Thursday, January 17, 2013

ගාලු පුරේ මාළු නටති මහ පාරේ

ගාල්ල නගරයේ අනවසර මාළු වෙළෙදාමට එරෙහිව ගාල්ල නාගරික මාළු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඊයේ (16දා) දහවල් තම මාළු තොග ගාල්ල-මාතර මාර්ගයට ඇද දමමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ගාල්ල නාගරික වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳුන් පිරිසක්‌ විසින් ඊයේ පෙරවරු 11.00 ට පමණ මෙම උද්ඝෝසණය ආරම්භ කරන ලදී.

නගරාධිපතිතුමනි ඔබ නිදිද? උදේට රඡ්ගම්වැල්ල හවසට ජාකොටු වැල්ල, නාගරික මාළු වෙළෙඳසල වළපල්ලටද, නගරාධිපතිගේ පොරොන්දු වචනයට සීමා වුණා. නගරාධිපති තුමනි මේවා විසඳන්න ඔබට බලයක්‌ නැද්ද? ආදී පාඨ උද්ඝෝෂකයන් විසින් ප්‍රදර්ශනය කර තිබිණි. 2013 වසර සඳහා මෙම නාගරික මාළු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳුන් ටෙන්ඩර් ලබාගෙන ඇතත් අදාළ බදු මුදල් නගර සභාවට ගෙවා නොමැති බැවින් එම මුදල් නොගෙවුව හොත් මාළු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර මුද්‍රා තැබීමට කටයුතු කරන බැව් අප කළ විමසුමකදී ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා පැවැසීය.

උද්ඝෝෂණය පැයක පමණ කාලයක්‌ පැවති අතර ගාල්ලේ අනවසර මාළු වෙළෙදාම ඉවත් කළහොත් තමන් බදු ගෙවීමට සූදානම් බවද ගාල්ලේ මාළු වෙළෙන්ෝ  පැවසූහ.

උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ නාගරික මාළු වෙළෙඳසල අසල දැඩි රථවාහන තදබදයක්‌ පැවති අතර ගාල්ල වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක පී. වෙත්තසිංහ මහතා ඇතුළු නිලධාරීහු එම ස්‌ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

No comments: