ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා නීත්‍යනුකූල බලයක් නොමැතිව, ජනාධිපතිවරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සිය පක්ෂය දැඩිව අවධාරණය කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්
තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
දෝෂාභියෝග විමර්ශන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව බල ශුන්‍ය ලියවිල්ලක් වීමත්, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සම්මත නොවීමත් හේතුවෙන් මෙලෙස අගවිනිසුරුවරිය සිය ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල බලයක් නොමැතිව ක්‍රියාකිරීමක් බව තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ පදනම මත ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නිමිත්තක් බවද හෙතෙම අවධාරණය කරයි.
දිවිනැගුම වෙනුවෙන් පෙනී සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකර ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීමෙන් මානව හිමිකම් කවුන්සිලයට ක්‍රියාවෙන්ම ඔප්පු කර සිටින්නේ අපේ රටේ ස්වාධීනව ක්‍රියාකළ හැකි අධිකරණ පද්ධතියක් නැති බව යැයිද එ.ජා.ප. මහලේකම්වරයා පවසයි.
එමෙන්ම කථානායක චමල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ නැති යෝජනාවක් සම්මත වූ බවට ජනාධිපතිවරයාට වාර්තා කිරීමෙන් පෙනී යන්නේ “සහෝදර සමාගම” විසින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම පාර්ලිමේන්තුවේ ගරුත්වයද විනාශ කර ඇතිබව යැයිද තිස්ස අත්තනායක මහතා සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තරයට පාර කැපීමක් බවත්, එහිදී රණවිරුවන්ට අවාසි සහගත තීන්දු ප්‍රකාශ කෙරුණහොත් ඒ පාවාදීමේ සම්පූර්ණ වගකීම “සහෝදර සමාගම” බාරගත යුතු බවත් එම නිවේදනයේ දක්වා තිබේ.
No comments:
Post a Comment