Monday, January 28, 2013

රූපවාහිනී අධ්‍යක්ෂ වෙසින් පැමිණි අපූරු මනාලයා තරුණිය කොල්ල කයි

acterපුවත්පතක පළ කළ මංගල දැන්වීමකට මනාලියක් බැලීමට පැමිණි බළන්ගොඩට පුද්ගලයෙක් තරුණිය රවටා ඇය සතු රුපියල් ලක්ෂ 03 ක රන්බඩු පැහැරගෙන පලායාමේ සිද්ධියක් බලන්ගොඩින් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේයි.
තම දියණිය විවාහ කරදීමේ අටියෙන් පුවත්පතක කළ දැන්වීමකට අනුව එක්තරා පුද්ගලයෙක් එම තරුණිය බැලීමට පසුගිය 05වැනිදා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබේ. නිවැසියනට ඔහු තමාව හඳුන්වාදී ඇත්තේ රූපවාහිනී අධ්‍යක්ෂකවරයෙක් ලෙසිනි. තරුණියට කැමති බව ප්‍රකාශ කළත් තරුණියගේ දෙමව්පියන් තරුණයාගේ පියා නොමැති බව කී විට මව හා පැමිණෙන්නැයි පවසා ඇත. තම මවගේ දණහිසේ ආබාධයක් ඇතිබැවින් ඇවිදීමට අපහසු නිසා ඇය කැටුව ආයුත්තේ වාහනයක බව පවසා ඇත. තමා වාහනයක් ගැනීමට අදහසක් ඇතිබව කී පුද්ගලයා එම නිවසේ නැවතී සිට පසුදා එනම් 06 වැනිදා තරුණිය හා පියාද කැටුව රත්නපුර වාහන විකුණන ස්ථානයකට ගොස් තිබේ. පරීක්ෂා කළ වාහන පිළිබඳව සෑහීමකට පත් නොවූ තරුණයා නැවත තරුණියගේ ගෙදරට පැමිණ පසුදින 07 වැනිදා ඇඹිලිපිටියට යාමට යෝජනා කරගෙන ඇත. එහි ගොස් වෑන් රථයකට හිතගිය බැවින් එය මිලදී ගැනීමට අදහස් කර ඇතත් පරහකට ඇත්තේ වාහනයේ සීට් ගැසීමට හා රක්ෂණය කිරීමට ලක්ෂ තුනක අඩුවක් බව පවසා ඇත. මහත් බලාපොරොත්තු තබාගත් තරුණිය තමන් සතු රන් බඩු උකස්කර එම මුදල ලබාදීමට අනාගත සැමියා වෙනුවෙන් එකඟව ඇත. ඒ අනුව තරුණිය පියා සමග දිනතුනේ පෙම්වතා හා බලන්ගොඩ නගරයට පැමිණ තිබේ. මෙහිදී තරුණයා රක්ෂණ සමාගමට ලබාදීමට තරුණියගේ ඡායාරූපයක් අවැසි බැවින් කොණ්ඩය කොටසක් කපා රූපලාවන්‍යාගාරයකට ගොස් මුහුණට සත්කාරයක් කරගෙන ඒමට යෝජනා කර ඇත. ඊට එකඟව තිදෙනාම රූපලාවන්‍යාගාරයකට ගොස් ඇති අතර වතුර මෝටරයක් බැලීමට පියා පිටව ගොස් ඇත. තරුණිය රන්බඩු පාර්සලය තරුණයා අතට දී කොණ්ඩය හා මුහුණ සැකසීමට ගොස් ඇත. ටිකවේලාවකින් එළියට පැමිණි තරුණිය තම අත්බෑගය පුටුව මත තිබෙණු දුටුවත් තම දිනතුනේ පෙම්වතා එහි නොවූබව තේරුම් ගත්තාය. ඒවන විට රන්බඩු සමග සැකකාර පෙම්වතා පළා ගොස් ඇත.

වරකාපොල පොලීසිය මගින් සැකකරු 27 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. බළන්ගොඩ හා වරකාපොල පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව විමර්ශනය කරනු ලබයි.

No comments: