Monday, January 14, 2013

සජිත්ට අලුත් චෝදනාවක්

sajith-premadasaඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇතුළු ප්‍රධාන තනතුරුවල පුරප්පාඩු පත් කිරිම තව දුරටත් කල් යන ලකුණු පහළවී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මීට හේතුව වී ඇත්තේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දෝෂාභියෝග විවාදයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ වේලාව රැගෙන කතා කළ බවට පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයට පැමිණිලි කිරිමය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ කාලය ලබා ගෙන දෝෂාභියෝග විවාදයේදී අදහස් දක්වන බවට විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතා පවා දැනුවත් කර නැතැයිද එම පැමිණිලි කරමින් පක්ෂයේ ඉහළ නිලධාරින් පෙන්වා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු පසුගිය බ්‍රහස්පතින්දා (10) සිට පුරප්පාඩු වූයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රස්වීම ලබන 21 දා දක්වා කල් තැබිම හේතුවෙනි. 21 දා කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවුවද සජිත් ප්‍රේමදාස මහතාට එල්ලවී ඇති මෙම චෝදනාව විභාග කොට අවසන් කරනා තුරු පක්ෂයේ ඉහළ නිලතල සඳහා සාමාජිකයින් පත් නොකරනු ඇතැයිද පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවද මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් තනතුර සඳහා තිස්ස අත්තනායක මහතාද, සභාපති තනතුර සඳහා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාද, භාණ්ඩාගාරික තනතුර සඳහා සෙනරත් කපුකොටුව මහතාද එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබිය.

No comments: