




අගවිනිසුරු
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ක්‍රියාත්මක කරන නීති විරෝධි ක්‍රියා
හෙළා දකින් බවත්, ඊට එරෙහි නීති ක්‍රියා මාර්ගයකට පිවිසෙන් බවත් ‘නීති
එකමුතුව’ සංවිධානය කියයි. අද (14) පෙරවරුවේ කොළඹ නිපෝන් හෝටලයේ එම සංවිධානය
විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ජාවකදී මේ බව අනාවරණය කෙරිණ. මෙහිදී
ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසා සිටියේ නව අගවිනිසුරුවරයකු
පත් කිරීම නීති විරෝධි බවයි. මෙම පුවත්පත් සාකච්ඡාවට ජනාධිපති නීතිඥ
ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ ජේ.සී.වැලිඇමුණ යන මහත්වරුන් ඇතුළු තවත්
නීතිවේදීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
No comments:
Post a Comment