Monday, January 7, 2013

සීගිරියේ “දිය මල්” පරවෙලා

2013 ජනවාරි 07  01:00 p.m
segeriya-jala-malඓතිහාසික සිගිරිය ජල උද්‍යානයේ ‘‘ ජල මල් ’‘ මහ වැසි පතිත වුවද අකි‍්‍රය තත්වයක පවතී . සීගිරි කාශ්‍යපයන් රාජකීයන්ගේ දාහය නිවාලීමට තැනූ මෙම ජල මල් වසර 1600 ක් තිස්සේ කි‍්‍රයාත්මක වුවද මෑතක සිට කි‍්‍රයාත්මක නොවීම සිගිරියේ ඓතිහාසික සුන්දරත්වයට සහ අගයට අහිතකර බලපෑමක් බව දෙස් විදෙස් සංචාරයින් කියයි. සිගිරි කාශ්‍යපයන්ගේ ආලකමන්දාව පිළිබද ඉතිහාසයට අනුව මෙම ජල මල්ද හෙල කලාකරුවාගේ විශ්මිත නිර්මාණයන්ය. වැසි දිනවලට ගලා එන ජලය භූ ගතව වහනය කර බාහිර පරිසරයට මුදා හැරීමෙන් පිපෙන අන්දමට තනා ඇති මෙම ජල මල් සහිත ජල උද්‍යානය පෙරදා රාජකීයන්ගේ මෙන්ම වර්තමානයේදී දෙස් විදෙස් සංචාරකයින්ගේ ද අමන්දානන්දයට හේතුවී තිබිණ.

No comments: