Wednesday, January 23, 2013

නයි නළඟන බෝතල් කටුවලින් කපා ඉරාන ජාතික පෙම්වතා පළා ගිහින්

snakes
ඉකුත් දිනවල ආන්දෝලනාත්මක චරිතයක් වූ නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න අද (23) අළුයම් කාලයේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව මහමග වැටී සිටියදී වැල්ලම්පිටිය පොලිසියට හමු වී තිබේ. වහාම ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. කොල්ලූපිටිය ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාවේ නලඟනක වූ ඇය පසුගිය දිනවල ජීවත් වී ඇත්තේ ඇගේ ඉරාන ජාතික පෙම්වතා වන සුල්තාන් නැමැති අයත් සමගය.ඊයේ රාත්‍රියේ ද නිරෝෂා සිය පෙම්වතා සමග එකට සිට ඇතැයි පොලිසියට වාර්ථා වී තිබේ. දෙදෙනා අතර නිතරම ගැටුම් තිබී ඇත. ඉරාන ජාතික පෙම්වතා නිරෝෂා මගහැර යන්නට අවස්ථා ගණනාවක දී උත්සහ දරා ඇති අතර ඇය නිරතුරුව උත්සහ දරා ඇත්තේ පෙම්වතා සමග එකට ජීවත් වන්නටය.

No comments: