Monday, January 21, 2013

UNP postponed appointment of Deputy Leader ..... එජාප නියෝජ්‍ය නායක පත්කිරීම කල්යයි



United National Party has delayed naming of Deputy Leader, a post earlier held by MP Sajith Premadasa.

The working Committee meeting held today re-appointed Joseph Michael Perera and Daya Gamage as Assistant Leader and National Organizer of the party.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී, පක්ෂයේ උප නායක ලෙස ජෝශ්ප් මයිකල් පෙරේරා මහතාත්, ජාතික සංවිධායක තනතුර සඳහා දයා ගමගේ මහතාත් යළිත් පත් කර තිබේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය නායක තනතුර සඳහා සජිත් ප්‍රේමදාස මහතා යළිත් පත්කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගෙන නොමැති අතර, එය ඊළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දක්වා කල් දමා ඇත.

පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග විවාදයේදී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ සහ නායකත්වයේ අවසරයකින් තොරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ කාලය ගෙන කතා කිරිමේ සිද්ධිය මීට හේතුවී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර, නියෝජ්‍ය නායකට ධුරය රවී කරුණානායක මහතා පත්කරන ලෙස පක්ෂ නායකත්වයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කෙසේවුවද, මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයේ පුරප්පාඩුව පිරවීම තවදුරටත් කල් යනු ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එජාප නව ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල යටතේ, තිස්ස අත්තනායක මහලේකම් ලෙසත්, සභාපති ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත්, භාණ්ඩාගාරික ලෙස සෙනරත් කපුකොටුව මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිය.

No comments: