Sunday, January 20, 2013

ඉංජිනේරු සංස්ථාවේ අයකැමිගෙන් වමට ගැසිල්ලක්


mudalayakemiශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් රුපියල් හත්ලක්‍ෂයකට වැඩි මුදලක් වංචාකළ බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ එම ආයතනයේ මුදල් අයකැමිවරයෙකු පෙරවාරි මස 01 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් බුවනෙක රාජකරුණා මහතා 19 වදා නියෝග කළේය.ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිළධාරීන් පිරිසක් අනුරාධපුර මුලස්ථාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව මුදල් අයකැමිවරයාව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර අධිකරණයට ඉදිරිපත් කළේය.

No comments: