Tuesday, January 29, 2013

විස්‌සයි 20 අපිට


ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඔස්‌ටේ්‍රලියානු තරග සංචාරයේ අවසන් තරගය හෙවත් පන්දුවාර විස්‌සයි-20 දෙවැනි තරගයෙන් අතිශය තියුණු තරගාවසානයකින් පසු සත්කාරක ඔස්‌ටේ්‍රලියානු පිලට එරෙහිව ලකුණු 3 ක (ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව) ජයක්‌ අත්කර ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 2 කින් සමන්විත දෙරට අතර විස්‌සයි-20 තරගාවලිය 2-0 ක්‌ ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට ඊයේ (28 දා) සමත් විය.

තරගයේ විසඳුම අවසන් පන්දුව දක්‌වා තීරණය වුණු මෙම තරගයේ ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රහණය සඳහා තිසර පෙරේරා විසින් යවන ලද අවසන් පන්දුවේදී ලකුණු 4 ක්‌ ලබා ගත යුතුව තිබුණත් පන්දුවට පහර දුන් ග්ලෙන් මැක්‌ස්‌වෙල්ට එම අභියෝගය සඵල කර ගැනීමට නොහැකිවීම මත අතිශය තියුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෙල්බර්න් ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රතිවාදී පිලක්‌ ලකුණු හඹා යැම සඳහා ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යැමේ අභියෝගය භාර ගනිමින් පිටියට පැමිණි ඔස්‌ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ ආක්‍රමණික ක්‍රීඩා විලාශය හමුවේ පන්දුවාර 15 තුළදී ලබාගත්තේ කඩුලු 3 ක්‌ දැවී ලකුණු 119 ක්‌ පමණි.

ඒ අනුව මෙම තරගාවලිsය 2-0 ක්‌ ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීම මත පන්දුවාර විස්‌සයි-20 තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියානු පිල ඔවුන්ගේ මව්බිමේදී දෙවතාවක්‌ පරාජයට පත් කරන ලද එකම රට බවටද ශ්‍රී ලංකා කණ්‌ඩායම පත්වීම විශේෂත්වයක්‌ විය. එමෙන්ම ඔස්‌ටේ්‍රලියානු පිලක්‌ මින් ඉහතදී තරග 2 කින් සමන්විත විස්‌සයි-20 තරගාවලියක්‌ තම මව්බිමේදී පරාජයට පත්වී නොමැති අතර එම පරාජයද මෙම තරගාවලියේ ලැබීම කැපී පෙනෙන්නක්‌ බවට පත්විය.

අදාළ ලකුණු හඹා යැමේදී ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ හෙවත් පළමු පන්දුවාර 10 අවසනදී වර්ෂාවෙ-න් බාධා ඇතිවීම මත තරගය සුලු වේලාවකට නතර කිරීමට විනිසුරුවන්ට සිදුවුණු අතර එහිදී ඔස්‌ටේ්‍රලියානු පිලේ ඉලක්‌කය පන්දුවාර 15 කදී ලකුණු 122 ක්‌ වශයෙන් සංශෝධනයට ලක්‌විය. ඒ අනුව ඔස්‌ටේ්‍රලියානු ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක්‌ ලබාගත යුතුව තිබිණි. යම් ලෙසකින් මෙම තරගය නැවතත් පැවැත්වීමට නොහැකි වූවා නම් ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව පන්දුවාර 10 අවසනදී ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රහණය සඳහා කඩුලු 2 කදී ලකුණු 75 ක්‌ ලබා ගැනීමට අවශ්‍යව තිබුණත් එම අවස්‌ථාව වන විට ඔස්‌ටේ්‍රලියානු පිල ලබා සිටියේ කඩුලු 2 කට ලකුණු 60 ක්‌ පමණි.

අජන්ත මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ෂෝන් මාෂ්ගේ පිත්තේ තදින් වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් උඩ පන්දුවක්‌ ලෙස රැක ගනු ලැබුවද එය දැවී යැමක්‌ නොවන බවට සයිමන් µ්‍රයි විනිසුරුවරයා තීරණය කළ බැවින් ලකුණු 28 කදී නිමාවීමට තිබූ මාෂ්ගේ ඉනිම ලකුණු 47 දක්‌වා ඉහළ ගියේය. ඔහුට අමතරව නායක බෙයිලිද පන්දු 36 කදී ලකුණු 45 ක්‌ රැස්‌ කර ගත් නමුත් අවසන් පන්දුවාරයේදී ඔහු තිසරගේ පන්දුවක්‌ හමුවේ දැවී ගිsයේය.

ඔස්‌ටේ්‍රලියානු පිල සතු ප්‍රබලම පිතිකරුවා වන ඩේවිඩ් වෝනර්ව (07) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්‌ව තිබියදී ක්‍රීඩාගාරයට යෑවීමට කුලසේකර සමත්විය. අනතුරුව පස්‌වැනි පන්දුවාරයේදී µsන්ච්වද ලකුණු (07) කදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින් දවා ගැනීමට අජන්ත මෙන්ඩිස්‌ සමත්විය.

ඔස්‌ටේ්‍රලියානු නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන්ම ලකුණු රැස්‌ කිරීම ඇරැඹි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භය එතරම් සාර්ථක එකක්‌ නොවූවත් හිටපු නායක මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා එක්‌ව අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 60 ක්‌ රැස්‌ කිරීමට සමත්වීම මත අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක්‌ ඔස්‌ටේ්‍රලියානු පිලට ලබාදීමට අවස්‌ථාව උදාවිය.

එහිදී අංක 4 පිතිකරු ස්‌ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ජයවර්ධන පන්දු 45 කදී අලංකාර හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 5 ක්‌ද සමගින් ලකුණු 61 ක්‌ද තිසර පෙරේරා පන්දු 15 කදී හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 3 ක්‌ සමගිsන් ලකුණු 35 ක්‌ රැස්‌ කළහ.

බෙන් ලµaලින් විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී රිවර්ස්‌ ස්‌වීප් පහරක්‌ එල්ල කළ මහේල තම විස්‌සයි විස්‌ස තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. එම පන්දුවාරයේදීම තිසර පෙරේරා විසින් එල්ල කරන ලද පහර පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කළාපයට ඉහලින් ගොස්‌ ලකුණු 6 ක්‌ ලෙස සටහන් වීම ලµaලින්ගේ අවසන් පන්දුවාරයේදී වාර්තා වුණු මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 20 ක්‌ විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 39 ක්‌ තුළදී බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවද්දී පිටියට පිවිස ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීම සඳහා ජීවන් මෙන්ඩිස්‌ විසින් හිටපු නායකයාට ලබා දුන් සහයෝගය ඉතාමත් වටිනා එකක්‌ වීය. එහිදී ජීවන් සහ මහේල අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක්‌ රැස්‌ කරමින් ශ්‍රී ලංකා පිල ස්‌ථාවර තත්ත්වයකට රැගෙන ඒමට මග පාදනු ලැබූහ.

ඩොහර්ටිගේ පන්දුවකට වේගවත් පහරක්‌ එල්ල කළද එය ලෝන් ඕµa කලාපයේ පන්දු රකිමින් සිටි ෙµdaල්ක්‌නර් විසින් උඩ පන්දුවක්‌ ලෙස රැක ගැනීම මත ජීවන්ගේ අගනා ඉනිම ලකුණු 25 කට සීමා විය. පන්දු 24 කදී රැස්‌ කරන ලද එම ඉනිම සඳහා දැවි යන විට හතරේ පහර 3 ක්‌ ජීවන් විසින් ඇතුළත් කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් (06) ෙµdaල්ක්‌නර්ගේ පන්දුවක්‌ කඩුල්ලේ වැදීම මත දැවී ගියේය. එය ෙµdaල්ක්‌නර්ගේ මංගල ජාත්‍යන්තර කඩුල්ල වශයෙන් සටහන් විය. මෙම තරගයේ වැඩිම ප්‍රහාරයකට ලක්‌වූ පන්දු යවන්නා බවට පත් වූ බෙන් ලµaලින්ගේ පන්දුවකට පුල් පහරක්‌ එල්ල කිරීමට ගොස්‌ එය නිසියාකාරව පිත්තේ නොවැදීම මත චන්දිමාල්ද ලකුණු 05 ක්‌ ලබා සිටියදී පිටියෙන් ඉවත් විය. මෙම තරගාවලියේ කිසියම් දුරටකට සාර්ථක පිතිකරුවකු බවට ඔප්පු කළ කුසල් පෙරේරාද මැක්‌ස්‌වෙල්ගේ පන්දුවක්‌ හමුවේ බෙයිලි අතට උඩ පන්දුවක්‌ දී ලකුණු 15 කට දැවී ගියේය. මැක්‌ස්‌වෙල්ගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැන එම පහර කුසල් විසින් එල්ල කළද එය බෙයිලිගේ අත්ලට පත්වූයේ තරමක අසීරු උඩ පන්දුවක්‌ ලෙසිණි.

පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්‌වීම මත ළහිරු තිරිමාන්න මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට කණ්‌ඩායමට ආධුනික ක්‍රීඩක අකිල ධනංජයව කැඳවා තිබිණි.

No comments: