Wednesday, January 30, 2013

ප්‍රභාකරන්ගේ නිවස අවට බිම් බෝම්බ 51,000 ක්‌






කිලිනොච්චිය පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ නිවස අයත් භූමි භාගයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වීමත් සමඟ විශාල වශයෙන් බිම් බෝම්බ හමුවීට පටන් ගෙන ඇත.



බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින කණ්‌ඩායම් මේ වන විට දිනකට බිම් බෝම්බ 90 ක්‌ පමණ ගොඩ ගනිති. ප්‍රභාකරන්ගේ නිවස අවට වළ දමා ඇති බිම් බෝම්බ ප්‍රමාණය පනස්‌එක්‌දහසක්‌ (51,000 ක්‌) පමණ වනු ඇති බව ඩෑස්‌ ආයතනයේ මෙහෙයුම් කළමනාකාර විශ්‍රාමික හමුදා නිලධාරි මේජර් සුනිල් ආරියසේන මහතා පැවැසීය.

ජපන් හා ඔස්‌ටේ්‍රලියානු ආධාර යටතේ ඩෑස්‌ ආයතන විසින් මේ සඳහා 44 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ යොදවා ඇත. උතුරේ සෙසු ප්‍රදේශවලට සාපේක්‍ෂව මෙම භූමි ප්‍රදේශ පුරාම කිසියම් රටාවකට අනුව ඒවා වළ දමා ඇති බව සොයාගෙන තිබේ.

මෙම මෙහෙයුම් කටයුතුවලදී ක්‌ලේමෝ වර්ගයේ බෝම්බ ද හමු වී ඇත.

මෙම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර මෙම භූමි භාගයේ වළදමා ඇති බිම් බෝම්බ සියල්ලම මාර්තු මස 31 වැනි දින වන විට ගොඩ ගෙන අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ද මෙහෙයුම් කළමනාකාරවරයා පවසයි.

No comments: