Monday, January 14, 2013

ගිය වසරේ පැරසිටමෝල් මිලියන 810 ක් ගිලලා


Paracetamolලංකාවේ ජනගහනය මෙන් 40 ගුණයක් පැරසිටමෝල් පෙති ප්‍රමාණයක් පසුගිය වසරේ දී රෝගීන්ට රජයේ රෝහල් වලින් ලබාගෙන භාවිත කර ඇත. ඖෂධ විෂවීම්වලින් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් බව අමාත්‍යාංශයේද පසුගිය දා පැවති මාණ්ඩලික නිලධාරි රැස්වීමේ දී හෙළි දරව් විය. වසර 2011 දී රජයේ රෝහල් වලින් පැරසිටමෝල් පෙති මිලියන 560 ක් නිකුත් කර ඇති අතර එම ප්‍රමාණ ඉතා අධික බැවින් එය අවම කරන ලෙස රජයේ වෛද්‍ය සැපයුම් අංශයට උපදෙස් දුන්හ. වසර 2012 දී රජයේ රෝහල්වලින් නිකුත් කර ඇති පැරසිටමෝල් පෙති ගණන මිලියන 810 ක් බව මෙම රැස්වීමේදී හෙලිව ඇත. පැරසිට‍මෝල් මිලදී ගැනීමට විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වැය කිරීමට සිදුව ඇති අතර එම ඖෂධ බොහෝ‍ රෝගීන් නිසි පරිදි භාවිතා නොකර ඉවත ලන බවද හෙලිවී ඇත.

No comments: