Tuesday, January 15, 2013

වල් ඌරෙක් එක්ක මහලු මිනිසෙක් කනවා, බොනවා, එකටම නිදා ගන්නවා


“ම‍ගේ වයිරා නැතිව ඉන්න බැහැ. වයිරාටත් මම නැතිව ඉන්න බැහැ. අපි දෙන්නා වෙන් කරන්න නම් හදන්න එපා. එහෙම වුණොත් වයිරා පිස්සු හැදිලා මියයයි. එහෙම උනොත් තත්වය බරපතල වෙනවා. එවිට ඌට‍ වෙඩි තියන්න හෝ මරන්න වෙයි. ඒ වගේම මගේ ආයුෂත් කෙටිවේවි.”

මෙසේ පවසන්නේ වල් ඌරෙකු කුඩා කළ සිටම හදාවඩාගෙන කි‍රි පොවලා බත් කවලා එක ඇ‍දේ නිදා ගත්ත අවුරුදු 72 ක් වයසැති කෑගල්ල අලව්ලාවෙල පදිංචි එම්.පී.පියදාස නැමැති අයෙකි. යම්කිසි කෙනෙක් පොලිසියට කරන ලද දැන්වීම අනුව මෙම සතා පිළිබඳව පරික්ෂණයක් කිරීමට කෑගල්ල පොලිස් නිලධාරින් ගියවිට ඔහුට පවසා ඇත්තේ මේ සතා අනෙකුත් අයට හිරිහැරයක් බවත්,ආරක්ෂාවක් නොමැති නිසාත් වෙනමම ස්ථානයක තැබිය යුතු බවත් එසේ නොමැති නම් වන ජීවි දෙපාර්තුමේන්තුවට භාර දිය යුතු බවතය.එසේ පැවසීමෙන් පසු ඔහු එසේ පැවසීය.

මිනිසෙකු ඌරෙකු සමඟ ජීවත් වෙනවා යැයි ලැබුණු ආරංචියක් අනුව අප එහි ගොස් බලන විටත් පියදාස මහතා ඌරාට කෑම දෙමින් සිටියේය. බැලූ බැල්මට ඌ අඩි දෙකක් පමණ උස අඩි තුනහමාරක් පමණ දිගඇති වල් ඌරෙකි. අපිට බය සිතුනද ඔහු පියදාස මහතාට ඉතාමත් හීලෑ සතෙකු විය.
ra75
“මම දරුවන් පස්දෙනෙකුගෙ පියෙක්, අපි දෙන්නා විතරයි මේ ගෙයි පදිංචි. මේ වයිරා කියන ඌරා කුඩා කාලයේ දීම ගෙනවිත් කිරි දීලා හදා වඩා ගත්තා. දැන් ඌට වයස අවුරුද්දක් පමණ වෙනවා. උදේට කිරි එකක් හදලා දුන්නාම ඒක බොනවා මාස හතරේ සිට කිරි දුන්නේ. ඊට පස්සෙ එළවළු බතුත් සමඟ කෑම හදල දුන්නා. කිසිම අල වර්ගයක් අමුවෙන් හෝ තම්බලා දුන්නත් කන්නෙ නැහැ. මස් වර්ග කනවා. කොහේ සිටියත් වයිරා කියලා කතා කළොත් දුවගෙන එනවා. සෑම දිනම සවස 6 ට පමණ එයා සිටින කමරයෙන් දොර ඇරපුවම අවිද්නන යනවා ගිහිල්ලා රාත්‍රී 11 ට ආපහු එනවා. ඒ එන විට දොර අඩවල් කරල තියෙන්නෙ. දොර ඇරගෙන ඇවිල්ලා මා නිදා සිටින ඇදට ගොඩවෙල මා සමඟ නිදා ගන්නවා. ටික වෙලාවක් මගේ කකුල් දෙසට නිදාගෙන ඉදලා පසුව මා හිස තබන කොට්ටය ට ඇවිත් නිදාගන්නවා. මම නිදා ගන්න විට මදුරු දැලක් දමාගන්නවා. එයා ඒක ඇතුලට වෙලා නිදා ගන්නවා. හරියටම උදේ 4 ට වයිරා මගේ කන ලඟට ඇවිත් ‘චික්’ ‘චික්’ ගානවා. ඒ එයාට කිරි ඕන වෙලා මම කිරි හදා දුන්නාට පස්සෙ කිරි ටික බීලා ආපසු ඇදට ඇවිල්ල නිදා ගන්නවා. උදේ 6 ට විතර එළියට ගිහිල්ල පැය භාගයකින් විතර ආපසු එනවා.
ra76
ඒ එයාට අවශ්‍ය කටයුතු කරගන්න. ඊට පස්සෙ නැවත එයා සිටින ස්ථානයට එනවා. කිසි දිනක වයිරා ඒ ගේ ඇතුලේ අපවිත්‍ර කරන්නේ නැහැ. ඊට පස්සෙ එලියට යන්නේ නැහැ. සමහර දිනක මා සමඟ කඩේ ලඟට යනවා. කිසි කෙනෙකුට කිසිම කරදරයක් කරන්නේ නැහැ. පාසල් ළමයි නිතර නිතර යනවා කරදරයක් කරන්නෙ නැහැ. වෙනත් තැනකට ගෙන ගිහිල්ලා පහසුකම් ඇති ස්ථානයක තියනවා වෙනම ගෙයක් හදලා මම තියා ගන්නවා යයි ඔහු පැවසීය. මෙයා ගෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. රාත්‍රියේ කවුරුත් යන්නේ නැහැ දවාලට නිදා ගන්නවා පිට අයෙකුට කිසිම කරදරයක් නැහැ. මා ලඟ ඉන්වා කුකුළෙක්. ඌ නම් කොටනවා, ඒ තරම් වත් මේ සතා කරදරයක් නැහැ.”
මොහු මෙයට පෙරද ඌරෙකු හදාගෙන ඇති අතර එම ඌරාද සමඟ දරුවකු මෙන් සිටි බව ඔහු පැවසීය.
“එම සතාටත් මම නැතිව ඉන්න බැරිව සිටියා. එයත් මා සමඟ එකටමයි සිටියේ. මම ඈත ගමකට ගිහිල්ල එන්න බැරි වුණා. එදින ගමේ ගෙවල් ගානෙම ගිහිල්ල මාව හොයලා තිබෙනවා පසුව ඉව පාර දිගේ ඇවිල්ලා ඒ ගමටම පැමිණියාට පසු ඒ ගමේ මිනිස්සු වට කරලා වලකට දමා තිබුණා. පසුව ඌව මරණයට පත් වී සිටියා. මම මස් කන්නේ නැහැ, ගෙදරටවත් ගේන්නේ නැහැ. ඒ නිසා මට මේ සත්තු කැමති ඇති. මම ලඟ එළ හරකෙක් සිටියා. රත්ති කියලා එයාට පැටව් හම්බවෙල ඉන්න දවස්වල මම ත් එළ දෙන ගෙන් කිරි බිව්ව. මම එළදෙන ලඟට ගියාම කකුල උස්සනවා මට කිරි බොන්න. මේ වයිරාත් අතහැර දැම්මොත් කවුරු හරි වෙඩි තියයි. එහෙම නැතිනම් මන්දකට අසුවෙයි. ඒ නිසා මේ සතාව මට යවන්න බැහැ මට හරි දුකයි. අනික් එක මම නැතිව වයිරාට ඉන්න බැහැ ඌව පිස්සු වැටෙයි. එය එයට වඩා භයානක වෙනවා. ඒ නිසා මෙයාට කොහාටවත් ගෙනියන්න වත් අතඅරින්නවත් නැහැ ඒක රකන්නත් බැරි නිසා මම වෙනමම හදා ගන්නවා” යයිද ඔහු දුකින් බරිතව අප සමඟ පැවසීය.

No comments: