සරුසාර
අස්වැන්නක පෙර නිමිත්ත වන සූර්යයාගේ මංගල්‍යයත් වෙහෙස වී අස්වැන්න ලැබිමේ
සතුටත්, සංකේතවත් කරමින් ලොව පුරා සිටින හින්දු බැතිමත්හු අද (14)
“තෛපොංගල් උළෙල” සමරති. සූර්ය දිව්‍ය රාජයාට, සොබාදහමට සහ ගවමහීෂාදී
සතුන්ට කෘතගුණ සැලකීම මෙහි නිමිත්ත වේ.තම ගොවිබිම්වල සිට ගෙන ආ අලුත් සහල් හිරු උදාවීමට ප්‍රථම සූර්ය දිව්‍ය රාජයාට පූජා කිරීම මෙහි ප්‍රධාන ආගමික අංගය වේ.
ගෙවී ගිය වසරේ සාර්ථකත්වය සිහිකරමින් මෙන්ම ලබන වසරේ වැඩි සශ්‍රිකත්වයක් ප්‍රාර්ථනය කරමින් හින්දු බැතිමත්හු මෙම උළෙල පවත්වති. “සූරිය පොංගල්”, “මකර සංක්‍රාන්තිය” යන නම්වලින්ද මෙය හඳුන්වයි. තම නිවෙස්වල මිදුලේ වර්ණ ගැන්වූ සහල් කුඩුවලින් මෝස්තර ඇඳ ඒ මතුපිට කිරි ඉතිරවීමද මෙහිදී දක්නට ලැබෙයි.
No comments:
Post a Comment