Monday, January 14, 2013

යුරෝපීයෝ බෞද්ධ චාරිත්‍රානුකූලව විවාහ වෙති

Foren-cupalබුදුදහම හා භාවනාව පිළිබඳ පමණක් නොව බෞද්ධ චාරිත්‍ර පිළිබඳවත් බොහෝ යුරෝපීය රටවල බෙහෙවින් උනන්දුවක් ඇතිවෙමින් පවතී. ඒ අයුරින්  බොහෝ  දෙනෙක් තම විවාහයේදී  ද බෞද්ධ ආශිර්වාදයන් මත විවාහ සිරිත් පැවැත්වීමට කැමැත්තක් දක්වති. එබඳු ස්විස් ජාතික යුවළක් පසුගියදා ජිනීවා බෞද්ධ විහාරයට පැමිණ පිරිත් අසා ආශිර්වාද ලැබ තම විවාහයට, දෙපැත්තේම  දෙමව්පියන් සමග පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබන අවස්ථාව  මෙහි දැක්වේ.  මෙම අවස්ථාවට ජිනීවා බෞද්ධ විහාරයේ ආචාර්ය  තවලම ධම්මික නාහිමි, හල්විටිගල සුජාත හිමි හා මාත‍ලේ  අඹන ගංගාරාම විද්‍යාර්ථ පිරිවෙන්   විහාරාධිපති   තලකිරියාවේ විමලරතන නාහිමිද සහභාගි වූහ.

No comments: