පෙම්
සබඳතාවය පලුදු වී යාම නිසා සිත් තැවුලටපත් පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට
ඇසිඩ් වත්කොට පළාගොස් සැඟවී සිටියදී අද (15) අළුයම ගාල්ල විශේෂ අපරාධ
විමර්ශන වැටලීම් අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 2012.11.02 වැනි දින උඩුගම
ප්‍රදේශයේ දී බස් රථයක ගමන් කරමින් සිටි පෙම්වතියගේ හිසට සැකකාර පෙම්වතා
විසින් ඇසිඩ් හලා තිබිණි.
මෙම සිද්ධියෙන් පෙම්වතිය සමඟ තවත් මගීන් කිහිප දෙනෙක්ද අනතුරට ලක්වී ඇතැයි
පොලිසිය කියයි. පෙම්වතිය රාජ්‍ය බැංකුවක සේවය කරන්නියකි. ඇසිඩ් ප්‍රහාරයෙන්
පසුව ඇය අසල නිවසකට ගොස් ජලය නෑමෙන් පසුව රෝහල් ගත කොට තිබිණි. සැකකාර
පෙම්වත කොළඹ අවට ප්‍රදේශ ගනනාවක සැඟවී සිට පසුව ගාල්ලට පැමිණි බවට
පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අද (15) කොට්ටව
දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ
පවත්වයි.Tuesday, January 15, 2013
ඇසිඩ් ගැසූ පෙම්වතා පොලිසියට කොටු

පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment