Monday, January 14, 2013

ඒඩ්ස්‌ ආසාදිතයන් 192 ක්‌ ගැන ගිය වසරේ මෙරටින් වාර්තා වේ

එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගය ආසාදනය වූ පුද්ගලයන් 192 ක්‌ පිළිබඳව පසුගිය 2012 වසරේ දී මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්‌ෂ මහත්මිය පැවසුවාය.

1987 වර්ෂයේ සිට මෙරටින් වාර්තා වූ වැඩිම ඒඩ්ස්‌ රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ දී වාර්තා වී ඇතැයිද ඇය කියා සිටියාය.

පසුගිය වසරේ දී එච්.අයි.වී. ආසාදිතයන් අතර වැඩිම පිරිසක්‌ පිරිමින් වන අතර එම සංඛ්‍යාව එකසිය දහඅටකි.

අනාරක්‌ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ඉහළ යැමක්‌ පෙන්නුම් කෙරෙන බවක්‌ද, පිරිමින් අතර සිදුවන සමලිංගික සබඳතා හේතුවෙන් එච්.අයි.වී. වෛරසය ආසාදනය වන රෝගීන්ගේ ඉහළ යැමක්‌ද පසුගිය වසර කිහිපයේදී පෙන්නුම් කර තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

No comments: