ගණිකා
නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්
කළ එහි පාලිකාව හා සේවයේ යෙදුණු තරුණියන් දෙදෙනෙකුට ඇප ලබාදීම තරයේ
ප්රතික්ෂේප කළ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු
රුවන්දිකා මාරපන මහත්මිය සැකකාරියන් සිවු දෙනා මේ මස 29 වන දින දක්වා
රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස නියෝග කළාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධණ
අංශය අධිකරණයට දන්වා සිටිටියේ සැකකාරියන් සිවුදෙනා අනුරාධපුර පුබුදුපුර
ප්රදේශයේ දී නොවිසදුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද
ගුණසේකර මහතා විසින් අත්අඩංගුවට ගත් බවයි.
No comments:
Post a Comment