දා) පොදු විපක්ෂය සංවිධානය කළ උපවාසයට කිසියම් කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝගනේෂන් මහතා පැවසීය.

යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක් යළි එම ප්‍රදේශයේ පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂිත කලාපය ඉවත් කරන ලෙසත් ඉල්ලා මේ උපවාසය පැවැත්විනි.

අදාල උපවාසය අද දවස පුරාම පැවැත්වීමට තීරණය කර තිබූ බවත්, මෙම උපවාසයට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද භාගිවී සිට ඔහු ඉන් පිටව ගිය පසු මෙම පහරදීම සිදුකර ඇතැයි ද පැවසේ.

අදාළ පහරදීම බුද්ධි අංශ පිරිසක් විසින් සිදු කර ඇති බව බවටද මනෝ ග නේෂන් මහතා චෝදනා කර සිටී.

වික්ෂ නායක වරයාට අමතරව නව සමසමාජ පක්ෂය, දෙමළ ජාතික සංධානය, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට එක් වුහ
යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක් යළි එම ප්‍රදේශයේ පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂ කලාපය ඉවත් කරන ලෙසත් ඉල්ලා පොදු විපක්ෂය අද යාපන තෙල්ලිපලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට උපවාසයක් කළේය. වික්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නව සමසමාජ පක්ෂය, දෙමළ ජාතික සංධානය, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට එක් වුහ.

මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඒජන්තවරුන් පිළිගන්නේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයේ සිතුවිලිවලට පටහැනිව හුදු වාණිජ්‍ය අරමුණු වෙනුවෙන් පෙනී සිටිම නිසා මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඒජන්තවරුන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසත් ඇන්ජලෝ මැතිව්ස් පත් නොකළේ ඇයිද යන්න පිළිබඳව, මෙහිදී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතාගෙන් මාධ්‍යවේදීයෙකු ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

"විස්සයි විස්සේ නායකත්වය දරනවාට වැඩිය, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන එක වැඩිය හොදයිනේ, ඕවර පනහේ නායකත්වය දරන එක වැඩිය හොදයිනේ, එයාගේ එක්ස්පීරියන්ස් එක අපි යූස් කරන්න ඕනේ. එයාගේ අත්දැකීම් අපි පාවිච්චි කරන්න ඕනේ ඒකටනේ. ටී ටුවෙන්ටි එකට නෙවේනේ. එයාට තුනම නායකත්වය දුන්නොත් වෙන්නේ එයාට දෙකක් කරන් යද්දි එයා හිතන්නේ ඊළඟ ටීම් එක සිලෙක්ට් කරන්නේ මොකක්ද කියලා හිතන්නේ. ඉතිං ඇයි අපි එයාට තව නිකං ප්‍රේෂර් එකක් දෙන්නේ"

සාමනේර හිමි රිමාන්ඩ්.... පාසල් දැරියක සමග සිනමා හලක.



කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.

මේ හිමි නම නාරම්මල කෙනෙකියි අධිකරණයේදී කියැවිණි.

වැලිවේරිය පොලීසිය බී වාර්තාවකින් දැනුම් දුන්නේ දෙදෙනා ජංගම දුරකථනවලින් කතා කර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව කතාකර ගත් පරිදි වැලිවේරිය බටහේනෙ හන්දියට පැමිණ දෙදෙනාම ත්‍රීරෝද රියක නැගී මද දුරක් ගොස් දැරියගේ පාසල් නිල ඇදුම් මාර කැර ගම්පහට පැමිණ චිත්‍රපටය නරඹා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

සැකකාර හිමිනමගේ බෑගයේ තිබී දම් පැහැති සිවුරක්, දම් පැහැති අඳනකඩයක් සහ ඉන පටියක් තුබූ බව ද කැයැවිණි.

Monday, February 11, 2013

ලංකාව ගණිකාවන්ගෙන් පිරුණු දේශයක් වෙලා -පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ජයවික‍්‍රම පෙරේරා.

තායිලන්තය ද අබිබවා යමින් ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධාන ගණිකා මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ මෙය සංචාරක ව්‍යාපාරයට ප‍්‍රමුඛස්ථානය දී රජය ක‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයක් බවය.

චීනය, පිලිලීනය, තායිලන්තය වැනි රටවලින් පැමිණි අය ද ඇතුළුව තිස් හතළිස් දහසක් පමණ දෙනා මේ වන විට ලංකාව තුළ ගණිකා වෘත්තියේ නිරතව සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

‘දැහැමි රටක් ව පැවැති ශ‍්‍රී ලංකාව අද වනවිට ගණිකාවන්ගෙන් පිරුණු දේශයක් වෙලා. පසුගිය වසරේ ළමා අපචාර සිද්ධීන් 15,000ක් සහ ස්ත‍්‍රී දුෂණ 6000ක් වාර්තා වී තිබෙනවා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්. රටේ නීතිය, යුක්තිය, විනාශ වීම තුළ සදාචාරය ද නැතිවෙලා.’ යයිද එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කීය.

තුන් රෝද රිය විසිවෙයි - තවත් වාහන 2ට හානි

  • පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් ත්‍රී රෝද රථ රියදුරෙකු මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇතැයි අප වාර්තාකරු කියයි. අනතුරින් මිය ගොස් ඇත්තේ තබ්බෝව, මුරියාකුලම පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ චමින්ද නිලන්ත (26) හැවිරිදි තරු‍ණයෙකි.අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වී ඇත.

    එය එක් වරම පුත්තලම, අනුරාධපුර මාර්ගයේ 7 කණුව මංසන්ධියේදී දකුණට හැරවීමට උත්සහ කර තිබේ.

    එවිට ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ත්‍රී රෝද රථය ගැටී ඇත.

    ඒ සමගම විසීවි ගොස් ඇති ත්‍රී රෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයක ගැටී තිබේ.

    ත්‍රී රෝද රථය පදවා ගෙන පැමිණි අය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි ද අප වාර්තාකරු පවසයි.

    අනතුරට සම්බන්ධ වෑන් රථය, ජීප් රථය සහ එම රථවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

වන්දනාවේ ගිය ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කළේ ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පස්වරු 2.15ට පමණ දිවයිනට පැමිණි බවයි.

ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා - බුද්ධගයාවේ සහ දකුණු ඉන්දියාවේ - තිරුපති පුදබිමේ ආගමික වතාවත්වලට සහභාගි විය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය වන්දනා ගමනට එරෙහි, එරට තුල උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ. ඒ පිළිබදව එහිදී ඉන්දීය මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකාවට පැමිණ වත්මන් තත්වය සියැසින් දැකබලා ගන්නා ලෙසයි.