Sunday, January 20, 2013

දුම්වැටියට තිත තියන්න බඩල්කුඹුර පෙළගැසේ


nocigaratte4
බඩල්කුඹුර නගරය තුළ සියලුම වර්ගයේ දුම්වැටි අලෙවි නොකිරීමට බඩල්කුඹුර නගරයේ වෙළඳ ප්‍රජාව ඉකුත් ජනවාරි මස 01 දා සිට ගත් තීරණයෙන් පසු තවදුරටත් එම දුම්වැටි විරෝධී අරගලය ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ දැවැන්ත සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පා ගමනක් ඊයේ (19) බඩල්කුඹුර නගරයේ දී පැවැත්විණි. බඩල්කුඹුර සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දික රණගල මහතාගේ හා එම කාර්යාලයේ මගපෙන්වීම මත බඩල්කුඹුර දුම්වැටි විරෝධී සංගමය සංවිධානය කර තිබූ මෙම දුම්වැටි විරෝධී ව්‍යාපාරයට බඩල්කුඹුර නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා එම වෙළඳ සැල්වල ව්‍යාපාරික ප්‍රජාව, විවිධ පක්‍ෂ විපක්‍ෂ ප්‍රාදේශීය දේශපාලනඥයින්,බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයින්, පාසැල් සිසුන්, ගම්වාසීන්, ස්වේච්ඡා සංවිධාන හා ක්‍රියාකාරකයින්, විවිධ වෘත්තිකයින් ඇතුලු 3000 ක් පමණ දෙනා මීට එක්ව සිටියහ.

No comments: