Monday, December 31, 2012

කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

නීතිපති උපදෙස්‌ මෙතෙක්‌ නොලැබීම නිසා යළිත් වතාවක්‌ කරන්දෙනිය හොඳ හිත දොස්‌තර ලෙස ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය 2013 ජනවාරි මස 07 දින දක්‌වා කල් තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් අසංග ශ්‍යාම්ලාල් බෝදරගම මහතා (28 දා) නියෝග කළේය.

වෛද්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 05 දෙනා ජනවාරි 07 වැනි දින දක්‌වා යළිත් රක්‍ෂිත බන්ධනාගරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කරන්දෙණිය පුංචි බොරකන්දේ රසායනාගාර පරීක්‍ෂක කේ. ඩී. චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහහැතැප්මේ පදිංචි යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, යුද හමුදාවේ සෙබළ අයිය මලෝ වන එස්‌. එච්. ජයලත්ද සිල්වා, එස්‌. එච්. ශාන්ත ද සිල්වා, මීටියාගොඩ මහවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා යන සැකකරුවන් පස්‌දෙනා ඒ අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම නඩුව ඉකුත් 28 දින යළි කැඳවූ අවස්‌ථාවේදී රහස්‌ පොලිසිය වෙනුවෙන් කරුණු දැක්‌වූ සැරයන් මැදගම මහතා, වෛද්‍යවරයාගේ ඥතීන්ට දුරකථනයෙන් බලපෑම් කළ බව කියන ඉඳුනිල් ඉන්දික නමැති අයකුගෙන් ප්‍රශ්න කළ බව දන්වා සිටියේය. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලෙස්‌ලි ජයසිංහ මහතා පෙනී සිටියේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු කිසිවෙක්‌ පෙනී නොසිටියහ.

යළි නඩු විභාගය ජනවාරි 07 දින විභාගයට ගැනීමට නියමිතය.
 

හබරාදුවේ තද සුළඟින් නිවාස රැසකට හානි

හබරාදුව ලණුමෝදර ප්‍රදේශය හරහා ඊයේ (30 දා) සවස හමාගිය තද සුළඟකින් නිවාස රැසක වහළවලට හානි සිදුවී ඇති අතර ගස්‌ කොළන් කඩාවැටීමෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබිණි. නිවාස කිහිපයක වහළවල ටකරන් ද තවත් නිවාස කිහිපයක උළු ද සුළඟට ගසාගෙන ගොස්‌ තිබූ අතර විදුලි රැහැන් මතට ගස්‌ කොළන් කඩාවැටී තිබිණි.

ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල ශබ්දයක්‌ සමඟ එක්‌වරම තද සුළඟක්‌ හමාගිය බවයි.

සිද්ධිය සැලවීමත් සමඟ හබරාදුව ප්‍රාදේශීය ලේකම් අයේශා කාරියවසම්, හබරාදුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් වලල්ලාවිට, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ යන මහත්ම මහත්මීහු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නිලධාරීහු පැමිණ අවශ්‍ය සහන සේවා සැපයීමට පියවර ගනු ලැබූහ
 

පරිභෝජනයට නුසුදුසු ඉන්දියාවෙන් ගෙන්වූ සතොස ලොකු ලූනු ගබඩා 3කට සීල් තබයි

ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගන්නා මුවාවෙන් දඹුල්ලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූනු කිලෝ 44,700 ක්‌ මිලදී ගෙන ගබඩාකර තිබූ ලංකා සතොස ගබඩා තුනක්‌ සීල් තැබීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) පියවර ගත්තේය.

අමාත්‍යවරයාට ලැබුණු තොරතුරක්‌ මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක්‌ විසින් පෙරේදා (29 වැනිදා) හදිසි වැටලීමක්‌ කර වැලිසර කුරුණෑගල ගැට්‌ටුවාන සහ මැකලම් පාර ලංකා සතොස තොග ගබඩාවල ගබඩාකර තිබියදී මෙම ලූනු තොගය සොයාගෙන තිබේ.

දේශීය ගොවීන්ගෙන් පහසුවෙන් ලොකු ලූනු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය ඉවත්කර තිබෙන අතර එය සැලකිල්ලට ගෙන ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගන්නා මුවාවෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති පරිභෝජනයට නුසුදුසු ලක්‍ෂ 45 ක්‌ පමණ වටිනා ලූනු මිලදීගෙන ඇතැයි වැටලීමට සහභාගිවූ නිලධාරියෙක්‌ කීය.

මෙසේ පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු මිලදී ගත් ලංකා සතොස නිලධාරීන් සහ ඒ සඳහා වගකිවයුතු සියලු නිලධාරීන්ගේ රාජකාරිය වහාම අත්හිටුවන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ජී. කේ. ඩී. අමරවර්ධන මහතාට ඇමැතිවරයා ඊයේ (30 වැනිදා) උපදෙස්‌ දී තිබේ.

එමෙන්ම පාරිභෝජනයට නුසුදුසු ආහාර සතොස මගින් අලෙවි කරනවාද යන්න නිතර සොයා බලන ලෙසද ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියට උපදෙස්‌ දී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 

මාතලේ ආපදා ප්‍රදේශ ජනපතිගේ නිරීක්‍ෂණයට

පසුගිය දිනවල සිදුවූ කාලගුණික තත්ත්වයන් නිසා ඇතිවූ හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් විපතට පත්වූ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව පිළිබඳව සොයා බැලීමට පෙරේදා (29 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌විය.
මාතලේ සහ ලග්ගල ආසන යා කෙරෙන අඹන්ගඟ හරහා ඉදිකොට ඇති රත්ගම්මන පාලම නිරීක්‍ෂණය කිරීමට ජනාධිපතිවරයා පැමිණි අවස්‌ථාව මෙහි දැක්‌වේ.

හයදෙනකු අතින් අතවරයට ලක්‌ වූ ඉන්දීය සිසුවිය අවසන් ගමන් යයි

දිල්ලියේදී හයදෙනකු අතින් දූෂණයට ලක්‌වී දින 13 ක්‌ තිස්‌සේ ජීවිතය හා සටන් කළ 23 හැවිරිදි ඉන්දීය භෞතචිකිත්සක ශිෂ්‍යාවගේ අවසන් කටයුතු ඊයේ (30 දා) පෙරවරුවේ දකුණු දිල්ලියේදී සිදු කෙරිණි.

මේ ශිෂ්‍යාව සිකුරාදා අලුයම සිංගප්පූරුවේදී මරණයට පත් වූ අතර ඉරිදා අලුයම 3.30 ට පමණ ඇගේ දේහය දිල්ලියට රැගෙන එනු ලැබිණි. එයින් පැය කිහිපයකට පසුව ඇගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් හින්දු චාරිත්‍ර අනුව මේ තරුණියගේ දේහය ආදාහනය කරනු ලැබීය.

මේ ආදාහනය මාධ්‍යයට වාරණය කර තිබිණි.

මේ ශිෂ්‍යාවගේ දේහය භාරගැනීම සඳහා නවදිල්ලි ගුවන් තොටුපළට ඉන්දීය අගමැති මන්මෝහන් සිං හා කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි පැමිණ සිටියහ.

ටෝනි ග්‍රෙග් සමු ගනියි

ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක්‌ වූ එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රෙග් මහතා පෙරේදා (29 දා) හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා පෙණහලු පිළිකාවකින් පෙළුණු බවද විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ, ක්‌වින්ස්‌ටවුන් හිදී 1946 ඔක්‌තෝබර් 06 වැනිදා උපත ලැබූ ඒ මහතා එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 58 කට සහ එක්‌ දින තරග 22 කට පමණ ක්‍රීඩා කර දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයකු ද වෙයි. 1977  වසරේදී ක්‍රීඩාවෙන් සමුගත් ඔහු ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු වශයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය.

ඔස්‌ටේ්‍රලියාව හා පාකිස්‌ථානය අතර 2012 අගෝස්‌තු හා සැප්තැම්බර් අතර ඩුබායි හිදී පැවැති ක්‍රිකට්‌ තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙලුණු බව අනාවරණය විය.

මුල් වරට එම රෝග තත්ත්වය ස්‌වාස නාලිකා රෝගයක්‌ ලෙස හඳුනාගත් නමුදු ඔහුගේ දකුණු පෙණහල්ලේ කුඩා ගැටිත්තක්‌ වැනි තත්ත්වයක්‌ දක්‌නට ඇතැයි නිරීක්‍ෂණය වී ඇත්තේ ලංකාවේදී නිමාවට පත්වූ පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අතරතුරදීය. ඉන් අනතුරුව ටෝනි ග්‍රෙග් මහතා ඔස්‌ටේ්‍රලියාවට පැමිණීමෙන් පසු සිදු කළ පරීක්‍ෂාවකින් පසු ඔහුගේ පෙණහල්ලේ පිළිකාවක්‌ ඇතැයි නිශ්චිතව තහවුරු වූ බව විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

පසුව ඒ මහතාට ශල්‍යකර්මයක්‌ සිදු කළ බව විදෙස්‌ වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

Saturday, December 29, 2012

සා. පෙළ පිළිතුරු පත් ඇගැයීම හෙට සිට

අ.පො.ස. (සා. පෙළ) උත්තරපත්‍ර ඇගයීම හෙට (30) ආරම්භ කැරේ 2013. 01. 08 දින දක්වා මධ්‍යස්ථාන 78ක දී මණ්ඩල 1606ක ක්‍රියාත්මක වේ.
නගර 55ක් ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා අතර, 33,000ක කාර්ය මණ්ඩලයක් ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
උත්තරපත්‍ර ඇගයීම දෙවන අදියර 2013. 01. 15 දින සිට 2013. 01. 24 දින දක්වා මධ්‍යස්ථාන 19ක පැවැත්වෙන බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.

Thursday, December 27, 2012

ලක්‌දිව මෙහෙණි ශාසනය ඇරැඹුණු උඳුවප් පොහොය

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්වූ අනුලා දේවිය ප්‍රධාන පන්සියයක්‌ ආර්ය කාන්තාවන් බවට පත්වූ සිංහල කාන්තා පක්‍ෂයට පැවිදි වීමට ඉඩකඩ ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ හා දෙවනපෑතිස්‌ රජුගේ ආරාධනාවෙන් උඳුවප් පොහොය දින සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන එකොළොස්‌ නමක්‌ භික්‌ෂුණී සංඝයා ලංකාවට වැඩම කර එම ස්‌ත්‍රී සමූහයා පැවිදි කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවීමෙන් අනතුරුවයි.

ශ්‍රී සංඝමිත්තා මහ රහත් මෙහෙණිය, ලංකා මෙහෙණි සසුන, ජයසිරි මහ බෝධිය, අනුරාධපුරය, සිංහල කාන්තා ප්‍රබෝධය පිළිබඳව මෙනෙහි කරන හැම බෞද්ධයන් තුළම ඇතිවන්නේ මහා ප්‍රීතියක්‌. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු එකොළොස්‌ නමක්‌ භික්‍ෂුණීන් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රැගෙන ලක්‌දිවට වැඩම කිරීම, ලක්‌දිව භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම හා

ශ්‍රී ලංකා කාන්තා දිනය සැමරීම ආදී ඉතා වැදගත් කරුණු රැසක්‌ සිහිපත් කරන්නේ මෙම උඳුවප් පොහොය දවසේයි.

මහත් ආත්ම ශක්‌තියකින් හා ආත්ම බලයකින් යුත් සංඝමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගය සිංහල ජාතිය පවත්නාතාක්‌ පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවතිනු ඇත.

විහාරමහා දේවිය වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්‌තියෙන් හා දේශමාමකත්වයෙන් යුතු වීරවරියන්, ලීලාවතී, කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්‌ත රාජ මෙහෙසියන්, ඇහැළපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, හේමාවන් වැනි ගුණ නුවණින් යුතු වනිතාවන් මේ රටේ පහළ වූයේ නම් මතුවටද පහළ වන්නේ නම් ඒ සංඝමිත්තා රහත් උත්තමාවගේ අනුපමේය සේවයේ විශිෂ්ට ඵලය නිසාමය.

නොයෙක්‌ ග්‍රන්ථකරණයේත්, ධර්මදූත සේවාවේත් යෙදුන සිංහල භික්‌ෂුණීන් පිළිබඳ වැදගත් ප්‍රවෘත්ති ඉන්දියා ඉතිහාසයෙහි සඳහන් වී ඇත. වරක්‌ පිරිහී ගිය චීන භික්‌ෂුණී ශාසනය නැවත ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්‍ෂුණීන් විසිනි. මෙසේ ජාත්‍යන්තර කීර්තියට පත්වෙමින් සිංහල භික්‍ෂුණී සංඝයා විසින් උදාර සේවාවක්‌ සිදු කරන ලදී.

දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකා භික්‌ෂුණී ශාසනය විශාල වශයෙන් දියුණු වී තිබුණි. සාමාජික, ආර්ථික ආදී වශයෙන් යම් උච්ඡස්‌ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම් ඒ සියල්ලම ශ්‍රී සංඝමිත්තා උත්තමාවගේ උද්දීප්ත යුගය සිහිපත් කරන සංකේතයන් යෑයි කීම වරදක්‌ නොවේ.

සිංහල කාන්තා පක්‌ෂයට සෞභාග්‍යයේ අරුණෝදයෙන් ප්‍රබෝධමත් වන්නට හැකිවූයේ එතුමිය විසින් හෙළි පෙහෙළි කර දුන් විමුක්‌තියේ රජත මාර්ගය නිසා බව හැම හෙළ කාන්තාවක විසින්ම මහත් වූ ගෞරව නමස්‌කාරයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

මාවල්ගම Æණිස්‌සර හිමි
පාදුක්‌ක, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පරිවෙණාධිපති,

අනුරපුර ශික්ෂණ රෝහ‍ලේ දුර්ලභ දරු උපතක්

                   ලෝකයේ සිදුවන දරු උපත් අතරින් ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ඊයේ (26) උදෑසන 5.39 ට  අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේදී සිදූ වී  තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් එක් මව් කුසක්  තුල දරුවන් දෙදෙනකු හටගෙන (නිවුන්) ඉන් එක් බිළිදෙකු සති 24දී  කුස තුල මිය ගොස් ඇති අතර එම බිලිදා සාමාන්‍ය අයුරින් කුසෙන් ඉවත් කර අනෙක් බිළිඳා සාමාන්‍ය අයුරින්  කුසතුළ වර්ධනය වී  මෙලොව එළිය දැකීමයි. 
                    වෛද්‍ය ඉතිහාසයේ නවවතාවක් මෙවැනි දරු උපත් සිදූ වී ඇතත් ශ්‍රී ලංකාව  වැනි අඩු පහසුකම් සහිත රටක මෙවැනි දරු උපතක් සිදුව ඇත්තේ තමන් දන්නා  තරමින් පළමු වතාවට බව අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අසේල අමරසිංහ මහතා අප සමග පැවසීය. 2007 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ මධ්‍යම ප්‍රාන්තයේ රසල්ස් හෝස් රෝහ‍ලේ කෙලි බැඩ්බර්න්ගේ නමැති 26 හැවිරිදි  ගුවන් සේවිකාව   (බ්‍රිතාන්‍යයේ මොනාත් ගුවන් සේවයේ) මෙවැනි දරු උපතක් කර ඇතත් එය සැත්කමක් මගින් වූ දරු උපතකි. 
                     එම දරු උපතටද දායක වී ඇත්තේ හීලංකාවේ වෛද්‍යවරයෙකු  වන ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමන ශීල ද සිල්වා මහතාය. එහෙත් අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශයක අඩුපාඩුකම් යටතේ ඉතා ඕනෑකමින් සති 36ක් දරු ගැබද ආරක්ෂා කර මවගේ ජීවිතයද ආරක්ෂා කර මෙම දරු උපත සිදු කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අසේල අමරසිංහ මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් වන සමන්ත කුමාර, චින්තක ධම්මිආරච්චි, චින්තක සෙනෙවිරත්න, සචි ගෝවින්දගේ, ප්‍රසාද් මාරසිංහ, තුසිත බෝධිනායක, සමීර නානායක්කාර යන මහත්ම මහත්මීන් කටයුතු කර ඇත. 

                      මෙම වාසනාවන්ත දරු උපත සිදුකර ඇත්තේ දඬුවැව, මැදවච්චිය පදිංචි ඒ. ජීවන්ති නිල්මිනි (29) මහත්මියයි. ඇය දෙදරු මවකි.

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම අඩි අටක් ගිලා බසී

පරාක්‍රම සමුද්‍රයේ හෙරමුදු වැව ප්‍රදේශයේ වැව් බැම්මේ පිට පැත්තේ අඩි අටක පමණ ගිලා බැසීමක් වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති. අක්කර අඩි 110,000 දරා සිටින පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අවදානම් සහගත තත්ත්වයකට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳ   වාරි මාර්ග නිලධාරීන් සැලකිල්ලක් දක්වා නොමැති බවත්, ඔවුහු චෝදනා කරති. පවතින තත්ත්වය පිළිබඳ ‍පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්. පී. කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා සඳහන් කළේ මේ ස්ථානයේ වැව් බැම්මේ පිට පැත්තේ තිබෙන ගිලා බැස්ම පසුගිය සමයේ වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය මගින් වැව් බැම්මේ පිටපැත්තේ අතුරණ ලද පස් ස්ථරය සෝදාගෙන ගොස් ඇති බවයි. අධික වැසි හේතුවෙන් මාර්ගයේ ගලා ගිය ජල පහරින් එසේ සෝදාගොස් ඇති බවත්, එය පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, හෙතෙම වැඩිදුරටත් පැවැසීය. කෙසේ වෙතත් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ වියළි ආරක්ෂණ ව්‍යාපෘතිය මගින් යෙදූ පස් ස්ථරය ශක්තිමත් නැති බවත්, ඒ නිසාම මෙම ස්ථානයේ අඩි අටක පමණ ගැඹුරින්  සහ අඩි තුනක පමණ වට ප්‍රමාණයකින් යුත් වළක් හෑරීමට අමතරව ඒ ආශ්‍රිතව  කිහිප තැනකම මෙසේ සෝදාගෙන ගොස් ඇති බවත් ගොවීහු චෝදනා කරති. පවතින අවදානම් සහගත තත්ත්වය මගහැරවීමට වහාම බලධාරීන් ක්‍රියා කළයුතු බව ගොවීහු පෙන්වා දෙති.

තව දුරටත් වැසි...

  පසුගිය දින කිහිපය පුරාම වර්ෂාව නිසා පීඩාවට පත් වූ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව යන පළාත්වලට තවදුරටත් විටින් විට වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
                         සෙසු පළාත්වලද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. මේ අතර ගංවතුර පවතින ප්‍රදේශවල තවදුරටත් ඒ අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
                        මල්වතු ඔය පිටාර ගැලීම නිසා මන්නාරමේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගංවතුර තත්ත්වය බලපා ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය පවසයි. මඩුක්කරෙයි, තම්පහිකුලම්, පන්නවෙට්ටුවාන්, අච්චන්කුලම්, හරිහාරිකණ්ඩල්, රාසමඩු, තේකම්. ඇතුලු ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබේ. මන්නාරම මාන්තායි බටහිර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය උපදෙස් දී ඇත.

Monday, December 24, 2012

හෙට බාර් ,වයින් ස්ටෝර්ස් වහලා

හෙට (25) දිනට යෙදී තිබෙන නත්තල් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති සියලුම සූරාසැල් සහ බලපත්‍රලාභි මත්පැන් අලෙවිසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඩී.ජී.එම්.වී.හපුආරච්චි මහතා නියෝග කොට ඇත. සුරාබදු කොමසාරිස්වරයාගේ නියෝගය නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හෙට දවසේ දිවයින පුරා සියලුම සූරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් වැටලීම් කටයුතුවල නිරත වනු ඇත.

මාරක අනතුරින් පෙම්වතියත් මරුට

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ‘ලයිටි හවුස්’ හෝටලය අසලදී අද (23) යතුරු පැදියක් හා ලොරියක් එකිනෙක ගැටී යතුරුපැදි කරු සහ එහි ගමන් ගත් කාන්තාව බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේදී මිය ගොස් තිබේ. මීට ටික වේලාවකට පෙර ඇයද මිය ගිය බව වාර්ථා වේ. තිළිණ සෝමසිරි (29) මෙලෙස මිය ගිය අතර ඔහු සිය පෙම්වතිය හා යතුරු පැදියේ යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්විය. ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

පිටවූ ප්‍රශ්නවලට යළි විභාග නෑ.... පිටවූ ප්‍රශ්න 19ටම සියලුම සිසුන්ට ලකුණු

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව තහවුරු වී ඇතත්, නැවත වරක්  විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. පුද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් විසින් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහ නවයක් සම්මන්ත්‍රණයකදී දී ඇති අතර එම ප්‍රශ්න සඳහා සියලුම සිසුන්ට ලකුණු දීමට අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලකුණු දහ නමයක් සිසුන්ට හිමිවේ. මේ ආකාරයට සියලුම සිසුන්ට ලකුණු දීම නිසා නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා ලකුණු දහනමයක් ලැබිම නිසා මෙවර විභාගයේදී විද්‍යාව විෂය සමත්වීමේ ප්‍රතිශතයද ඉහළ යනු ඇත.

තිස්සමහාරාම වැවේ බෝට්ටු සංචාරයේ කිසිම ආරක්ෂාවක් නැහැ - තිස්ස රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය

තිස්සමහාරාම වැවේ බෝට්ටු සංචාරය කිසිදු ආරක්ෂක ක්‍රමයක් යටතේ නොපැවැත්වෙන බව තිස්සමහාරාම මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එම්.එන්.එච්. මහතා පවසයි. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ පැවසුවේ ඉකුත් 22 වැනිදා තිස්සමහාරාම වැවේ ගිලී මියගිය තරුණයන් හත් දෙනාගේ මරණ පරීක්ෂණය තිස්සමහාරාම මූලික රෝහලේ දී 23 වැනිදා පැවැත්වීමෙන් පසුවය. වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා “ මෙම මගී බෝට්ටු නිසි ප්‍රමිතියකින් පවතිනවාද? බෝට්ටුකරුවන් මනා පුහුණුවක් සහිත අයද යන ප්‍රශ්ණ මෙහිදී පැන නගිනවා. ජීවිතාරක්ෂක කබා පැළඳීම සහ ගමන් කළ මගී සංඛ්‍යාව වැනි කරුණු පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදුකර නැහැ. නිරුපද්‍රිතව ජලයේ හැසිරීමට මනා හැකියාවක් තිබිය යුතුයි. බීමත්ව සිටීමෙන් කොහෙත්ම එය කළ නොහැකියි. වගකිවයුතු නිලධාරින් මහජනතාවගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු “ යැයිද ඒ මහතා කීය.

හලාවත පිදුරුවලට ලොකු ඉල්ලුමක්

හලාවත සහ ඒ අවට පිදුරු මිටියක මිළ රුපියල් 70.00 දක්වා ඉහල ගොස් ඇත. කතෝලික බැතිමතුන් නත්තල සැමරීමත් සමගම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීම සඳහා ගවලෙන් ඉදි කිරීම සිදු කරයි. ගවලෙන් ඉදි කිරීමේදී පිදුරු යොදා ගන්නා නිසා මේ දිනවල පිදුරු වලට ඇත්තේ ඉහල ඉල්ලුමකි. පසුගිය දිනවල හලාවත සහ ඒ අවට ප්‍රදේශ වලට පැවති ගංවතුර තර්ජනයක් ඇති විය. මෙම තත්ත්වය නිසා ගොඩ ගසා තිබූ පිදුරු විනාශ වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව පිදුරු අලවිකරණ ව්‍යාපාරිකයින් පවසයි.

නුවරඑළිය, වැළිමඩ පාර අරියි

නුවරඑළිය, වැළිමඩ ප්‍රධාන මාර්ගය අද (24) පෙරවරුවේ සිට නැවත විවෘත කොට තිබේ. නුවරඑළිය, හග්ගල උද්භිත උද්‍යානයට මඳක් ඔබ්බෙන් පිහිටි වනරක්ෂිතයේ සක්‍රීය වී ඇති නාය යාමක් හේතුවෙන් එහි සිට රූටා එමින් තිබෙන මහ පස් කඳු හා ගල්පර වලින් මෙම මාර්ගය අදාළ ස්ථානයේ සිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබීම නිසා ඉකුත් දින දෙකක පමණ කාලයක් මාර්ගය වසා දමා තිබිණි.

අනුරපුරට-පොලොන්නරුවට යළිත් ගංවතුර

අනුරාධපුරයට හා පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන මහා වර්ෂාව නිසා නැවතත් ගංවතුර තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගත වූ දෙදින තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හොරොව්පතාන නගරය ජලයෙන් යටවී මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර නගරයේ පහත් බිම් රැසක්‌ ද ගංවතුර තර්ජනයට ලක්‌වී තිබේ.

සෙලින්කෝ VIP කුමරිය තාරුකා වන්නිආරච්චි

පළාත් නවයක්‌ නියෝජනය කරමින් තරග වට හයකින් සහ අනුතරග පවත්වමින් මාස නවයක්‌ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ ආයතනය මගින් පවත්වනු ලැබූ මිස්‌ සෙලින්කෝ VIP කුමරිය තේරීමේ තරගයේ අවසන් තරගය පෙරේදා (22 දා) කොළඹ ගලධාරී හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී පළාත් නවයක්‌ නියෝජනය කරමින් සුරූපිණියන් 18 දෙනකු අතරින් 2012 මිස්‌ සෙලින්කෝ කුමරිය ලෙස තාරුකා වන්නිආරච්චි (මැද) තේරුණු අතර ඉරෝෂා අසංකි (වම) දෙවන ස්‌ථානයත් රුක්‌ෂානි රශ්මි ප්‍රභා (දකුණ) තුන්වැනි ස්‌ථානයත් හිමිකර ගත්හ.

අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවේ

සාමයේ පණිවුඩය ලොවට බෙදාදුන් කිතු සමිඳාණන්ගේ උපත සිහි ගැන්වෙන අසිරිමත් නත්තල අද (24 දා) මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි.

නත්තල නිමිත්තෙන් අද මැදියම් රැයේ දේව මෙහෙයන් උතුර -නැගෙනහිර ඇතුළු සෑම දෙව්මැඳුරකම සිදුකරනු ලබන අතර දුක්‌ විඳින්නන් සමග නත්තල බෙදා හදා ගන්න යෑයි විශේෂ දේශනයන්වල මාතෘකාව වී ඇතැයි කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශකයෙක්‌  පැවැසීය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගි වන නත්තල් දේව මෙහෙය කළුතර කලමුල්ල දෙව්මැඳුරේදී පැවැත්වේ.

මේ අතර නත්තල් කැරොල් කණ්‌ඩායම් අද රාත්‍රියේ සිට වීථි සංචාරය කරන අතර විශේෂයෙන් ගංවතුරෙන් අසරණ වූ අසරණයන් සිටින ස්‌ථානවලටද මෙම කැරොල් කණ්‌ඩායම් පිටත්ව යනු ඇත.

තිස්‌ස වැවේ බෝට්‌ටු සවාරිය කඳුළු ගඟක්‌ වේ මරණ 7 යි 10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින් ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබේ. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (22 වැනිදා) සවස 3.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා සෙසු පිsරිස බේරාගෙන ඇත.

බෝට්‌ටු චාරිකාවේ යෙදුණු පුද්ගලයන් අධික ලෙස බීමත්ව ඉතාම අනාරක්‍ෂිත ආකාරයට බෝට්‌ටුව තුළ හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ බෝට්‌ටුවේ සමබරතාව පාලනය කර ගැනීමට නොහැකිව එකවර එය පෙරළී ගිය බව දිවි ගලවාගත් පුද්ගලයකු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මුනිසාමි මාටින් රසික චන්දිමාල් (26), කළුතර පටබැඳිගේ අසේල නිරෝෂන (20), නම්මුනිගේ ශ්‍රියන්ත පීරිස්‌, මුත්තු කුමාර් ශ්‍රීධරන් (18) නමැති ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචිකරුවන් සහ පැලවත්ත, ගලහිටියාව, ගොඩකවෙල පදිංචි බෝපැත්aත ලියනගේ රොෂාන් තිලකරත්න, අඟුණුකොළපැලැස්‌ස පදිංචි සිරිගල දෙකන රාළලාගේ රනිල් චමින්ද කුමාර, පාදුක්‌ක අංගම්පිටියේ පදිංචි ඩී. මනෝඡ් යන 7 දෙනායි.

මෙම පිරිස කතරගම වන්දනාවේ ගොස්‌ අනතුරුව තිස්‌ස වැවේ බෝට්‌ටු සංචාරයකට පැමිණ බෝට්‌ටුවේ නැගී වැව වටා ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්‌ වී ඇත.

අනතුර සිදුවී පැය කිහිපයක්‌ යන විට අතුරුදන් වූ පස්‌ දෙනකුගේ සිරුරු නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබූ අතර දෙදෙනකුගේ සිරුරු ඊයේ (23 වැනිදා) පෙරවරුවේ සොයාගෙන තිබුණි. මියගිය පිරිස හෝමාගම ප්‍රදේශයේ කම්බිදැල් නිෂ්පාදනය කරන ආයතනයකට අනුයුක්‌තව සේවය කරන පිරිසක්‌ බව හඳුනාගෙන ඇත.
 

Thursday, December 20, 2012

ලෝක විනාශයක්‌ නෑ... භූමි කම්පාවක්‌ විය හැකියි ?

ලෝක විනාශයක්‌ හෙට (21 වැනිදා) කිසිසේත්ම සිදු නොවන බව මත පළකරන්නකු වන ලලිත් විජයමාන්න මහතා පවසයි. එය ස්‌ථිර බවද හෙතෙම පවසයි.

එහෙත් මෙම මස 29 වැනිදා ලංකාවේ භූමිකම්පාවක්‌ සිදුවීමට ඉඩකඩ වැඩි බව විජයමාන්න මහතා පවසයි. එය මධ්‍යම ප්‍රමාණයේ එකක්‌ වන බවත් එමගින් සැලකිය යුතු හානි සිදු නොවන බවත් සඳහන් කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් පස්‌ සාම්පල් පර්යේෂණයකට භාජන කළ බවත් එමගින් තමන්ට භූමියේ සිදුවන විචල්‍යයන් ප්‍රකාශ කළ හැකි බවත් පවසයි. ඒ මහතා ඉකුත් 2001 වර්ෂයේ පෙබරවාරි මාසයේ ලංකාවේ භූමිකම්පාවක්‌ සිදුවන බව 2000 දෙසැම්බර් මස 18 වැනිදා මාධ්‍යවලට ප්‍රකාශ කළ බවත් එය එසේ සිදුවූ බවත් පවසන හෙතෙම ඉන්දියාවේ හා පකිස්‌තානයේ දරුණු භූමිකම්පා සිදුවන බවට මාධ්‍යවලට කී ප්‍රකාශ ද සත්‍ය වූ බවද පවසයි.

රත්මලානේ ත්‍රිත්ව ඝාතන සැමියාගේ තනි වැඩක්‌ මව හෝ වෙනත් අයකු හවුල් වී නෑ

රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක්‌ තුළ වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කර පුළුස්‌සා දමා ඇත්තේ මියගිය ගුරුවරියගේ සැමියා බව ඊයේ (19 වැනිදා) ගල්කිස්‌ස පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ඝාතන සිදු කළ පුද්ගලයා නිවසේ නැන්දම්මා ලෙස පෙනී සිටි කාන්තාව විසින් දරුවන් නොමැතිකම නිසා අරන් හදාගත් අයකු බවද හෙළිවී ඇත.

ඔහු කුඩා කල අරන්හදා වඩා ගත්තද කොළඹ ප්‍රධාන පාසලකට යවා අධ්‍යාපනය ලබාදී තිබේ. සැකකරු ඒ සාමාර්ථ දෙකක්‌ සහ "බී" සාමාර්ථයක්‌ ලෙස උසස්‌ පෙළ ප්‍රතිඵල ලබා ඇත. නිවසේ නැන්දම්මා ලෙස කටයුතු කළ මව ගුරු උපදේශිකාවක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින අතර ඇය හෝ වෙනත් කිසිවකු මෙම ඝාතනවලට කිසිදු සම්බන්ධයක්‌ තිබූ බවට හෙළිවී නැති බවත් පොලිසිය පවසයි.

ගුරුවරියගේ සැමියා වන මේ ඝාතකයා පුත්තලම ප්‍රදේශයේ කාන්තාවක සමග අනියම් ඇසුරක්‌ පැවැති බවද නිතරම සම්භාහන මධ්‍යස්‌ථානවල පහස ලැබූ අයකු බවද ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනයට ලක්‌වූ ගුරුවරිය වෙනත් සම්බන්ධයක්‌ පවත්වාගෙන යැම නිසා ඝාතනය කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබුණත් පොලිස්‌ විමර්ශනවලදී ඇයගේ එවැනි අනියම් සබඳතාවක්‌ පැවැති බවට නැන්දම්මාගෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෙළිවී නැතැයිද පොලිසිය කියයි.

සිද්ධිය වූදා (17 වැනිදා) රාත්‍රි 12.00 ට පමණ තමාට අනියම් ඇසුරක්‌ තිබෙන බව පවසමින් බිරිඳ බැණ වැදීම නිසා ඇයට පහරදී ගෙල සිරකර මරා දැමූ බවද සැකකරු පොලිසියට පවසා ඇත. එම අවස්‌ථාවේ තුන් හැවිරිදි දරුවා ඇඳෙන් නැගිට ආච්චි අම්මාගේ නම කියාගෙන කාමරයෙන් පිටතට යැමට උත්සාහ කළ නිසා දරුවාගේද ගෙල සිරකර මරා ඇඳ මත තැබූ බවද ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ඝාතන සිදුකිරීමෙන් පසු බිරිඳ මාසයක්‌ වයසැති දරුවාට කිරිදෙන ලෙස මළ සිරුර සකස්‌ කර ඇඳේ මදුරු දැල දමා අසල තිබූ ඉටිපන්දමක්‌ පත්තු කර නිවා මෙට්‌ටය අසල තැබූ බවද සැකකරු පවසා තිබේ. අනතුරුව බිරිඳගේ සුවඳ විලවුන් බෝතලය මදුරු දැලට ඉස ගිනි තබා කාමරයේ දොර වසා උඩු මහලේ තමා සිටි කාමරයට ගිය බවද සැකකරු කියා ඇත.

පසුදා (18 දා) පෙරවරුවේ තම මව රූපවාහිනිය නැරඹීම සඳහා පැමිණ දරුවන් සිටින කාමරයට එබී දුමෙන් වැසී තිබෙනු දැක කෑ ගැසීම නිසා තමා උඩුමහලේ සිට දිව ඇවිත් ආධාර ඉල්ලා කෑ ගසා ගින්න නිවා දැමූ බවද ප්‍රශ්න කිරීමේදී ඔහු හෙළිකර ඇත.

බිරිඳගෙන් දික්‌කසාදය ලබා ගැනීමට අදහස්‌ කර තමන් සේවය කළ ඇඟලුම් ආයතනයෙන් සති දෙකකට පෙර ඉවත් වුවත් නීතිය හමුවේ පෙනී සිටීමට යැමෙන් තමාගේ තත්ත්වයට එය කැළලක්‌ විය හැකි නිසා එසේ නොකළ බවද වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙතෙම හෙළිකර ඇත.

බස්‌නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති එරික්‌ රෝහිත, කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකර සැකකරු කළුබෝවිල රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඊයේ (19 වැනිදා) යොමු කිරීමට කටයුතු කර තිබිණි.

මාතලේ නාය යැමේ අධි අවදානම් කලාපවලින් ජනතාව ඉවතට

නාය යැමේ අධි අවදානම් කලාප කීපයක්‌ මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් හඳුනාගෙන එම කලාපවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ මාතලේ දිස්‌ත්‍රික්‌ ප්‍රධානි භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ මහතා විසින් නිර්දේශ කර ඇත.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අධි අවදානම් කලාප ගණනාවක්‌ එහි නිර්දේශ කර ඇත. නිකලොය, වෙරළුගස්‌තැන්න, වෙලංගහවත්ත ප්‍රදේශ නාය යැමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කන්දේනුවර, පිටකන්දවත්ත ප්‍රදේශ, අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පුස්‌සැල්ල නවෝද්‍යා විදුහල් කලාපය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විල්ෂෙයාර් කඳුවැටිය ආශ්‍රිත කලාපය නාය යැමේ දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

මෙම ප්‍රදේශවලින් ඊයේ (19 දා) වන විට නාය යැම්, ගල් පෙරළීම්, පස්‌ කඳු කඩා වැටීම් ආදී සිද්ධි 26 ක්‌ වාර්තා වී තිබිණි. වෙලංගහවත්ත දික්‌කුඹුර, හරස්‌ගම, කන්දේනුවර, කන්දේගෙදර ප්‍රදේශවලින් පවුල් 35 ක්‌ පමණ ඉවත් කිරීමට ද නිර්දේශ කර ඇත.

දින ගණනාවක්‌ පැවැති වැසි ජලය පොළොව තුළ ක්‍රමයෙන් ගලා යමින් ඇති නිසා නාය යැමේ සහ ගිලා බැසීමේ අධි අවදානමක්‌ ඇති බැවින් කඳු මුදුන් ආශ්‍රිතව පදිංචි ජනතාවත්, මීට පෙර නාය යැම් ගිලා බැසීම් සිදුවූ ප්‍රදේශවල පදිංචි ජනතාවත් වඩාත් විමසිලිමත් වියයුතු බව ද ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.

අඹන්ගඟ කෝරළයේ පුස්‌සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල යළි භාවිතයට ගත නොහැකි බවත්, එම ප්‍රදේශයේ නාය යැමේ අවදානමක්‌ ඇති බවත් හෙතෙම පැවැසීය.

විල්ෂෙයාර් කඳුවැටියේ නාය යැමේ අවදානම මේ වන විට ආරම්භ වී ඇති බවත්, මේ වන විටත් කඳු මුදුනේ කොටසක්‌ නාය ගොස්‌ ඇති බවත් පෙන්වා දෙන භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ මහතා කඳුවැටිය පාමුල සහ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවදියෙන් පසුවිය යුතු බව ද අවධාරණය කරයි.

Tuesday, December 18, 2012

රෝහල්වල 5000ක් අද වැඩ වරති

දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (18) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. එම වැඩ වර්ජනය අද (18) උදේ 8.00 සිට පැය 48 ක් පුරා පැවැත්වෙනු ඇත. මෙම වැඩ වර්ජනයට වෛද්‍ය පර්යේෂණ කාර්මික විද්‍යාඥයින්, ඖෂධ වේදීහු, විකිරණ ශිල්පීන්‍, භෞතචිකිත්සක හා වෘත්තිය චිකිස්සක සේවාවට දායක වන 5000 ක සමාජිකයින් පිරිසක් අයත් වේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල රසායනාගාර, කටයුතු, ‍‍‍ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරික්ෂණ, හෞත හා වෘත්තිය චිකිස්සක කටයුතු මුළු මනින්ම ඇණ හිට ඇත. මේ හේතුවෙන් රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇත. වර්ජනය ක්‍රියාත්මක වුවද රෝල්වල හදිසි සේවා ක්‍රියාත්මක වන අතර රිච්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදීය කාන්තා රෝහල, ද සොයිසා රෝහල හා මහරගම පිළිකා රෝහල වර්ජනයට සහභාගී කර නොගන්නා බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබන්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

වැස්සෙන් සා/ පෙට සාපයක් වෙන්න දෙන්නේ නැතිබව ‍කොමසාරිස් කියයි

අපො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නොහැකි වී සිසුන් වෙනුවෙන් යලිත් විභාගයක් පවත්වන්නට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතයි වර්තාවේ.අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල සිසුන් රැසකට විභාගයට පෙනී සිටින්නට නොහැකිව තිබෙන අතර තවත් පිරිසකට නියමිත වේලාවට විභාග ශාලා කරා යන්නට නොහැකිව තිබේ.මේ තත්වය නිසා කිසිදු සිසුවෙක්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
පිළිතුරු පත්‍ වැස්සට තෙමිලා
මේ අතර අම්පාර විභාග ශාලා කිහිපයක පිළිතුරු පත්‍ර වැහි හිරිකඩ වැදී තෙතබරිතව තිබෙන බවත් ඒවා වේලා ගැනීමත් ගැටලුදායක වී ඇති බවත් වාර්තාවේ.මේ පිළිබදව විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන් බවත්,තෙතබත් වූ පිළිතුරුපත් පැකට් ඉක්මනින් නිරීක්ශණය කිරීම කළයුතු බවත් අම්පාර දිස්තික් සම්බන්දීකාරක ඩග්ලස් රණ්සිංහ මහතා පැවසීය.

ගාල්ලට අදත් රතු වැසි

ගාල්ලට ඇද හැලුණු මහ වැස්ස සමඟ රතු වැස්සක් කඩා වැටී තිබේ. අලුත්ගම නන්දාරාම විහාරය ඇතුලු අවට ප්‍රදේශ වලට මේ වැස්ස ඇද වැටී තිබේ. අලුත්ගම නන්දාරාම විහාරාධිපති හිමි එම රතු වැසි ජලය භාජනයකට එකතු කොට තිබේ. ඊයේ (17) ද මේ අන්දමට ගාල්ල හා මාතර ප්‍රදේශ ආශ්‍රිතව රතු වැසි ඇද හැලුණු බව වාර්තා වේ. මේ අතර ප්‍රදේශ රැසකට වැටුණු රතු වැස්ස පිළිබඳව පරමාණු විශ්ලේෂණ කටයුතු අරඹා ඇති බව පැවසේ.

දුමින්දට එරෙහි සාක්ෂි තියෙනවලු

භාරත ලක්ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අගතියට පත් භාරත පාර්ශවයේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී කියා සිටියේය. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධ‍ ලඝු නොවන නඩු විභාගය මහේස්ත්‍රාත් අධිරණයේ කැඳවනු ලැබූ අතර රහස් පොලිසිය පැවසුයේ භාරත බිරිඳ හා දියණිය යම් යම් සැළකිරීම් කර ඇති බවයි. එහෙත් කුමාරප්පෙරුම මහතා අධිකරණයේදී මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. නඩුව අවසන්ව අධිකරණය ඉදිරියට පැමිණි පසු මාධ්‍යවේදීන්ට කියා සිටියේ දුමින්ද සිල්වාට එරෙහිව භාරත ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.

රතු වැස්ස දුරදිග යයි වලල්ලාවිටට කහ වැස්සකුත්

වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී ඇද හැලුණු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශයේ ජනතාව කියයි. ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුක්ත යැයි එම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරි ආනන්ද ජයනෙත්ති මහතා පවසයි. එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ බව ඔහු කීවේය. ඒ අනුව ඊයේ (17) ඇටවූ බීකරයේ අද (18) උදෑසන කහ පැහැති ජලය පිරීතිබෙන බව ඔහු කියයි. මෙම ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇති බව ද ඔහු කීවේය. ඊයෙ අමතරව අසල ලිඳක ඇති වතුරේද එවැනි දුර්වර්ණ්‍යක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති වර්ෂාව රාත්‍රී කාලයේ ඇතිවූ නිසා බොහෝ ජනතාවට මෙම අසිරිමත් අත්දැකීම විඳගැනීමට නොහැකි වූ බව ප්‍රදේශයේ ජනතාව කියති. මේ පිළිබඳව අද (18) දහවල් එම ‍ස්ථානයට ගොස් අදාල ජලය පරික්ෂාන කල බව බලල්ලාවිට ප්‍රදේශයේ ලේකම් දිසිත නිරෝෂණ මහත කීවේය. එම වත්තේ දෛනික ජල පරික්ෂාවේදී එක්ව ඇති ජලය කහ පාටින් යුකුත නමුත්ඒ පිළිබඳව කිසිදු නිගමනයකට පැමිණිය නොහැකි යැයිද ප්‍රදේශීය ලේකම් වරයා කීවේය. මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබා‍ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම් වරයා කීවේය. කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිජහල ගොවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබුණි. මෙවැනි තතවයක් නිසා ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරති. එහෙත් මේ පිළිබඳව කිසිදු පූර්ව අනියතබියක් ඇති කර නොග යතු අතර වර්ෂා සමයේ ජලය මගින් බෝවනව රේග ඇති විය හැකි නිසා උණුකර නිවාගත් හා පිරිසිදු ජලය පානය කිරීමට ත් පිරිසිදු ජලය නිතර භාවිතා කරනවායැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු ජනතාවට කියති.

ගොලුමඩමේ මව සහ දරුවන්ගේ මරණ මිනිමැරුම් බව හෙළි වෙයි

රත්මලාන, ගොලුමඩම හන්දියේ පිහිටි නිවසක කාමරය නිදා සිටියදී ගින්නට අසුවී පිළිස්සී මියගියේ යැයි කියන මවගේ සහ දරු දෙදෙනාගේ මරණ මිනිමැරුම් බව අනාවරණය වී තිබේ. මෙම දෙමහල් නිවසේ වායු සමීකරණය කරන ලද කාමරයක නිදා සිටියදී මව සහ දරු දෙදෙනා පිළිස්සී මියගොස් සිටි බව අනාවරණය වී ඇත්තේ ඊයෙ (17) අළුයම් කාලයේ දීය. මෙසේ මරණයට පත් වී ඇත්තේ මොරටුව කුමර විදුහලේ ගුරුවරියක වන පිහිඹියගේ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (31) සහ ඇගේ දරු දෙදෙනා වන විජයමුණි කුෂාන් සඳරු ද සිල්වා (03) සහ විජයමුණි කුෂාන් භානුක ද සිල්වා (මාස 01) යන මව සහ දරු දෙදෙනායි. රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද දැන් මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු වී තිබේ.

<!-- begin TopSriLanka.com code -->
<center>
<a href="http://www.topsrilanka.com/topsites/index.php?page=in&id=11">
<img src="http://www.topsrilanka.com/topsites/index.php?page=button&bid={bid}&id=11" border="0" alt="TopSriLanka.com" title="TopSriLanka.com">
</a>
<br>
<b><font size="-1">
<a href="http://www.topsrilanka.com/topsites/index.php?page=in&id=11">TopSriLanka.com</a>
</font></b>
</center>
<!-- end TopSriLanka.com code -->

Monday, December 17, 2012

බස්‌ රිය දුම්රිය පාරේ...

හපුතලේ-බණ්‌ඩාරවෙල අතර දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (16 දා) අලුයම 4 ට බස්‌ රථයක්‌ අනතුරට ලක්‌විය.

මෙසේ අනතුරට ලක්‌වූයේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බදුල්ල ඩිපෝවට අයත් බස්‌ රථයකි. මෙම බස්‌ රථය දුම්රිය හරස්‌ මාර්ගයට ඉහළින් ඇති බෑවුම බසිද්දී රියෑදුරුට පාලනය කරගත නොහැකි වී ඇති අතර රියෑදුරු බස්‌ රථය දුම්රිය මාර්ගයට හරවා තිබේ.

පසුව බස්‌ රථය දුම්රිය මාර්ගය දිගේ ඇදී ගොස්‌ නතර වී තිබෙන අතර බස්‌ රථයේ ගමන්ගත් කිසිවකුටත් මෙහිදී අනතුරක්‌ සිදුවී නොමැත.

රියෑදුරු විසින් බස්‌ රථය දුම්රිය මගට හැරවීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක්‌ වැළකී තිබේ. මෙම අනතුර සිදුවූ කොළතැන්න දුම්රිය ගේට්‌ටුව අසලදී මීට පෙර ද විශාල අනතුරු සංඛ්‍යාවක්‌ සිදුවී ඇත.
 

කඩුවෙල අනතුරින් මරණ 3යි දස දෙනකුට තුවාල

http://www.divaina.com/2012/12/17/acci2.jpgකඩුවෙල වැලිවිට මන්සන්ධියේදී ඊයේ (16 වැනිදා) රාත්‍රි 8.00 ට පමණ වෑන් රථයක්‌ සහ ලංගම බස්‌ රථයක්‌ මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස්‌ තිබේ.

කුඩා දරුවන් සිව් දෙනකු ඇතුළු තවත් දස දෙනකු බරපතළ තුවාල ලබා ඇත.

කොළඹ ඔරුගොඩවත්තේ පැවැති මංගල සාදයකට පැමිණි වෑන් රථයේ ගමන් ගත් පිරිස යළි නිවෙස්‌ බලා යමින් සිටියදී වැලිවිට මන්සන්ධියේදී වෑන් රථය කන්ටේනරයකට ඉස්‌සර කිරීමට යැමේදී හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගිය හා තුවාල ලැබූවන් සියලු දෙනා යටියන්තොට හල්ගොල්ලවත්තේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

කන්ටේනරයට ඉස්‌සර කිරීමට යැමේදී බස්‌ රථයේ වැදුණු වෑන් රථය විසිවී ගොස්‌ යළි කන්ටේනරයේද ගැටී ඇත.
සිද්ධියෙන් මියගිය අය අතර කාන්තාවන් දෙදෙනකු හා එක්‌ පිරිමියකු වන බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ ලෙස හානි සිදුවූ වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයන් වැල්ලම්පිටිය පොලිසිය හා ප්‍රදේශවාසීන් මැදිහත් වී මුලින්ම මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස්‌ ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ එක්‌ කාන්තාවක්‌ මුල්ලේරියාව රෝහලේදී මියගොස්‌ තිබෙන අතර අනෙක්‌ දෙදෙනා මුල්ලේරියාව රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවන අතරේ මරණයට පත්ව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් හය දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවන් සිව්දෙනා ඊයේ (16 දා) රාත්‍රි මුල්ලේරියාව රෝහලේ සිට කොළඹ රිඡ්වේ ආර්යා රෝහලට මාරුකර යවා තිබිණි. එම කුඩා දරුවන් සිව් දෙනාගේ අත පය බිඳී ගොස්‌ තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙම අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් සියලු දෙනා ද්‍රවිඩ ජාතිකයන් වන අතර අනතුර සිදුවන අවස්‌ථාවේ වෑන් රථයේ රියෑදුරු බීමතින් පසුවන්නට ඇති බව පොලිසිය සඳහන් කරයි.

පෙට්‍රල් මිල නගී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්‌ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

එහි කළමනාකාර අධ්‍යක්‍ෂ එල්. ඊ. සුසන්ත සිල්වා මහතා "දිවයින"ට පැවැසුවේ ඔක්‌ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල පමණක්‌ මෙවර මිල සංශෝධනයේදී ඉහළ දැමීමට තීරණය කළ බවත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනයක්‌ නොකෙරෙන බවත්ය.

ඒ අනුව රුපියල් 149 ක්‌ ව පැවැති ඔක්‌ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල නව මිල සංශෝධනයට අනුව රුපියල් 159 ක්‌ වනු ඇත. සුසන්ත සිල්වා මහතා වැඩිදුරටත් පැවැසුවේ ඩීසල් ලීටරයක්‌ රුපියල් 115 බැගින් සහ භූමිතෙල් ලීටරයක්‌ රුපියල් 106 බැගින් වූ පෙර පැවැති මිල ගණන්වලටම අලෙවි කෙරෙන බවයි. පෙට්‍රල්

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී.) සමාගමද ඊයේ (15 වැනිදා) පෙරවරුවේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇත. එහි අලෙවි අංශයේ නියෝජ්‍ය සභාපති අඡේගාග් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ තම සමාගම විසින් අලෙවි කරන යුරෝ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

ප්‍රශ්න පත්‍රය පිටවුණාදැයි සී.අයි.ඩී. පරීක්‍ෂණ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු විසින් විද්‍යාව 1 ප්‍රශ්න පත්‍ර වංචාවක්‌ කර ඇති බවට විභාග කොමසාරිස්‌ ජනරාල් වරයාට පැමිණිලි ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය විභාග කොමසාරිස්‌වරුන් දෙදෙනකු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිලි කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු තොරතුරු එක්‌රැස්‌ කරගැනීමෙන් පසු අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිළිබඳ විභාගයෙන් පසුව ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් මොහොතේම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින" ට ඊයේ පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණයෙන් පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා කීවේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද පරීක්‍ෂණ පවත්වන ලෙස ලංකා ගුරු සංගමය කොමසාරිස්‌ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

සා.පෙළ විභාගයට දුන් විද්‍යාව ප්‍රශ්න 19 ක්‌ ටියුෂන් ප්‍රශ්න පත්‍රයේ!

පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සපයා ඇත්තේ විද්‍යාවේ මහා ඇදුරුදු ලෙස සඳහන් කරමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බව පැවසේ. උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නවලින් 19 ක්‌ ඒ අයුරින්ම මෙවර විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක්‌ දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක්‌ මුහුණු සලකුණ යොදා විශේෂ කර තිබෙන බවත් ඒ 26 න් 19 ක්‌ රූපසටහන් සහ අකුරක්‌ හෝ නොවෙනස්‌ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි වඩාත් විමතියට හේතුව නම් සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීම යෑයි ද හෙතෙම කීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්‌ථාන 4048 කදී දරුවන් 5,42,260 ක්‌ පෙනී සිටින බව කී ජයසිංහ මහතා මෙම හෙළිකිරීම සම්බන්ධයෙන් තම සංගමය පිළිබඳව සොයා බැලීමට වඩා මීට සම්බන්ධ අයට දඬුවම් දීම සහ අසාධාරණයට ලක්‌වන දරුවන්ට සාධාරණය ඉටුකරදීම වඩාත් යෝග්‍ය බව බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද කීය.

Monday, December 10, 2012

නිල ඇඳුමට විද්ද අය ගැන සොයයි

කුරුණෑගල හින්දු - දෙමළ විදුහලේ දරු දැරියන් වෙත ලාබා දුන් පාසල් නිළ ඇඳුම් තොගයක් වංචා කිරීමට අදාල විදුහල්පතිනිය සහ උප ගුරුවරු දෙදෙනාට විරුද්ධව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විනයානුකූලව පරික්ෂණයක් පවත්වන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුළ විජේසිංහ මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමු‍ණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නිමල් හේරත් මහතා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න යකට පිළිතුරු සභාගත කරමින් මේ බව ප්‍රධාන අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය. 2011 වර්ෂයේදී මෙම පාසල් නිළ ඇඳුම් වංචාව සිදුවී ඇති බව කරුණෑගල කළාප අධ්‍යාපන කාර්යාල මගින් සිදුකරණ ලද විමර්ශනයක දී විදුහල්පතිනිය උපගුරුවරුන් දෙදෙනෙකු අනාවරණය වී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාසල් නිළ ඇඳුම් රජයේ දේපලක් බැවින් ඒ පිළිබඳ කුරුණෑගල කළාප අධයාපන අධ්‍යක්ෂ කුරුණෑගල වංචා විමර්ශන අංශය එස්.සී.අයි.බී වෙත පැමිණිලි කළත් පොලිස් පරික්ෂණ මන්දගාමීව සිදුවූ නිසා නැති වූ නිළ ඇඳුම් සොයා ගැනීමට නොහැකි වී තිබේ. එම පාසල් නිළ ඇඳුම් රැගෙන යාම පිළිබඳව ගරුවරු සහ දෙමාපියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති අතර එම නිළ ඇඳුම් රැගෙන ගිය ත්‍රීවිලයේ තොරතුරුද පොලිසිය වෙත ලබා දී ඇත. පාසල් නොමැපැමිණි දුප්පත් දරුවන්ගේ නම් වලට පැමිණිම සටහන් කර මෙසේ නිළ ඇඳුම් වංචා කර ඇති බව තහවුරු කර ගෙන තිබේ. විදුහල්පතිනිය තව දුරටත් පාසලේ විදුහල්පති ලෙස සේවය කරන අතර උප ගුරු මහත්මියක් ඇතුළු කුකුළු ගොල්ල විදුහලට මාරුවී ගොස් ඇත. අනෙක් උපගුරුතුමිය පරික්ෂණ සිදු කරන අතර තුර විශ්‍රාම ලබාගෙන ඇත. විදුහල්පතිනිය කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිර්දේශයක් මත වෙනත් පාසලකට මාරුකර විධිමත් පරික්ෂණයක් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගුදයෙත් රන් සපත්තුවෙත් රන්

ගුද මාර්ගයේ හා පැළැදි සපත්තුවක් තුළ සඟවා ගෙන රන් කැබැල්ලක් හා වි‍දේශ මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සහ කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (10) අළුයම ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට පත්විය. රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා විදේශ මුදල් රැගෙන ආ සැකකරු කල්මුණේ පදිංචි කරුවෙකි වයස අවු 61 ක් පමණ වූ ඔහු සෞදි රියාල් 61500, කටාර් රියාල් 7000, ඩුබායි ඩිරාම් 7660 ක් සඟවා ගෙන සිටි බව රේගුව පවසයි. එයාර් ආරාබියා ගුවන් යානයකින් ඊයේ අළුයම සාජා බලා යාමට පැමිණි සැකකරු, සහකාර රේගු අධිකාරි චන්දිම කරුණාරත්න මහතා විසින් සැකපිට පරික්ෂා කිරීමේදී මෙම ‍මුදල් තොගය සොයා ගත් බව රේගුව පවසයි රුපියල් ලක්ෂ පහලොවක් වටිනා ග්‍රෑම් 207 ක් බර රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සඟවා ගෙන චෙන්නායි බලා යාමට පැමිණි සැකකරු අළුත්ගම පදිංචි මුස්ලිම් ජාතික රෙදිපිළි ව්‍යාපාරිකයෙකි. රේගු පරික්ෂණය කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී. විජේසිරිවර්ධන මහතා සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කර රන් කැබැල්ල රාජසන්තක කරන ලදී.

සූරිය කන්ද හේයස් වත්තේ අටසියයක් වැඩ වරයි

සූරිය කන්ද හේයස් වතුයායට අයත් ඉඩම් අක්කර 100 ක් පුද්ගලයින් 4 දෙනෙකුට බෙදා දීමට එරෙහිව විරෝධය දක්වමින් හේයස් වතුයායේ කම්කරුවන් අටසියයක් පමණ ඊයේ (09) සිට සේවා කට යුතුවලින් ඉවත්ව සිටී. සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසල පිහිටි සූරියකන්ද හේයස් වතුයායට අයත් තේ කම්හලක්ද මේ තත්වය නිසා දෙදිනක් තිස්සේ වසා දමා ඇති අතර තේ දළු නෙලීම ආදී සියලු කටයුතු ඇන හිට තිබේ. සතියකට පමණ පෙර මේ වතුයායට අයත්ව තිබූ මුඩුබිම් අක්කර සීයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් බෙදා වෙන්කොට අක්කර 25 බැගින් සිව් දෙනෙකුට පවරා ඇති බවට චෝදනා කිරන කම්කරුවන් පරම්පරා ගණනක් තමන් ජීවත්වන භූමිය බාහිර පුද්ගලයින්ට දීම පිළිබඳව විරෝධය දක්වයි. කොලොන්න පොලිසිය වතුයායට ආරක්ෂාවද සපයා තිබේ.

පී එච් අයි වර්ජනය සාර්ථකලු

ඉල්ලීම් තුනක් මුල් කරගෙන 10 (අද) පවත්වන ලද වැඩ වර්ජනය සාර්ථක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. නිළ ඇඳුම් දීමනාව සහ කාර්යාල කුලී දීමනාව වැඩි කරණ ලෙසත් ඉන්ධන දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දිවයින පුරා සේවය කරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් මෙම සංකේත වැඩ වර්ජනයට එක්වී ඇත. ඉල්ලීම් දිනා ගැනීම හැර රජය හෝ මහජනතාව අසීරුවට පත් කිරීම තම අරමුණ නොවන බවත් ඉල්ලීම් නොලැබෙන්නේ නම් ලබන 17 වැනි දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවද උපුල් රෝහණ මහාතා වැඩිදුරටත් කියා සිටියේය‍.

බුත්තල කතරගම පාර වන සතුන්ට මරු කපොල්ලක් වෙලා

බුත්තල කතරගම මාර්ගයේ දි ඊයේ (9) රාති‍්‍ර මෙම මාර්ගයේ ගමන් ගත් අවිනීත රථ රියදුරකු විසින් අවුරුදු 3 ක් වයස ඇති අලි පැටවකු රථයේ හප්පා මරා දමා ඇත. බුත්තල කතරගම මෙම මාර්ගයේ මේ අයුරින් නිතර මේ අකාරයට අසරණ වන සතුන් රථවල වැදි මිය යන අතර පසුගිය දිනවල දි වළසකු හා දිවි දෙනකු මේ අයුරින් මිය ගොස් තිබුණි. මිය ගිය අලිපැටවා කතරගම වන ජිවි නිළධාරින් විසින් කතරගම අඩවි වන ජිවී කර්යාලය වෙත ගෙන එනු ලැබිය. මෙම අයුරින් වන සතුන් දිනපතාම රථවාහන වල වැදි මිය යමින් පවති. මේ පිළිබදව වහාම පියවරක් ගත යුතු බව වන ජිවි නිළධාරින් වග කිවයුතු ඉහළ අංශ වලින් ඉල්ලා සිටිති.

හොරා පොලිස් ඇතුලේ

පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 07 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ බත්තරමුල්ල සහ බියගම යන ප්‍රදේශවල පදිංචි වයස 25 සහ 30 විවාහකයන් දෙදෙනෙකි. මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටින සැකකරුවන් දෙදෙනා ඉතා සංවිධානාත්මකව මහ මග ගමන් ගන්නා පිරිමි පුද්ගලයන්ව තම වාහනයේ නංවාගෙන පාළු පෙදෙස්වලට රැගෙන ගොස් එම අය සතු රන්භාන්ඩ, ජංගම දුරකථන හා ඔවුන්ගේ මුදල් කොල්ලකා පසුව ඔවුන් මහ මග දමා යන බව හෙළිවී ඇත.

සත්‍යවාදී මාවතේ වංචාවක් කළ චීන්නු අල්ලයි

නිසි වෙළඳ බලපත්‍රයක් නොමැතිව විදේශ රටක සිට පැමිණ අනුරාධපුර නගරයේ ජංගම දුරකථන අලෙවි කළ චීන ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 150,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන අතිරේක දිසා විනිසුරු ජී.ඩබ්ලිව්.ඒ. රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. දඩ මුදලට අමතරව වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වසර 10 කට අත්හිටුවීමටද නියෝග කළ අතර ඔවුන් සතුව තිබූ චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන 18 ක් ද රාජසන්තක කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. දඩුවම් සහ දඩ නියම වූයේ චීනයේ පදිංචි ලින් චවුචි සහ ෂයි කුයින් ජෝන් යන දෙදෙනාටයි. සැකකාර චීන ජාතිකයින් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් විසින් අනුරාධපුර නගරයේ සත්‍යවාදී මාවතේ සුගතාරාමය ඉදිරිපිට ජංගම දුරකථන අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අසභ්‍ය සීඩී එකක් කළ වින්නැහියක්

ලිංගක දර්ශණ ඇතුළත් වීඩියෝ තැටියක් නරඹා වයස අවුරුදු දහයක දරුවෙකුට ලිංගික අපයෝඡනයක් සිදුකළ පාසැල් සිසුන් දෙදෙනෙකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් අත් අඩංගුවට ගත් සිසුන් දෙදෙනා අචුරුදු දොළහත් දාහතරත් අතර වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි. තම නිවසේ තිබූ වීඩියෝ තැටියක් නැරඹීමෙන් පසුව මෙම අපචාරය සිදුකළ බවට සැකකාර සිසුන් පොලිසියට කියා ඇත. සැකකාර සිසුන් මහනුවර අතිරෙක මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වන දින දක්වා රක්ෂින බන්ධනාගාර ගත කර තිබේ.

රඡවැල්ලෙදී සෙල්ලම් දැමූ මාතලී රක්ෂිතේට

මහනුවර දිගන ප‍්‍රදේශයේ රාඡකාරී කරමින් සිටියදි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකරගෙන ගිය ටිපර්රථ රියදුරෙකු තෙල්දෙනිය මහේස්ත‍්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත. දිගන රඡවැල්ල ප‍්‍රදේශයේ මාර්ග බාධකයක රාඡකාරියේ යෙදි සිටියදී 07 වන දින රාත‍්‍රි මෙම අනතුර සිදුව ඇත. මෙම රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය කියයි. අනතුරට ලක්වූ පොලිස් නිළධාරීන් තිදෙනෙකු මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මෙම ටිපර් රථය නැවැත්වීමට පොලිස් නිළධාරීන් අණ කළ අවස්ථාවේදී එහි රියදුරු පොලස් නිලධාරීන් යටකරගෙන පලායාමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි. ස්ද්ධිය පිළිබඳව බලගොල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

වාරි ඉංජිනේරු උද්ඝෝෂණයට මමත් එනවා - ඇමැති නිමල් සිරිපාල

වාරි ඉන්ජිනේරුවරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වන කෙනෙහිලිකම්වලට එරෙහිව අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණ කිරීමට වාරි ඉන්ජිනේරුවරුන් සමග තමුන්ද එක්වෙනවා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පසුගියදා වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති වාරිමාර්ග ඉන්ජිනේරු සංගමයේ 40 වැනි වාර්ෂික සමුළුව අමතමිනි. අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
පී.බි. ජයසුන්දර මහතා අත්සන් කර එවූ ලියුමට අදාළ චක්‍ර‍ලේඛය පරිපාලන අමාත්‍යංශය තවම නිකුත් කර නැහැ. සේවා ව්‍යවස්ථාව ගැසට් කර නැහැ. අපේ රටේ පරිපාලන සේවය මළකඩ කාලා. රාජ්‍ය සේවයේ මේ ස්වභාවය වෙනස් කිරීමට ජනාධිපතිවරයා විශාල කාර්යයක් ඉටුකරනවා. නමුත් නිලධාරීවාදය නිසා විශාල ප්‍රමාදයන් සිදුවෙනවා. කෙසේ වූවත් මේ සැරේ මෙම කාරණය මම අත්හරින්නේ නැහැ. රාජ්‍ය පරිපාලන ඇමැති සමග සාකච්ඡා පවත්වනවා. රටට විශාල සේවයක් කරන තමුන්නාන්සේලා මේ විදිහට පීඩා විදින්න අවශ්‍ය නැහැ. යම් බලපෑමක් සිදුකර හෝ මේ ගැටලුව විසඳාගත යුතුයි.
රජය යම් තීරණයක් ගෙන තිබෙනවා නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කාර්යය එය ක්‍රියාත්මක කිරීමයි. වසරකට ඉන්ජිනේරුවන් 1000ක් බිහි වූවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිටින්නේ ඉන්ජිනේරුවරුන් 250ක් පමණයි. 1980දී තුන්සිය විසිනවයක් ඉන්ජිනේරුවන් සිටියත් 2011 වන විට එකසිය හැත්තෑ අටක් බවට පත්වුණා. 2012දී ඉන්ජිනේරුවන් ප්‍රමාණය 237ක් බවට වැඩිකර ගත්තා.
වෛද්‍යවරුන්ට පෞද්ගලික සායන මගින් මුදල් සොයාගත හැකියි. ඉංජිනේරුවරුන්ට එවැනි දෙයක් නැති නිසා ඔවුන් විදේශගත වෙනවා. විදුලිබල, ජල සම්පාදන ඉන්ජිනේරුවරුන් වැඩවර්ජනය කළ විට එය ජන ජීවිතයට බලපානවා. වාරි ඉන්ජිනේරුවරුන් වැඩවර්ජනය කළත් එය රටට දැනෙන්නේ නැහැ. ඕන නම් කුඹුරු ටික පාළුවෙයි කියලා සමහරු හිතනවා. නමුත් රටේ ආහාර නිෂ්පාදනය රැඳී තිබෙන්නේ වාරි ඉන්ජිනේරුවන්ගේ කැපවීම මතයි. පානීය ජලය ලබාදෙන්නෙත් අපේ ජලාශවලින්. විද්‍යාවේදී උපාධිය සමත් ඉන්ජිනේරුවරුන් කෙළින්ම බඳවා ගැනීමට ළඟදීම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. විද්‍යාවේදී උපාධිය සමතුන්ට ඉන්ජිනේරුවරුන් පුහුණුකිරීමේ ආයතනවල විභාග අවශ්‍ය නැහැ. ඒ වගේම වාරි ඉන්ජිනේරු ක්‍ෂේත්‍රයට අදාළ උපාධියක් බිහිනොකිරීමත් අපේ අධ්‍යාපනඥයින් කළ විශාල වරදක්. ඒ නිසා අපි ස්තූතිවන්ත විය යුතුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද ඉන්න ඉංජිනේරුවරුන් දෙසිය පනස්දෙනාට.
වාරිමාර්ග ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ ‍‍‍ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉන්ජිනේරුවරුන්ට අමාත්‍යවරයා විසින් තිළිණ ප්‍රදානය කරනු ලැබිය. වාරිමාර්ග අමාත්‍යංශයේ ‍ලේකම් අයිවන්ද සිල්වා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස, ඉන්ජිනේරු සංගමයේ සභාපති එස්.පී.පී. ගමගේ යන මහත්ම මහත්මීද එහිදී කතා කළහ.

භාෂා පරිවර්තකට පහර දුන් මන්ත්‍රී සොයයි

පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයෙකුට පහර දුන් බව කියන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා (පො.එ.පෙ) මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඉකුත් 09 වැනි දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවක් අතර තුර මෙම පහර දීම සිදු කර ඇත. පහර කෑමට ලක්වූ බව කියන දික්වෙල - යෝගියාන ලිපිනයේ පදිංචි සේතුංග මුදියන්සේලාගේ ආනන්ද කුමාරතුංග කරුණාරත්න යන අය මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. දික්වෙල ප්‍රදේශයේ මාර්ගයක් සම්බන්ධයෙන් පැවති ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පහර කෑමට ලක්වූ අයට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සාකච්ඡාවකට ආරාධනය කර ඇත.එම සාකච්ඡාව අතර තුර මෙම පහර දීම සිදු කළ බවත්,සිද්ධිය වන විට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද එම ස්ථානයේ සිටි බව පැමි‍ණිළිකරු පොලීසියට පවසා ඇත. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පදිංචිව සිටින්නේ දංකොටුව පොලිස් වසමේ වන බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන බාර දෙන ලෙස වෙන්නප්පුව පොලීසිය විසින් දංකොටුව පොලීසියට දන්වා ඇත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

කම්බි සමඟ හොරු මාට්ටු

ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුණකට සවි කර තිබු රුපියල් ලක්ෂ 10 ක් වටිනා වයර් තොගයක් හොර රහසේ කපාගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තමන් සේවය කරණ ආයතනය විසින් කරුවලගස්වැව ප්‍රදේශයේ සවි කර ඇති දුරකථන සම්ප්‍රේෂණ කුළුණක තිබූ වයර් තොගයක් කිසියම් අයෙකු විසින් කපා ගෙන ගොස් ඇති බව ජංගම දුරකථන සමාගමක තාක්ෂණික නිළධාරියෙකු ලෙස සේවය කරණ පුත්තලම - ආනන්ද මාවත පදිංචි වර්ණකුළසුරිය පැතුම් චාමර විජේරත්න (29) යන අය කරුවලගස්වැව පොලීසියට පැමි‍ණිළි කරමින් පවසා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය දොම්පේ සහ නිකවැරටියේ පදිංචි දෙදෙනෙකුව කරුවලගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබී දුරකථන සම්ප්‍රේෂණ කුළුණෙන් කපා ගෙන ගිය වයර් පුළුස්සා ලබා ගත් රුපියල් ලක්ෂ 01 ක් පමණ වටිනා තඹ කම්බි තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Saturday, December 8, 2012

කොලොන්නාව අහිමියි .........දුමින්ද ලංකාවට ආවත් ...


කොළොන්නාව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා ඉවත් කිරීමට තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම තනතුරට කොළොන්නාව නගර සභාවේ වර්තමාන සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පත් කිරීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව හෙළිදරව් කරන එම ආරංචි මාර්ග දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා දැනටමත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවද සඳහන් කරයි.

පසුගිය 04 වැනිදා ජනාධිපතිවරයා සහ කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡවක්ද පැවැති අතර එහිදී කොළොන්නාව ආසනයේ සාමය රැකීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා විසින් සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අදාළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා මේ මාසයේ ශී‍්‍ර ලංකාවට ඒමට නියමිතව ඇති බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සහ ප‍්‍රවෘත්ති අසත්‍ය බව කියති.

අම්පාරට මහා භූමිකම්පාවක් එයිද.....................? ලෝක විනාශය ගැන හා...හෝව දැන් හැම තැනින්ම නැගෙයි.

ඒ අතරම ලංකාවේ මිනිසුන්ටත් මතෛක් නෑසූ විරූ අමුතු සිදුවීම් සමුදායකටත් මුහුණ පාන්නට සිදුව තිබේ. රතු වැස්සත්, පාසල් සිසුන් සමූහ මෝහනයට ලක්වීමත්,පිටසක්වල යානා දිස්වීමත් බඳු මේ සිද්ධි සමුදායට දැන් අලුතෙන්ම එක් වී ඇත්තේ භූමි කම්පා පෙළක් වාර්තාවීමයි.
පසුගිය සති කිහිපයක කාලය තුළ එක පෙළට වාගේ සිදුවූ මේ භූ කම්පන රැස වාර්තා වූයේ අම්පාර ප්‍රදේශයෙනි. දමන, වඩිනාගල, දේවාලන්ද, ගල් කන්ද, සෙත්සිරිගම, ගලපාමුල, කිවු‍ලේගම, පල්ලම්ඔය, ජයන්ති වැව ආදී ප්‍රදේශ ගණනාවකින්ම මහා පිපිරුම් හඬක් සමග ආ භූ චලනයක් ගැන වාර්තා ඉදිරිපත් විණි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද පවසන්නේ මේ තත්ත්වය අසාමාන්‍ය වූවක් බවය.
 සාමාන්‍යයෙන් මේ වගේ දිනකට කිහිප වතාවක් බැගින් එකදිගට කම්පන වාර්තා වෙන්නේ නෑ. ඒ වගේම පිපුරුම් ශබ්ද වගේ දේවල් භූ කම්පන සමග සම්බන්ධ වන අවස්ථා විරලයි. මේ නිසා මෙය අමුතු අසාමාන්‍ය තත්ත්වයක් ඒ හින්දාම අපේ භූ විද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් අදාළ ප්‍රදේශවලට යවා මේ ගැන සොයා බලන්නට අපි කටයුතු යෙදුවා. හැබැයි දැන් ඒ පර්යේෂණ ඇරැඹීමත් සමගම වාර්තා වෙලා තිබෙන්නේ හරිම අපූරු තත්ත්වයක්.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපතිවරයාට අනුව ජනතාව කළඹවමින් මුළු රටේම අවධානය දිනා ගනිමින් , ලෝක විනාශ භීතිය ජන හද තුළට කැන්දාගෙන ආ මෙම අමුතු කම්පන මාලාව දැන් හිටි අඩියේම නැවැතී ගොස් තිබේ. එය හටගත් ආකාරය මෙන්ම අවසන් වූ ආකාරයද මහත් අබිරහසක්ව ඇති බව ඔහු කියයි.
පසුගිය කාලයේ ඉදිරිපත් වූ අදහසක් වූයේ ලංකාව ආශ්‍රිතව ඉන්දු - ඕස්ට්‍රේලියානු නව භූ තැටියක් බිහිවෙමින් පවතින බවත් එහෙයින් ලංකාවට ඉදිරියේ දී මහා භූ කම්පනවලට මුහුණ දීමට සිදුවන බවත්ය. එසේම ලෝක ප්‍රකට විද්වතකු හා භූ කම්පන විශේෂඥයකු වූ මහාචාර්ය කේරී සීග් පවසා තිබුණේ ඉදිරි දශක කිහිපය තුළ ඉන්දුනීසියානු කලාපයේ යෝධ භූකම්පනයක් සිදුවන බවකි. එසේම ඉදිරිපත් වූ තවත් මතයක් වූයේ පෘථිවියේ ධ්‍රැව වෙනසකට භාජනය වීමට නියමිත බවය. ඉතා මෑතකදී පෘථිවියේ චුම්භකත්වය වෙනස් වෙමින් ඇති බවටද කරුණු ඉදිරිපත් විණි. ඉතින් මේ සියල්ල මගින් තැති ගන්වනු ලදුව සිටි ජනතාව අම්පාරේ අමුතු භූ කම්පන මාලාව පිළිබඳ තදින් විමසිලිමත් විම අරුමයක් නොවේ.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද ඒ ගැන දක්වන අදහස් මෙසේය.
ඔය අලුත් භූ තැටිය නිර්මාණය වෙන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ සිට කිලෝමීටර් 800 කටත් එහායින්. මේ නිසා අප රට ඇතුළත් වන්නේ ඒකේ මධ්‍යයට. ඉතින් දරුණු මට්ටමේ භූ කම්පනයක් ඇති වන්නට අවස්ථාව අඩුයි. එතකොට ඔය අනෙක් කතා සියල්ලම කාලයකට වරක් ලෝකයේ සිදුවන ක්‍රියාවලියක්. එමගින් මහා විනාශයක් සිදුවන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නෑ. අතීතයේ දී එහෙම වුණා කියලා පෙන්වන්න හදන්නේ ලෝක විනාශය ගැන මත පළ කරන අයයි.
එසේ වුවද , භූ විද්‍යා කාර්යංශය අම්පාර වෙත පිරිසක් යවා සැබෑ තත්ත්වය වාර්තා කර ගැනීමට උත්සුක වී තිබේ. අම්පාරේ භූ චලනය ගැන සොයන්නට ගිය පිරිසේ මූලිකත්වය ගත්තේ භූ විද්‍යාඥ අජිත් ප්‍රේම්ය. ඔහු සිය කණ්ඩායම ලද අත්දැකීම අප වෙත මෙසේ දැක්වීය.
ප්‍රදේශයේ කිසියම් කම්පන මාලාවක් ඇති වෙලා තිබෙන බව ඇත්තයි. මෙහෙ මිනිස්සු කියන්නේ බොරු නමෛයි. හැබැයි මේ තත්ත්වය හරිම අසාමාන්‍යයි. ඒ කියන්නේ බූම් කියලා මහා පිපිරුම් හඬක් ආ බවත් ඒ සමගම ‍පොළොව හෙල්ලුන බවත් ඔවුන් කියනවා. ඒ වගේම දිනකට හතර පස් වතාවක් මෙය සිදු වී තිබෙනවා. මෙයට පෙර එවැන්නක් වාර්තා වෙලා නෑ.
අපි මෙහෙට ආවේ අඟහරුවාදා. එදා අපි භූ කම්පන තරංග මනින උපකරණයක් සවිකළා. වඩිනාගල, දේවාල හිඳ, පල්ලන් ඔය කියන ප්‍රදේශ තුන ආශ්‍රිතව ඒවා සවි කළා. ඒ වුණාට මේ උපකරණ සවි කිරීමත් සමගම මේ ප්‍රදේශයේ ඔය කියන කම්පන , චලන, පිපිරුම් ශබ්ද වාර්තා වීම හාස්කමකින් වගේ දැන් නැවතිලා , මේක අපිටත් හිතාගන්න බැරි තරම් දෙයක්. දැන් අපි පර්යේෂණ ඉදිරියට කරගෙන යන්නේ මේ ඇති වූ සංසිද්ධිය හරියටම හඳුනා ගැනීමටයි. ඒ සඳහා තව දින දෙක තුනක් යයි.
කලින් කලට පලින් පල ජනතාව කලඹවාලන ආකාරයේ සිදුවීම් වාර්තාවීම ස්වභාවිකය. සමහර අවස්ථාවලදී මේවා කාගේ හෝ කුමක් හෝ වුවමනා සඳහා මවාපානා කරුණුය. කිසිදු විද්‍යාත්මක පදනමක් නැති අනතුරු රහිත සිදුවීම්ය. එසේ වුවද භූ කම්පනයක් බඳු අතිශය සංකීර්ණ ස්වභාවික සිදුවීමක් පිළිබඳව නිශ්චිතවම පුරෝකථනය කළ හැකි තාක්ෂණයක් තවමත් නැති හෙයින්, වැඩිදුර කෙරෙන පරීක්ෂණයක් අත්‍යවශ්‍යමය.
ලෝකයේ වෙනත් රටවල මහා භූ චලන සිදු වූ අවස්ථාවන් හිදී මූලික භූ කම්පන මාලාවක් මුලින් ඇති වූ අවස්ථා වාර්තා වී තිබේ.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද ඒ ගැන පිළිගනියි.
සමහර රටවල සිදු වූ භූ කම්පන වලදී මේ වගේ කුඩා භූ චලන කිහිපයක් මුලින් සිදුවෙලා තියෙනවා. ඉන්පසු මහා භූ චලනය සිදු වී තිබෙනවා. ඉන් පසුව නැවතත් කුඩා භූ චලන කිහිපයක් සිදුවෙනවා. හැබැයි මුලින් භූ චලන කිහිපයක් ඇති වූ පමණින්ම මහා භූ චලනයක් මග එන බව කියන්න අමාරුයි. අම්පාරේ තත්ත්වය ගැන තාම පර්යේෂණ කෙරෙන නිසා අපට ස්ථිරව යමක් කියන්න තාම කල් වැඩියි. හැබැයි මේ පිපිරුම් හා චලන ආශ්‍රිත සිද්ධිය නම් හරිම අස්වාභාවිකයි.
මේ අනුව තවමත් අම්පාරේ භූ චලන මාලාවට හේතුව අබිරහසක්ව පවති. එසේම ඒ සිදු වූයේ භූ චලනයක් දැයි තවමත් විද්‍යාත්මකව තහවුරු කිරීමක්ද කර නැත.
අම්පාරේ භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්ථානයක් පිහිටුවීමට මෙයට පෙර යෝජනා ඉදිරිපත් වී තිබුණි. ඒ බුද්ධංගල ආශ්‍රිතවය. එහෙත්, අධික පිරිවැය හේතු කොට එය පිහිටුවීම මතෛක් සිදුවී නැත. දැනට කොළඹට අමතරව එබඳු මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ මහකනදරාව පල්‍ලේකැ‍ලේ සහ හක්මන ප්‍රදේශවලය. යම් හෙයකින් අම්පාරේ භූවිද්‍යා කාර්යාංශයේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්ථානයක් පිහිටා තිබුණා නම් මේ අබිරහස මෙයට පෙර විසඳා ගැනීමට ඉඩ තිබුණි.

ආකාශ වස්තුවක් දුටු සිසුවියන් බියවි ක්ලාන්ත වෙයි .......


දිගින් දිගටම දිවයිනේ විවිධ ප්‍රදේශවල අහසේ හදුනනොගත් ආලෝක වස්තු නිරීක්ෂණය වීමට පටන් ගත්තේ ලෝක විනාශයේ භීතිය ජනතාව තුළ තව තවත් වැඩි කරමිනි.

කෙසේ වෙතත් පසුගිය (6) වැනිදා වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් 06 දෙනෙකු උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබේ.


5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

නැදුන්ගමුව විද්‍යාලයේ විදුහල්පති කරුණාදාස ගීගනගේ මහතා සඳහන් කෙළේ එම අවස්ථාවේදීම සිසුවියන් හයදෙනා නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව තිබෙන බවත්ය.

ජනවාරි 01 දා සිට ‘ලංගම - ප්‍රයිවෙට්’ එකට

ලබන ජනවාරි මස 01 වැනිදා සිට ලංගම හා පෞද්ගලික බස් රථ සියල්ල ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කරනු ලබන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා කීය.මේ වන විට 70%ක් පමණ බස් රථ සේවා ඒකාබද්ධ කර ඇතැයි පැවසූ ඇමැතිවරයා බස් රථ ඒකාබද්ධ කිරීම තුළින් මඟීන්ට මෙන්ම ලංගමටත් පෞද්ගලික බස් රථ සේවාවටත් ඵලදායක වන බවද කීය.