Wednesday, October 30, 2013

Inter University Bhikku Federation protest outside fort station .



නිදහස් අධ්‍යාපනය විකිණීමට එරෙහිව භික්ෂු විරෝධතා

The Inter University Bhikku Federation (IUBF) organised a protest in front of the Fort railway station (Oct 30). The organisation accused the government of selling off the free education system in the country.
නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කර ගනිමින් ආණ්ඩුව මුදල් උපයන්නට පටන් ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය චෝදනා කරති. නිදහස් අධ්‍යාපන විෂයෙහි ප්‍රතිපාදන කප්පාදු කරන බවත් එම බලමණ්ඩලය කියති. මෙම තත්ත්වයට එරෙහිව 30 වැනිදා පෙරවරුවේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබූහ. මේ එම විරෝධතාවේ අවස්ථා කීපයකි.

Thursday, October 17, 2013

Leatherback turtle washes ashore in Kosgoda


කොස්ගොඩ වෙරළට දාර කැස්බෑවෙකු ගොඩ ගසයි

A leatherback turtle was found today washed ashore on the Kosgoda, Paratharayaka Beach, local media reported.

The Head of the Kosgoda Turtle Conservation Project, Chandrasiri Abrew speaking to a local television station was quoted as saying the turtle died due to some sort of human interference.

The Leatherback is the largest sea turtle and can reach lengths over 6 feet and weights over 2,000 pounds.

These animals are deep divers, and have the ability to dive to over 3,000 feet. Leatherback turtles nest on tropical beaches, but can migrate as far north as Canada during the rest of the year.
Reports claim that this rare breed of turtles have been constantly washing ashore in recent times. 

කොස්ගොඩ, පරතරකය මුහුදු වෙරළට දුර්ලභ ඝනයේ දාර කැස්බෑවෙකු ගොඩගසා තිබේ.
කොස්ගොඩ කෑස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී චන්ද්‍රසිරි ආබෲ මහතා පැවසුවේ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් එම කැස්බෑවා මියගොස් ඇති බවට සැක කළ හැකි බව ය.
මේ අතර පසුගිය කාල වකවනුවේදී වරින් වර කැස්බෑවන් වෙරළට ගොඩගැසූ බව ප්‍රදේශවාසීන් පවසති.



Tuesday, October 15, 2013

Mangala released on bail .


 මංගලට කොන්දේසි පිට ඇප 
_____________
UNP Matara District MP Mangala Samaraweera, who surrendered to police along with two others this morning in connection with the clashes that took place in Matara town on October 5, was released on bail by the Matara Magistrate this afternoon.
They were each released on two personal bails of Rs.100, 000 each by Matara Chief Magistrate Ruwan Sisira Kumara. UNP Devundara organizer H.R. Wimalasiri and UNP Balapitiya organizer Kamal Jayantha Zoysa were also released on bail along with Samaraweera.
The Matara Magistrate yesterday issued arrest warrants for Mangala Samaraweera and 11 others in connection with the clashes that took place between two rival factions of the UNP in Matara town on October 5.
මාතර දී පසුගියදා සිදුවූ එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර වූ ගැටුම සම්බන්ධයෙන් 15 දා පෙරවරුවේ පොලිසියට භාරවූ මාතර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනක් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
අයුතු ජන රාශිය,කුරුදු පොලු වලින් පහර දීම ,වාහනයකට අලාභහානී කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම යන චෝදනා තුන මත පොලීසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යය තවත් අට දෙනකුගේ නම් සදුදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු 15 දා අධිකරණයට ඉදිරිපත් නොවුහ.


සෑම මසකම අවසන් ඉරිදා මාතර පොලිසියේ පෙනී සිටින ලෙසත් සාක්‍ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නියෝග කරමින් දැනුම් දුන් අතර ලබන 21 දින අධිරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මෙලෙස මුදාහැර ඇත. දෙවිනුවර එජාප ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි, එජාප බලපිටිය ආසන සංවිධායක නීති කමල් ජයන්ත සොයිසා යන මහත්වරු ද ඇප මත මුදාහැරුණු අය වෙති.

Mangala surrenders to police .


 
මංගල පොලිසියට භාරවෙයි

UNP Matara District Parliamentarian Mangala Samaraweera surrendered to the Matara police a short while ago through his lawyers. Former Matara District MP and Devundara UNP organizer H.R. Wimalasiri also surrendered to police along with Samaraweera.
Police said they are currently recording statements from both men. The Matara Magistrate yesterday issued arrest warrants for Mangala Samaraweera and 11 others in connection with the clashes that took place between two rival factions of the UNP in Matara town on October 5.

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා මාතර මූලස්ථාන පොලීසියට මීට ටික වේලාකට පෙර භාරවී තිබේ. මේ වනවිට ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව පොලිසිය පවසයි.

මංගල සමරවීර මන්ත‍්‍රීවරයා සමඟ මාතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේතු මන්ත‍්‍රී සහ දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවධායක එච්.ආර්. විමලසිරි මහතා, බලපිටිය එජාප සංවිධායක නීතිඥ කමල් ජයන්ත සොයිසා මහතා ද පොලීසියට භාරවිය.


Saturday, October 12, 2013

Ranil in Matara


රනිල් සිරකරුවෝ බලන්න මාතර යයි

UNP leader Ranil Wickremesinghe and several other party officials today 12 visited the Matara prison to see those who were remanded following the attack between two groups of UNP supporters in Matara last Saturday. 
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදීන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිතවාදීන් අතර මාතර නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුමෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටින 34 දෙනකුගේ සුව දුක් බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (12දා)මාතර හිර ගෙදරට ගියේය
මිනිත්තු විස්සක් තිහක් එහි ගත කළ වික්‍රමසිංහ මහතා සමග මංගල සමරවීර මහතාද පැමිණ සිටියේය‍
පාක්ෂිකයන් කොතරම් හිර කළත් පක්ෂය ඉදිරියට ගෙන යාම වැළැක්විය නොහැකි බව සිර ගෙදර දොරටුව අසළ සිටි මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා පැවසීය.

Thursday, October 10, 2013

Ranil fears govt. eyeing facebook.


ෆේස් බුක් තහනම්ද?
- රනිල්
නෑ එහෙම තීරණයක් අරන් නෑ
- දිනේෂ්

Opposition leader Ranil Wickremesinghe today asked Parliament whether the government had decided to ban the social network site facebook or limit access to it.

Mr. Wickremesinghe said speculation was rife that the government was intending to do it, but, Chief Government Whip Dinesh Gunawardane said there was no such decision taken by the government.(KB & YP)

ශ්‍රී ලංකාව තුළ ෆෙස් බුක් (Face Book) වෙබ් අඩවිය නැරඹිම තහනම් කිරිමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක සහ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි (10දා) ප්‍රකාශ කළේය.ෆේස් බුක් වෙබ් අඩවිය තහනම් කිරිමට හෝ සීමාවක් පැනවිමට රජය තීරණයක් ගෙන ඇතැයි ප්‍රචාරයක් පවතින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එසේ කීවේය.

විපක්ෂ නායක - රජය ෆේස් බුක් තහනම් කිරිමට යන බව ප්‍රචාරය වෙනවා. ආණ්ඩුව එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නවාද.... රජය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරිම හොද බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් විමසා සිටියේය.

ආණ්ඩු පක්ෂ සංවිධායක - නැහැ .... නැහැ.... එවැනි තීරණයක් රජය ගෙන නැහැ.



Tuesday, October 8, 2013

Herman not a Presidential Adviser -MR


මෛත්‍රීගේ තාත්තා ජනාධිපති උපදේශකයෙකු නෙවෙයි....
- රජය නිවේදනය කරයි.

President Mahinda Rajapaksa has flatly refuted allegations made by the UNP National Organizer MP Daya Gamage that Herman Gunaratne arrested and remanded in connection with a shooting incident in Matara on Saturday (Oct 5), was a presidential adviser.
The President has told the Chief Opposition Whip, UNP Gampaha district MP John Amaratunga, who attended Northern Chief Minister CV Wigneswaran’s oath taking ceremony, that Herman Gunaratne is not a presidential adviser.
The Chief Opposition Whip MP Amaratunga has confirmed that President Mahinda Rajapaksa told him that Gunaratne was not a presidential adviser.
Earlier the Southern Provincial Councilor Maithree Gunaratne also refuted claims made by the Mangala Samaraweera group in this connection. (Info Dept)
පසුගියදා මාතරදී එජාප කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමේදී සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින දකුණු පලාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා ජනාධිපති උපදේශකයෙකු බවට පල වන වාර්තා සත්‍යයෙන් තොරබව රජය පවසයි. ඇතැම් මාධ්‍ය විසින් ඔහු ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙන්වා දීමට උත්සහා උත්සහා කලද හර්මන් ගුණරත්න මහතා ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු නොකරන බවද නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටී.කෙසේ වෙතත් එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා (6දා) ගාල්ල කරාපිටිය රෝහලේදී පැවසුවේ මෛත්‍රිගෙ පියා වන හර්මන් ගුණරත්න ජනාධිපති උපදේශකයෙක් බවත් රනිල් එලවන්න කටයුතු කරන්නේ එවැන්නන් බවත්ය.

මේ අතර එදිනම පැවති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ තම පියා ජනාධිපති උපදේශකයෙක් කියලා ඔප්පු කළොත් තමන් සිය මන්ත්‍රි පදවියෙන් ඉල්ලා අස් වෙන බවය.



Monday, October 7, 2013

DIG Pujith returns to East



 
පූජිත යළි නැගෙනහිරට 

Senior DIG Pujith Jayasundera has been transferred back to the Eastern Province which he headed prior to being temporarily transferred to Colombo, the Police Spokesman’s office said.

They said the Senior DIG who was temporarily transferred to Colombo pending an inquiry and was working at the Police Headquarters, had been re-transferred to his original station.

An inquiry was earlier initiated by the police after newspaper reports said Jayasundera had made over a 100 officers of the Kattankudi Police station kneel down for the offence of one Sergeant attached to the police station caught accepting a bribe.

However, Jayasundera denied the reports and said he lectured the police officers and reprimanded them for accepting the bribe, so as to ensure that there would be no corrupt police officers under him.  
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා යළිත් පත්කර ඇත.

ඒ අනුව ජයසුන්දර මහතා(7 වැනිදා) එහි වැඩ භාර ගැනීමට නියමිතය.

අල්ලස්‌ ලබා ගැනීමේ සිද්ධියක්‌ මුල්කරගෙන මඩකලපුව කාන්තන්කුඩි පොලිසියේ නිලධාරීන් දණ ගැස්‌වූ බවට චෝදනා ලැබ සිටි ජයසුන්දර මහතා කොළඹ පොලිස්‌ මූලස්‌ථානයට මාරු කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වූ අතර එහිදී ජයසුන්දර මහතා නිර්දෝෂී බවට අනාවරණය වී ඇත. ඒ අනුව පොලිස්‌පතිවරයාගේ නියෝග මත හෙතෙම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස යළිත් පත්කර ඇත.

කාත්තන්කුඩි පොලිසියේ සියලුම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගත්තද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් දණ ගැස්‌වීමක්‌ කළ බවට කිසිවකු හෝ ප්‍රකාශ කර නොමැත.




Wigneswaran sworn-in as NPC CM.


උතුරු මහ ඇමති ජනපති ගාව දිව්රයි.

Northern Province Chief Minister C. V. Wigneswaran is being greeted by President Mahinda Rajapaksa just after his swearing in at Temple Trees. 

හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් මහ ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අරලියගහ මන්දිරයේදී මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.ඒ අනුව උතුරේ මහ ඇමති ලෙස හේ නිල වශයෙන් වැඩ භාර ගත්තේය. පසුගියදා පැවති උතුරු පළාත් සභා මැතිවරණයේදී සී.වී විග්නේෂ්වරන් මහතාට මනාප ඡන්ද 1,32,255ක් හිමි විය. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් යාපනේ දිස්ත්‍රිකයට තරඟ කළ සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩිම මනාප හිමිකර ගැනීමට සමත්විය


Saturday, October 5, 2013

Tense situation in Matara, 7 hospitalised.


දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා‍ රෝහල් 



A tense situation and sounds of shots fired has been reported in Matara during a protest march calling for the ousting of UNP leader Ranil Wickremesinghe this afternoon. Seven persons who were injured have been admitted to the Matara hospital.

The clash had erupted between two parties, one against the current United National Party leadership and the other calling for Opposition Leader Ranil Wickremesinghe to stay on as the UNP leader. UNP PS member Krishantha Pushpakumara has also been injured during the clash and admitted to the Matara Hospital according to reports. The police in the area have taken steps to bring the situation under control.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් හා ඔහු එම තනතුරින් ඉවත් කිරීමට බලකරමින් එම පක්ෂයේ ආධාරකරුවන් ඇරඹු පෙළපාලිය මාතරට පැමිණි විටදී ඇති වූ ගැටුම අතවාරයේ වෙඩි වැදීම නිසා දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා‍ රෝහල් ගත කර තිබේ.

ඔහුගේ පාදයට වෙඩි වැදී ඇති බවත් මේවන විට හෙතෙම කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් අප වාර්තාකරු පැවසීය.

තුවාල ලැබූ තවත් කිහිප දෙනෙකු ද රෝහලට ඇතුළත් කර ඇත.

March to oust Ranil begins today..........


රනිල්ට යන්න කියන පා ගමන අද ඇරැඹේ


A march organised to demand the ouster of Ranil Wickremesinghe as UNP leader will commence at 9.00 a.m. from Devinuwara today.

The protest will proceed tomorrow to Weligama, Monday to Galle, Tuesday to Hikkaduwa, Wednesday to Kosgama, Thursday to Katukurunda and Friday 11 to Moratuwa and then conclude in Colombo on Saturday.

The march will focus on themes such as ‘Enough of Defeats’, ‘The country needs a strong opposition’, ‘New leadership for the UNP’. It will comprise elephants, horses and vehicles according to one of its organisers, Southern Provincial Councilor, Maitree Gunaratne.
එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්‌විය යුතු බවට බල කෙරෙමින් කොළඹ දක්‌වා පැමිණෙන පා ගමන (05 වැනිදා) පෙරවරු 09 දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටින් ආරම්භ වනු ඇත.

"පැරදුනා ඇති", "රටට ශක්‌තිමත් විපක්‍ෂයක්‌", "එජපායට නව නායකත්වයක්‌", ආදී විවිධ තේමා පාඨ සමඟින් ඇත්, අස්‌, රිය, පාබල වශයෙන් මෙම පා ගමන කොළඹ දක්‌වා පැමිණෙන බව එහි සංවිධායකවරයකු වන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

අද දෙවුන්දරින් ආරම්භ වන මෙම විරෝධතා පා ගමන හෙට (06 දා) වැලිගම සිටද 07දා ගාල්ල සිටද, 08 දා හික්‌කඩුව සිටද, 09 දා කොස්‌ගම සිටද, 10 දා කටුකුරුන්ද සිටද 11 දා මොරටුව සිටද ආරම්භ කිරීමට නියමිතය.



Warawewa new UNP Kundasale Organiser


කුණ්‌ඩසාලේ වරාවැවට
 
United National Party leader Ranil Wickremesinghe has appointed retired High Court Judge T. B. Warawewa as the party organiser for the Kundasale electorate, in the Kandy District.

Wickremsesinghe’s move follows the resignation of UNP General Secretary Tissa Attanayake as the organizer for Kundasale.

Party sources said that there were a number of candidates eyeing the organiser’s post.

Warawewa was elected to the Central Provincial Council from the UNP at the September 21 polls.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාගේ ඉල්ලා අස්‌වීම නිසා පුරප්පාඩු වූ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කුණ්‌ඩසාලේ ආසන සංවිධායක ධුරය සඳහා මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ හිටපු මහාධිකරණ විනිසුරු ටී. බී. වරාවැව මහතා පත්කොට ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකොට ඇති අතර මේ සඳහා තවත් නම් කිහිපයක්‌ද යෝජනාවී තිබිණි. 



Friday, October 4, 2013

Kelaniya Uni students hand over petition to the Presidential Secretariat.



කැලණි සරසවි සිසුවෝ කොටුවට

Several hundred students of the Kelaniya University marched from the campus up to Fort today. A few of the students handed over a petition to the Presidential Secretariat at the end of the march demanding better hostel faculties for them. 
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් විසින් මේ වනවිට එම සරසවියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක .
එලෙස පැමිණෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීමට නියමිත ය. 
නේවාසිකාගාර අර්බුදයට නිසි විසඳුම් ලබා නොදීම නිසා සිසු ජීවිත අනාරක්ෂිත බව පවසමින් සහ සිසු ජීවි අනතුරේ දමා පාලකයන් විසින් කරනු ලබන මුග්ධ පිළිවෙතට සිය විරෝධය දක්වන බව පවසමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.

TWO MPS INVOLVED IN IMPORTING ETHANOL, HEROIN - RAVI


එතනෝල් සහ කුඩු ගෙන්වීමට කුරුණෑගල මන්ත්‍රීවරුන් 2ක් සම්බන්ධයි 

The United National Party (UNP) today charged that 2 Kurunegala District Parliamentarians are involved in importing container loads of ethanol and heroin into the country.

Referring to recent instances where containers of ethanol and heroin were seized by customs officers, UNP MP Rani Karunanayake says that those incidents are being downplayed and that no one is talking about them.

Speaking during a press conference today, he stated that the country’s economic situation has turned to the worst and that many companies are now shutting down due to the boasting of UPFA politicians.

He stated that milk powder prices will increase by another Rs 200-300, however the government is spending large sums of money for promoting the Commonwealth meeting.

Karunanayake stated that the government is speaking about problems in the United National Party while the government itself is a “tsunami”.
මෙරටට ගෙන්වන ලද එතනෝල් කන්ටේනර් සහ හෙරෝයින් කන්ටේනර් සම්බන්ධයෙන් කූරූණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් 2ගේ සම්බන්ධයක් ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

ඒ සම්බන්ධයෙන් මේ වන විට කිසිදු කතාබහක් නොමැති බවද අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

මේ වන විට මෙරටේ ආර්ථික තත්ත්වය භයානක බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන්ගේ පම්පෝරී ගැසීම් හේතුවෙන් අද වන විට විට සමාගම් වැසෙමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.

කිරිපිටි මිල රුපියල් 200න් 300න් වැඩි වෙන බවත්, නමුත් මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප්‍රචාරණ කටයුතුවලට විශාල මුදලක් වැයකරමින් සිටින බවත් ඒ මහතා කීවේය.

අල්ලස් හා දූෂණ මෙරටේ ස්ථිර වී ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කරන බවත්, නමුත් ආණ්ඩුව සුනාමියක් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

චීන රජය සමඟ තවත් වෙළඳ ගිවිසුම් ගැසීමට සඳහා සුදානමින් සිටින බවත්, ඉන්දියාවත් සමඟ ගිවිසම් සඳහා යාමට නොහැකි නම් චීනයත් සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේද යන්න තමන්ට ප්‍රශ්නයක් මතුවන බවත් හෙතෙම කීවේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ එළඹෙන සදුදා දින ඉන්දියාවත් සමඟ සාම්පූර් ගිවිසුම අත්සන් තබන බවත්, එම ආදායමෙන් 50%ක් ඉන්දියාවටත් 50% ලංකාවටත් ලැබෙනු ඇති බවයි.

පසුගිය පළාත් සභා ඡන්දයට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව නවනීදන් පිල්ලේ මහත්මිය මාස එකාමාරකට පෙර ලංකාවට පැමිණි බවත්, ඇයව පැමිණීම සම්බන්ධයෙන් එ.ජා.පට දෝෂාරෝපණය එල්ල කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




Kapukotuwa resigns....


එජාප භාණ්‌ඩාගාරික ඉල්ලා අස්වේ !
 
United National Party (UNP) Treasurer Senarath Kapukotuwa resigned from his post today in order to pave the way for party reforms.

Mr. Kapukotuwa told Daily Mirror that he handed over the resignation letter to party leader Ranil Wickremesinghe today morning.

"I decided to resign from the post to clear the way for effective reforms of the party,” he said. Asked whether the party leader accepted the resignation, he said he is not aware whether it had been accepted or not but hoped that it will be accepted.

“I have done the same in 2004 when I was the general Secretary of the party at that time and I have done the same this time as well for the betterment of the party,” he added.

Meanwhile the United National Party (UNP) national organiser Daya Gamage had informed party leader Ranil Wickremesinghe that he was willing to resign from his post if a suitable replacement was found. 

එක්‌සත් ජාතික පක්‍ෂයේ භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇතැයි වාර්තාවේ. එජාප ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ මහ ලේකම්, සභාපති හා භාණ්ඩාගාරික පත්කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.

තමාගේ පෞද්ගලික රාජකාරි කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කල යුතු බැවින්, තමා වෙනුවට වෙනත් අයෙක් භාණ්ඩාගාරික ධුරයට පත්කර ගන්නැයි සෙනරත් කපුකොටුව මහතා, එජාප නායකයාගෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවකම ඉල්ලා ඇත.

මේ අතර, 'දිවයින' පුවත්පත අද (04) වාර්තාකර ඇත්තේ, ඉහළ තනතුරු හොබවන ප්‍රධානීන් රැසක්‌ පක්‌ෂයේම සිටිමින්, ඔවුන් හෙබවූ තනතුරුවලින් පමණක්‌ ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවයි.

එසේ, ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත්තේ, ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සැලසීමට බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය මෙහෙයවීම සඳහා පත් කිරීමට යෝජිත උපදේශක මණ්‌ඩලයට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කර නැත.

උපදේශක මණ්‌ඩලයේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්‌වාධීනව සිදුකිරීමට ඉඩ සලසා දීම මෙහි අරමුණ බව එ.ජා.ප. ආරංචිමාර්ග පවසයි.

පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යනු ලබන සියලු තීන්දු තීරණ කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්‌ඩලය මගින් ගැනීමට නියමිතය.



Wednesday, October 2, 2013

Sri Lanka returns 30,000 tons of gasoline supplied by PetroChina


බාල තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000ක් ආපසු හරවා යැවේ

Colombo (Reuters) - Sri Lanka has returned 30,000 tonnes of gasoline supplied by PetroChina Singapore as the quality of the cargo did not meet specifications, state-owned Ceylon Petroleum Corporation (Ceypetco) said on Wednesday.

Susantha Silva, Ceypetco's managing director, said the firm had rejected 90-octane gasoline from PetroChina Singapore.

But accepted 5,000 tonnes of 95-octane gasoline and 5,000 tonnes of diesel from the Singapore subsidiary of PetroChina.

"We have decided to reject the oil stock as it failed one of the 15 parameters of the octane specifications," Silva said in a statement, adding that PetroChina's Singapore subsidiary has been asked to resupply the cargo.

PetroChina Singapore could not be immediately reached for a comment.

Sri Lanka has been forced to boost imports of refined oil products as Western sanctions aimed at Iran have curbed the flow of crude from the OPEC member.

Iranian oil is the main feedstock used by Sri Lanka's sole refinery, which has a 50,000 barrel-per-day capacity.

Off-specific and sub-standard refined fuels have been blamed for damaging Sri Lankan vehicles in the past few years.

The country withheld payment for a 20,000-tonne cargo of gasoline supplied by Emirates National Oil Company (ENOC) in July 2011 after motorists said petrol supplied by the firm was damaging their vehicles.

Ceypetco in June took ENOC off its approved supplier list after the firm shipped 40,000 tonnes of off-spec diesel.

Last year, Ceypetco also took Vitol off its supplier list after it said the trader had supplied 20,000 tonnes of sub-standard diesel.

Vitol denied the allegations and said the cargo in question was tested in accordance with international standards by Ceypetco inspectors before it was discharged. 
පෙට්‍රෝ චයිනා සමාගම විසින් කරන ලද ඇනවුමකට අනුව ආනයනය කළ ඔක්ටේන් 90 පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30,000 ඛනිජ තෙල් සංස්ථාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඒ එහි සාම්පල පරීක්ෂාවෙන් පසු නියමිත ප‍්‍රමිතීන්ට අනුකූල නොවන බවට තහවුරු වීමත් සමඟයි.



President returns to Sri Lanka.


ජනපති මත්තලින් ගොඩ බසී
කතරගම නාහිමිටත් අවසන් ගෞරව දක්වයි.

President Mahinda Rajapaksa who was in New York to attend the UN General Assembly returned this morning, the government information department said.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැස්වීමට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද අළුයම 4.15 ට මත්තලින් ශ්‍රී ලංකාවට සැපත් විය.

ජනපති එතෙර ගොස් කෙලින්ම මත්තලට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
මත්තල සිට ජනපති කතරගමට ගොස් අපවත් වී වදාල ආචර්‍ය අළුත් වැව සෝරත නාහිමියන්ට අවසන් බුහුමන් දැක්වීය.
නාහිමියන්ගේ ආදාහනය අද කතරගමදී සිදුකිරීමට නියමිතය.