Tuesday, January 29, 2013

ඇමැති 58 දැන් 65 යි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවන ධුර කාලයේ ප්‍රථම ඇමැති මණ්‌ඩල සංශෝධනය ඊයේ (28 දා) සිදුවිය.

මෙහිදී ජනාධිපති ඉදිරියේ නව ඇමැතිවරු දසදෙනෙක්‌ ද, ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක්‌ ද, නියෝජ්‍ය ඇමැතිවරු හයදෙනෙක්‌ ද දිවුරුම් දුන්හ.

ඊයේ සිදු වූ ඇමති මණ්‌ඩල සංශෝධනයත් සමඟ මෙතෙක්‌ පැවැති ඇමැති ධුර සංඛ්‍යාව 65 දක්‌වා ඉහළ නගී. ඊයේ දක්‌වා ඇමැති ධුර 58 ක්‌ (ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 10 දෙනා ද සමඟ) පැවතිණි. ඊයේ සිදු වූ සංශෝධනය සමඟ ඇමැතිවරු පස්‌දෙනෙක්‌ සහ ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක්‌ ඇමැති ධුර අතරට එක්‌වූහ.


ඇමැති 58 දැන් 65 යි

මේ අනුව පත් වූ නව ඇමැති පදවි දහය සහ ඔවුන්ගේ නම් මෙසේය.

* පරිසර හා පුනර්ජනනීය ඇමැති: සුසිල් ප්‍රේමජයන්ත

* තාක්‍ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති: පාඨලී චම්පික රණවක

* ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති: අනුර ප්‍රියදර්ශන යාපා

* සීනි කර්මාන්ත ඇමැති: ලක්‍ෂ්මන් සෙනෙවිරත්න

* ආයෝජන ප්‍රවර්ධන ඇමැති: ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

* උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති: ජයරත්න හේරත්

* අධ්‍යාපන සේවා ඇමැති: දුමින්ද දිසානායක

* වනජීවී සම්පත් සංරක්‍ෂණ ඇමැති: ගාමිණී විජිත් විජයමුණි සොයිසා

* ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති: බෂීර් සේගුදාවුද් යන මහත්වරු.

* විදුලිබල හා බලශක්‌ති ඇමැති: පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

මෙම අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ජයරත්න හේරත්, දුමින්ද දිසානායක, ගාමිණී විජිත් විජයමුණි සොයිසා හා පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරු කැබිනට්‌ මණ්‌ඩලයට අලුතින් එක්‌ වූ අය වෙති.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරුන් වූ රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරු එම අමාත්‍යාංශවල ව්‍යාපෘති ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන්හ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරුන් හයදෙනකුගේ විෂයයන් වෙනස්‌ වී නව අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් දිවුරුම් දුන්හ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය සඳහා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනකු දිවුරුම් දුන්හ.

* ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරු: එස්‌. එම්. චන්ද්‍රසේන, සුසන්ත පුංචිනිලමේ, එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා යන මහත්වරු.

* ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති: ෆයිසර් මුස්‌තාපා

* පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති: ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්

* ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති: සරත් කුමාර ගුණරත්න යන මහත්වරු.

ඊයේ (28 දා) පෙරවරු 11.55 ට පමණ යෙදුණු සුබ මොහොතින් නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ.

අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති මෙම දිවුරුම් දීමේ උත්සවයට අගමැති දි. මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු ද එක්‌වූහ.

No comments: