Wednesday, January 30, 2013

ටිකට්‌පතේ 'පෙම් බස්‌' ලියා දැරියට අතවර කරන්න හදලා




උපකාරක පංතියට යැමට දොඩන්ගොඩදී පුද්ගලික බස්‌ රථයක ගමන්ගත් 13 හැවිරිදි දැරියකට පෙම්බස්‌ දොඩා අතවර කිරීමට තැත්කළ බව කියන 42 හැවිරිදි බස්‌ කොන්දොස්‌තර වරයකු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ යටියන අගලවතතේ පදිංචි අයෙකි.

පුද්ගලික පංතියට යැමට එම බස්‌ රථයට නැගු ඇය රුපියල් 20 ක්‌ දී කොන්දොස්‌තර වරයාගෙන් රුපියල් 10 ක ප්‍රවේශ පත්‍රයක්‌ ඉල්ලා සිට ඇති අතර ඔහු තමා ළඟට පැමිණ තමන්ට රුපියල් 50 ක්‌ සමග දුරකථන අංකය සහ ප්‍රකාශයක්‌ද සඳහන් කරදුන් බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කළුතර කොට්‌ඨාස හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති මල්කා තුෂාරි, නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ කියා සිටියහ. තවදුරටත් ඇය ප්‍රකාශ කර ඇත්තේ සැකකරුගේ අත ගසා දමා බසයෙන් බැස පුද්ගලික පංතිය භාර ගුරුවරයාගේ බිරිඳට සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් පසු පොලිසියට පැමිණ පැමිණිලි කළ බවයි.

කළුතර දකුණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂක චෞද්රි, සැරයන් (26160) ලියනගේ යන මහත්වරු අදාළ දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා සැකකරු පොලිසියට කැඳවා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටියේය.

කළුතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ, කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි යන නිලධාරි උපදෙස්‌ මත කළුතර පොලිසියේ ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති චෞද්රි, සැරයන් ලියනගේ යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments: