Sunday, January 13, 2013

දෙවන එක්දින තරගය තිරිමාන්න ඩිල්ෂාන් කැන්ගරුවන්ට හැරෙන හැරෙන පැත්තට තලයි

 ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ අද (13 වනදා) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන එක්දින තරඟයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතු කරන ගැනීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
                      කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ඨාව ඕස්ට්‍රේලියාවට ලබාදුන් අතර ඔවුන් පලමුවෙන් පන්දුවට පහර දී ලබාදුන් ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ පන්දු ඕවර 40ක් සහ එක් පන්දුවක් පමණි.
                       ලහිරු තිරිමාන්න තම මංගල එක්දින ශතකය ලබාගනිමින් නොදැවී ලකුණු 102 ක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට සමත්විය.
                        තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ලහිරු තිරිමාන්න සමත් විය. මෙම ජයත් සමගින් තරඟාවලිය 1-1 ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.

No comments: