කල්පිටිය
අර්ධද්වීපයට අයත් උච්චමුණේ දූපතේ පදිංචි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක්
පැහැර ගෙන වෑන් රථයකින් වත්තල ප්‍රදේශයට රැගෙන යමින් සිටි කාන්තාවන්
දෙදෙනෙක් සහ පිරිමින් දෙදෙනෙක් සමග වෑන් රථය කල්පිටිය පොලිසිය මගින් ඊයේ
(13) සවස අත්අඩංගුවට ගෙන ඇත. තමන්ගේ දැරියන් පැහැර ගෙන යමින්
සිටින බවට එම දෙමව්පියන් විසින් කල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක්
අනුව අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. මෙම දැරියන් දෙදෙනා වයස අවුරුදු 13
පසුවෙති. තමන් මෙම දැරියන් දෙදෙනා වත්තලට රැගෙන යන්නේ ඇඟලුම් කම්හලක සේවය
සඳහා යැයි සැකකාරියන් පවසා ඇත. වෑන් රියේ තවත් ගැහැණු ළමුන් සිට ඇති අතර
ඔවුන් වයස සම්පූර්ණ කළ අය බැවින් නිදහස් කළ බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් මෙම ළමුන් උච්චමුණේ වැනි දූපතක සිට වත්තලට රැගෙන ගියේ ඇඟලුම්
කම්හල් සේවයටද නැත්නම් වෙනත් නීතිවිරෝධි ක්‍රියාවක් සඳහාදැයි පොලිස් විශේෂ
කාර්‍ය බලකාය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් සිව් දෙනා අද (14) පුත්තලම
අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. Monday, January 14, 2013
උච්චමුණේ දූපතෙන් දැරියන් පැහැර ගෙන යද්දී අල්ලති
කල්පිටිය
අර්ධද්වීපයට අයත් උච්චමුණේ දූපතේ පදිංචි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක්
පැහැර ගෙන වෑන් රථයකින් වත්තල ප්‍රදේශයට රැගෙන යමින් සිටි කාන්තාවන්
දෙදෙනෙක් සහ පිරිමින් දෙදෙනෙක් සමග වෑන් රථය කල්පිටිය පොලිසිය මගින් ඊයේ
(13) සවස අත්අඩංගුවට ගෙන ඇත. තමන්ගේ දැරියන් පැහැර ගෙන යමින්
සිටින බවට එම දෙමව්පියන් විසින් කල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක්
අනුව අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. මෙම දැරියන් දෙදෙනා වයස අවුරුදු 13
පසුවෙති. තමන් මෙම දැරියන් දෙදෙනා වත්තලට රැගෙන යන්නේ ඇඟලුම් කම්හලක සේවය
සඳහා යැයි සැකකාරියන් පවසා ඇත. වෑන් රියේ තවත් ගැහැණු ළමුන් සිට ඇති අතර
ඔවුන් වයස සම්පූර්ණ කළ අය බැවින් නිදහස් කළ බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් මෙම ළමුන් උච්චමුණේ වැනි දූපතක සිට වත්තලට රැගෙන ගියේ ඇඟලුම්
කම්හල් සේවයටද නැත්නම් වෙනත් නීතිවිරෝධි ක්‍රියාවක් සඳහාදැයි පොලිස් විශේෂ
කාර්‍ය බලකාය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් සිව් දෙනා අද (14) පුත්තලම
අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment