Monday, January 14, 2013

නව අගවිනිසුරු මොහාන් පීරිස්...........?

හිටපු අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක ධුරයෙන් නෙරපීමත් සමඟ ඇති වූ පුරප්පාඩිව සඳහා හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා හෙට දිනයේ මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන්ය.

අගවිනිසුරු ධුරය සඳහා ඔහු ඇතුළු තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථාසභාවට ඉදිරිපත් කැර ඇති අතර කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය.

ව්‍යවස්ථා සභවේ සෙසු සාමාජිකයන් වන්නේ අගමැති දි.මු. ජයරත්න, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. අස්වර් හා බී.එම්. ස්වාමිනාදන් යන අයයි.

No comments: