Monday, January 14, 2013

ව්‍යවස්‌ථාවේ අඩුපාඩු නිසා කථානායක ලෙස මා පීඩාවට පත් වුණා - කථානායක චමල් රාජපක්‍ෂ


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති ගැටලු හා අඩුපාඩු නිසා පසුගිය දිනවල කථානායක වශයෙන් තමා ඉතාම පීඩාකාරී තත්ත්වයකට මුහුණදුන් බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ අදහස්‌ ප්‍රකාශ කළේ පෙරේදා (12) ගාල්ල නගර සීමාවේ බෙලිගහ හන්දියට නුදුරු ප්‍රදේශයක නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තැබීමට පැමිණි අවස්‌ථාවේදීය. ව්‍යවස්‌ථාදායකයත්, අධිකරණයත් අතර ඇතිව තිබෙන අර්බුදයට විසඳුමක්‌ ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වහාම සංශෝධනය කළ යුතු බවත් කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

No comments: