Sunday, January 20, 2013

“කැකුලු මලක්” තලන්න හැදූ සෙබලාට පියාගෙන් පිහි ප්‍රහාරයක්”


kekulu-malaරාජාංගනය යාය
12 ප‍්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදුකිරීමට උත්සහ කළ සේවයේ නියුතු යුධහමුදා සෙබලෙකු එම දැරියගේ පියාගේ පිහි පහරකට ලක්වී බරපතල තුවාල ලබා රාජාංගනය ග‍්‍රාමීය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව රාජාංගනය පොලීසිය පවසයි.   පිහි ප‍්‍රහාරය එල්ල කල බවට සැකපිට දැරියගේ පියා අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. පිහිප‍්‍රහාරයට ලක් වුනු යුධ හමුදා සෙබලා ඔහුගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටින දැරියගේ නිවසට ගොස් ඇයට ඔහුගේ ජංගම දුරකථනයේ තිබු අසභ්‍ය ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවක් පෙන්වා සෙබලා ඇයව බදා ගැනිමට උත්සහ කරද්දී දැරිය කෑගසා ඇති අතර පිහියක් රැගෙන පැමිණි දැරියගේ පියා සෙබලාට පිහි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

No comments: