Friday, January 18, 2013

කාම අතවර වෙන දරුවන්ට ප්‍රථිකාර ඒකක

mor99ලිංගික අපයෝජනයට ලක්වෙන දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොළඹ ජාතික රෝහලේ වෙනමම ඒකක දෙකක් ප්‍රථම වරට ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දහනායක මහත්මිය සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සි‍රිසේන මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත. මේ අනුව සෑම ප්‍රධාන රෝහලකට මෙවැනි ප්‍රතිකාර ඒකක පිහිටුවීමට කටයුතු කරන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපදෙස් දී ඇත.

No comments: