Monday, January 14, 2013

කටාර් අධිකරණයකින් තවත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම


sudeshkarකටාර් හි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට මරණ දඬුවම නියම කර ඇත.
මෙසේ මරණ දඬුවම නියම කර ඇත්තේ වෙන්ඩඩාසාලම් සුදේශ්කර් නමැති විසිදෙහැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුටය.කටාර්හි, සේවයේ නියුතු ඉන්දියානු තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම මොහු හට එල්ල වී ඇති චෝදනාව විය..කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුදේශ්කර් කටාර්හි රැකියාව සඳහා ගොස් ඇත්තේ 2010 වසරේ මාර්තු මාසයේදීය.අදාළ ඝාතනය සම්බන්ධව සැකපිට ඔහු 2011 වසරේ ජූනි මසදී කටාර් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මරණ දඬුවම නියමව සිටින සුදේශ්කර්ට සමාව දීම සඳහා ඝාතනයට ලක්වූ ඉන්දියානු තරුණයාගේ දෙමවුපියන් රුපියල් ලක්ෂ 35ක වන්දි මුදලක් ඉල්ලා සිටින බවද වාර්තාවේ.
මෙම සිද්ධිය සම්බන්ධව සියලු තොරතුරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
සුදේශ්කර් නිදහස් කරගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

No comments: