Monday, January 14, 2013

කැලිෆෝනියාවේ පාසලක සිදුවීමට ගිය වෙඩි තැබිමක් ගුරුවරයකුගේ මැදිහත්වීමෙන් වැළකෙයි

10-1ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “ටෆ්ට් යූනියන්” උසස් විද්‍යාලයීය පරිශ්‍රයට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් සිදු කිරීමට උත්සාහ දැරූ සංහාරයක් වළක්වා ගැනීමට එකී පාස‍ලේ ගුරුවරයෙකුගේ මැදිහත්වීම නිසා හැකිව තිබේ. එහිදී තුවක්කුකරුවා විසින් එක් ශිෂ්‍යයෙකුට තුවාල සිදුකර ඇතිමුත්, ගුරුවරයා, විශ්වවිද්‍යාල අධීක්ෂකයෙකු හා එක්ව තුවක්කුකරු හා කතාබස් කොට සිද්ධිය දුරදිග යෑමෙන් වළක්වා ගැනීමට සමත්ව තිබේ.
තුවක්කුකරුද එම පාස‍ලේම සිසුවෙකු වන අතර ඔහු සතුව විශාල විනාශයක් සිදුකිරීමට ප්‍රමාණවත් ආයුධ තිබූ බව කියැවේ. තුවක්කුකරු දැනට අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

No comments: