Friday, January 18, 2013

සිගරට් බොන කට වට කොට වැල්ලවාය වැට බඳී


siga8වැල්ලවාය නගරය තුළ සිගරට් අලෙවි කිරීම ඊයේ (17) උද‍යේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. වැල්ලවාය වෙළඳ ප්‍රජාව, වෛද්‍යවරුන්, ප්‍රාදේශිය සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, විහාරාධිපති හිමිවරුන්, පොලිසිය සහ අන්‍ය ආගමික පූජකවරුන් ඒකාබද්ධව පිහිටුවා ගන්නා ලද ‘වැල්ලවාය අපි’ නැමැති සංවිධානය හරහා මෙම පියවර ගත්බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි මහතා පවස නිව්ස් වෙත පැවසුවේය. මේ වනවිට මෙම වෙළඳසල් විසින් මිලදී ගෙන ඇති සිගරට් තොග පමණක් අලෙවි කරන අතර යළි මිලදී ගැනීමක් සිදු නොවනබව සභාපතිවරයා කීවේය. මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට වැල්ලවාය ගම්වාසීන්ගේ ‘වැල්ලවාය අපි’ සංවිධානයට සුබ පැතුම් ගලා එමින් තිබේ. වැල්ලවායේ වෙළඳ සංගමය යටතේ ලියාපදිංචි කළ වෙළඳ ව්‍යාපාර 255කින් ලියාපදිංචි නොවූ ව්‍යාපාර ඇතුළු වෙළඳසල් 300 ක් පමණ සිගරට් අලෙවිය සිදු වෙමින් තිබිණ. මෙහි ජනගහනය 70,000/- කි. වැල්ලවාය නගර‍යෙන් වසරකට රුපියල් කෝටි 21 ක් පමණ වටිනා සිගරැට් අලෙවියක් සිදුව ඇතිබව දැනගන්නට තිබේ.

No comments: