Sunday, January 20, 2013

මම කැලණියෙන් යන්නේ නෑ.....:මම මැරුණම අළුටික පා කරන්නෙත් කැලණි ග‍ඟේ


Marvin-Silva89ජනාධිපතිතුමාගේත්
, රජයේත් ගෞරවය ආරක්ෂා කිරීමටයි සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූණේ. කැලණියෙන් මම යන්නෙත් නැහැ තනතුරු ඇතත් නැතත් කැලණිය ජනතාවට සේවය කරනවා යැයි අද (20) කැලණිය , නාහේන, කොහොල්විල ප්‍රදේශයේ ජන හමු අමතමින් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය. කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයෙන් පසු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පළමු වරට මෙම ජනහමු ඇමතීමෙන් පසු තම පාක්ෂිකයින්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය.

No comments: