Monday, January 14, 2013

නව අගවිනිසුරු පත්කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව හෙට රැස්වේ


z sup06-saarc-member2නව අගවිනිසුරුවරයකු පත්කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව, හෙට (15) පෙරවරුවේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක චමල් රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන්, පහකිරීමේ යෝජනා සම්මතයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්  අත්සන් තැබිම නිසා, පුරප්පාඩු වන අගවිනිසුරුධුරය සඳහා කෙනෙකු පත් කිරීමට  මෙම පාර්ලිමේන්තු සභාව රැස්වේ.
ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ධුරය සඳහා නම් කරනු ලබන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නම අනුමැතිය සඳහා පාර්ලිමේන්තු  සභාවට ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන තැනැත්තාගේ නම , හෙට (15) පෙරවරුවේ, පාර්ලිමේන්තු සභාවට එවනු ඇතැයි, පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ධුරය සඳහා නම් කරන ලද තැනැත්තාට, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වීමෙන් පසු, නව අගවිනිසුරු ධුරය සඳහා ඒ තැනැත්තා පත්කිරීමට, ජනාධිපතිවරයාට බලය පැවරේ.

No comments: