Tuesday, January 15, 2013

තුන්කොන් සටනින් පසු කැලණියට ග්‍රේරු‍?

kelaniya1stඅමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ කැළිණිය ආසන සංවිධායක ධූරය සඳහා නම් කිහිපයක් ම යෝජනා වී තිබූ අතර අරුන්දික ප්‍රනාන්දු, මලනී ෆොන්සේකා, රෙහෙනසිරි වරාගොඩ, ආදින් ගේ නම් ඒ අතර විය. කෙසේ වෙතත් වාර්තාවන පරිදි අරුන්දික ප්‍රනාන්දු මහතාත්, මාලනී ෆොන්සේකා මහත්මියත් එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වා නැතැයි වාර්තා වේ. මේ අතර කැලණිය සංවිධායක ධූරය සඳහා අලුතින්ම යෝජනා වි ඇත්තේ යෞවන කටයුතු අධීක්ෂණ මංත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ නම බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය තුලින් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ග්‍රේරෝ මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වී කටයුතු කරයි. ඔහු ප්‍රකට අධ්‍යාපනඥයෙක්ද වෙයි. නිල නොලත් අරංචිමාර්ග වලින් වාර්තාවන්නේ බොහෝ දුරට ඔහු කැලණිය ආසන සංවිධායක ධූරයට පත්කරණු ඇති බවය.

No comments: