Tuesday, January 15, 2013

කරපු වැඩේ “සී.සී.ටී.වී”වලට මාට්ටු

ho4
අනුරාධපුර නගරයේ ජංගම දුරකථන අලෙවිහලක අලෙවිය සදහා තබා තිබු වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන පලාගිය තරුණයෙකු හා අනුරාධපුර මාර්කට් පෙදෙසේ පවත්වාගෙන යන තොග වෙළදසැලකින් රුපියල් 6000 කට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ සොරාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මුලස්ථාන පොලිසිය අදාළ ආයතන වල සී.සී.ටී.වී රූප රාමු ඔස්සේ පරීක්‍ෂණ සිදු කරයි.
ho3
අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ පවත්වාගෙන යන නෙටීවර්ක් ජී.එස්.එම් (පුද්ගලික) සමාගමේ සහ අනුරාධපුර මාර්කටී පෙදෙසේ ඞී.එමී. සුපර් ආයතනයේ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ (සී.සී.ටී.වී) සටහන්ව තිබු රූප රාමුවලට අනුව අනුරාධපුර මුලස්ථාන පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරමීභ කර ඇත.
ho2
එම ආයතන දෙකේ හිමිකරුවන් කැමරා පද්ධතිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ රූපරාමුවල සොරකමී සටහන් වී ඇති නිසා එම දත්තයන් පොලීසියට භාරදී ඇත.
ho1
දුරකථන අලෙවිසලට පැමිණෙන තරුණයා අක‍්‍රීය වු ණය කාඩිපතක් ලබා දී එසනින් දුරකථනය ලබාගෙන ගෙන පළාගොස් ඇත. මාර්කටී පෙදෙසේ පිහිටි තොග වෙළදසැලට පැමිණි කාන්තාව කජු මද කිරිපිටි ඇතුලූ රුපියල් 6000 ක් පමණ වටිනා භාන්ඩ සොරාගෙන පළාගොස් ඇති අතර එම සියලූම සොරකම් අදාළ ආයතන දෙකේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන් වී ඇත.

No comments: