Tuesday, January 15, 2013

නව අගවිනිසුරු දිවුරුම් දෙයි:......... හිටපු අගවිනිසුරු පරාජය භාර ගනී

shi1                                    මොහාන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඉදිරියේ අද පස්වරු 12.35 ට අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්නේය. 
               හිටපු අගවිනිසුරු නීතිඥ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (15) ශේෂ්ඨාධිකරණය වෙත පැමිණෙන බවට ඊයේ (14) සවස් වනතුරු තිබූ තීන්දුව ඇය විසින් වෙනස් කර තිබේ.
                         අද දවසේ හිටපු අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නොපැමිණියාය. තීරණය කර තිබූ පරිදි අද දවසේ උසාවි පැමිණියානම් ඇය විසින් විභාග වන නඩුවලට ඇයත් සමඟ සහභාගී වන විනිසුරුමඩුල්ලද නම්කර තිබිණ.
                             17 වැනි දින ද ඇය අගවිනිසුරු අසුනේ අසුන් ගැනීමට පැමිණෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණ. නමුත් අද (15) පෙරවරුවේ මෙම තීරණ සියල්ල වෙනස් කරමින් අගවිනිසුරු තරනතුරින් ඉවත්ව යාමට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තීරණය කළාය.

No comments: