Thursday, January 31, 2013

සක්විති බහු විවාහයකටත් වරදකරු වෙයි


SAKWITTTRරුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ සක්විති රණසිංහ නමැත්තා බහුවිවාහ චෝදනාවට වරදකරු කරමින් රුපියල්
25,000/- දඩයකට හා බරපතල වැඩ සහිතව වසර 02 ක සිරදඬුවමකට ලක්කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා අද (31) නියෝග කළේය. සක්විති රණසිංහගේ පළමු බිරිඳවන සුභාෂිණී සිල්වා නැමැත්තිය විසින් මහාධිකරණයේ ගොනුකරන ලද බහුවිවාහ නඩුවේ තීන්දුව ප්‍රකශයට පත්කරමින් විනිසුරුවරයා එම තීන්දුව ලබාදුනි. තමා සමඟ 1998 මාර්තු 09 දින සිදුකරගත් විවාහය අවලංගු නොකොට තවත් විවාහයක් සිදුකර ගැනීම සම්බන්ධයෙන් සුභාෂිණී සිල්වා නමැත්තිය විසින් එම නඩුව පවරා තිබුණි. සක්විති රණසිංහ නමැත්තා තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළැයි රිමාන්ඩ් භාරයේ පසුවෙන අතර රුපියල් 25,000/- දඩ මුදල නොගෙව්වොත් තවත් මාස 06 ක සිරදඬුවමක් නියම කරන ලදී. බාලවයස්කාරියක පැහැරගෙන ගොස් අතවරයට පත්කරන ලදැයි සක්විති රණසිංහගේ දෙවන බිරිඳ විසින්ද නඩුවක් ගොනුකර ඇති අතර තවමත් විභාග වෙමින් ඇත.

No comments: