Monday, January 7, 2013

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාපතිට මරණ තර්ජන

2013 ජනවාරි 07  01:25 p.m
Atha06 වැනිදින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් පොලීසියේ කළ පැමිණිල්ලක් ඉවත් කරගන්නා ලෙස කියමින් තමන්ට මරණ තර්ජන එල්ලකරන බව බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාපති ඉන්දු ගුණතිලක මහතා පවසයි. මෙලෙස තර්ජනය කිරීමට හේතුව ලෙස ඔහු පවසනුයේ ඊයේ සන්ධ්‍යාවේ බෙලිහුල්ඔය ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවෙන් පාලනය කරනු ලබන දියපහස සංචාරක ගිමන්හලේ ඇතිවුණ සිද්ධියක් බවයි. සභාපතිවරයා පවසන්නේ එම ගිමන්හලට පැමිණි 20 ක පමණ පිරිසක් ඇණවුම් කළ දෑ ලබාදීම ප්‍රමාදවී යැයි පවසමින් එහි සේවකයන්ට හා භාණ්ඩ වලට අලාභ කර ඇති බවකි. ඉන්දු ගුණතිලක මහතා කීවේ ලක්ෂ දෙකකට ආසන්න අලාභයක් මෙම රජයේ දේපල වලට කර ඇති බවත්තක්සේරු නිලධාරියෙක් එම වාර්තා ලබා ගැනීමට යවා ඇති බවත් ය. තමන්ට කළ මරණ තර්ජන සම්බන්ධව බළන්ගොඩ පොලීසියට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

No comments: