Monday, January 14, 2013

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයාගේ කිලිනොච්චි කාර්යාලයෙන් - වෙඩි බෙහෙත් උපත් පාලන කොපු සහ අසභ්‍ය වීඩියෝ පට

දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාගේ කිලිනොච්චි කාර්යාලයේ තිබි අසභ්‍ය වීඩියෝ පට, උපත් පාලන කොපු, දෙමළ තරුණියන්ගේ ඡායාරූප, වෙඩිබෙහෙත් සහ හමුදාව අපකීර්තියට පත්කරමින් රජයට ජාත්‍යන්තර චෝදනා එල්ල කිරීමට ව්‍යාජ තොරතුරු යොදා සැකසූ සංයුක්ත තැටි රැසක් ආරක්ෂක අංශ පෙරේදා (12) සොයාගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.
මෙම සිද්ධියට අදාළව ටී.එන්.ඒ.මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ කිලිනොච්චිය සම්බන්ධීකරණ ‍ලේකම්වරයා ඇතුළු සිවු දෙනෙක් දැනට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පරීක්ෂණ සඳහා ඊයේ (13) කොළඹට ගෙන ඒමට නියමිතව තිබිණ.
ත්‍රිරෝද රථයකින් වෙඩි බෙහෙත් කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් 11දා රාත්‍රියේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරිකයා හෙළිකළ තොරතුරු අනුව වැටලීම කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.
ඒ අනුව කිලිනොච්චියේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ කාර්යාලයේ සඟවා තිබූ අනවසර වෙඩි බෙහෙත් ග්රෑම් 500ක් ඇතුලු ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වූ බව හෙතෙම සඳහන් කළේය.
“වෙඩි බෙහෙත් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ පසුව කිලිනොච්චියේ පිහිටි ටී.එන්.ඒ.මන්ත්‍රී ශ්‍රීධරන්ගේ කාර්යාලයේ තිබි වෙඩි බෙහෙත් සහ අසභ්‍ය වීඩියෝ පට බ්‍රිෆ්කේස් එකක්, මඩ ප්‍රචාර සී.ඩී.සමග තිබි සොයා ගත්තා” යැයි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.
වෙඩි බෙහෙත් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ කාර්යාලයට පසුගිය 11දා පැමිණි බව අත්අඩංගුවේ පසුවන (ටී.එන්.ඒ.) මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි හෙතෙම කීවේය.
මේ සම්බන්ධව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ටී.අයි.ඩී.) පරීක්ෂණ පවත්වයි.
demalasandana
demala-sandana1

No comments: