Monday, January 21, 2013

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්...... ශ්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි එක්දින තරගය අත්හැර දැමීම

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි එක්දින තරගය අත්හැර දැමීම

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් අනතුරුව තරගය අත්හැරදැමීම පිළිබඳව විරෝධය දක්වමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.

ශ්‍රී ලංකාව පළමු තරග තුන අවසන් වන විට 2-1 ක් ලෙස පෙරමුණේ සිටි අතර ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවේ නම් 3-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීමේ අවස්ථාව තිබුණි. සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන ශ්‍රී ලංකා පිල ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය. 

වර්ෂාවෙන් පසුව තරගය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කිරීමෙන්, තරගාවලිය පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහීලිය බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට විරෝධය පළ කරමින් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය වේග පන්දුයවන ක‍්‍රීඩක ජවගල් ශ්‍රීනාත් මහතාට ලිපියක් යොමු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පැවැසුවේ පෝල් රයිෆල් සහ මැරේස් එරස්මස් යන මහත්වරු සමඟ සාකච්ඡ කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොමැතිවීමෙන් තරගය අත්හැර දැමීමට තීරණය කළ බවයි. ඉතාමත් දියුණු පහසුකම් ඇති සිඞ්නි ක‍්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමට නොහැකි යැයි පවසමින් අතහැර දැමීම පිළිබඳව තමන් මවිතයට පත්වන බව ද මහේල පවසයි.

‘‘මීට මාස තුනකට පමණ පෙර වාර්ෂාව පැවතුනක් අපි නවසීලන්ත තරගාවලිය සම්පූර්ණයෙන්ම පැවැත්වුවා. ඒ වගේම දිගින් දිගටම වර්ෂාව ඇද හැලූණත් ලෝක කුසලානයේදී පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීත් තරග පැවැත්වුවා’’ යැයි මහේල පවසයි.

යාලුවන්ටත් බලන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න.

යාළුවො එක්ක Public Chat කරන්න හොදම තැන
http://www.facebook.com/baanchun?v=app_160291820682178

ගිලෙන්න කලින් ගොඩ වෙන්න @[186878588079839:274:නැව ගිලුනත් බෑන් චුන්]

No comments: