Tuesday, January 15, 2013

ළමා අපචාර අඩු කරන්න පැමිණිලි පෙට්ටි සවිකරන්න

po81
ඌව නියෝජ්‍ය පොලිස්පති එම් කේ ලතීෆ් මහතා සමුථව අමතමින්
ළමා හිංසනයන් පිලිබදව පැමිණිලි කිරීම සදහා පාසැල්වල සවිකර ඇති පොලිස් පැමිණිලි පෙට්ටි නිසා පසුගිය කාලයේ අපචාරයට ගොදුරුවෙමින් සිටි බාලවයස් දැරියන් රැසක් බේරා ගැනීමටත් පාසැල් දරුවන් මුහුණදෙන සමාජ ගැටථ වලට විසදුම් ලබාදීමටත් හැකිවු බව අනාවරණය කළ ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස් පති එම් කේ ලතීෆ් මහතා එම පොලිස් පැමිණිලි පෙට්ටි නැවත ඌව පළාතේ පාසැල් වල සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දුන්නේය
ළමයින්ගේ සුරක්ෂිත භාවය හා අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන ආකාරය පිළිබදව පොලිස් නිළධාරින් පුහුණු කිරිමේ පස්දින නේවාසික වැඩමුථවක් දා පස්සර පැල්ගහතැන්න ඌව පළාත් කළමනාකරණ පුහුනු ආයතනයේදි 15 දා ඊයේ ආරමිබ කරමින් නියෝජ්‍ය පොලිස් පති වරයා මෙම උපදෙස් ලබාදුන්නේය
po82
වැඩමුථට සහබාගිවි සිටින පොලිස් නිළධාරින්   පොලිසියේ උසස් නිළධාරින් හා සමිපත් දායකයන් සමග ජායාරූපයකට මුහුණ දෙමින්
ඇටම්පිටියේ 11 හැවිිරිදි දැරියක් නොබෝදා සිය මවගේ සාරියෙන් ගෙල වැල ලාගෙන මියයාමේ දුක්බර සිද්ධිය සවිස්තරව සිහිගැන්වු   ලතිෆ් මහතා දරුවන්ට තම ප‍්‍රශ්ණ ඉිදරිපත් කිරිමට කෙනෙක් නොමැතිවු විට ඔවුන් අසරණ වන බවත් මල් කැකුල් වගේ අහිංසක ඔවුන් ඉතා අවසනාවන්ත ලෙස කටයුතු කරන බවත් කීය
දරුවන්ට උපදේශනය කිරිමටත් දරුවන් ට ආදරය දැක්වියයුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහන්
නගරබද මෙන්ම ගමි මටිටිමන් කි‍්‍රයාත්මක කලයුතු බව කි හෙතෙම විහාරස්ථාන මුල්කරගෙන මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන් කි‍්‍රයාත්මක කල යුතුබවත් මේ සාරධර්ම විනාශයට ප‍්‍රධාන හේතුව ජනතාව පල්සල් වලින් ඈත්වීම බවත් අවධාරණය කළේය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ළමා අපයෝජන සිද්ධීන් වැඩි වශයෙන්ම වාර්තාවි ඇත්තේ මහියංගන පොලිස් වසමෙන් බව කි නියෝජ්‍ය පොලිස්පතිවරයා එය අවම කිරිමට වැඩසටහන් දියත් කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය  
po83
සමුලුවට සහභාගි වුවෝ
බදුල්ල දිස්ත‍්‍රික්කයේ පොලිස් කාන්තා කාර්යාංශ නිලධාරින් හා පොලිස් ස්ථානාධිපති වරු මෙම වැඩිමුථවට සහභාගිවි සිටිති
අධ්‍යාපනඥයන් නීතිවේදින් වෛද්‍ය වේදින් මනෝ විද්‍යාඥයන් ඇතුථ සමිපත් දායකයන් පිරිසක් විසින් මෙම වැඩමුථව මෙහෙයවති
ප්ලෑන් ශ‍්‍රී ලංකා ආයතනය මේ සදහා අනුග‍්‍රය දක්වා ඇත

No comments: