Monday, January 14, 2013

මර්වින්ගේ ආධාරකරුවෝ කැලණියෙන් පිටවෙති

Marvinමර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වීමත් සමග ඔහුගේ සමීපතම ආධාර කරුවන් සිය නිවෙස්වලින් ඉවත්ව කැලණියෙන් පිටත ඥති නිවෙස්වල මේ වන විට කල්ගෙවන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඊට හේතුවී ඇත්තේ මර්වින් සිල්වා ඇමතිවරයාව කැලණියෙන් ඉවත් කිරීමත් සමග මෙතක් කළක් ඔවුන්ට ලැබී තිබුණු දේශපාලන මෙන්ම පොලිස් රැකවරණය අහිමි වීමය. කැලණියේ පිහිටා තිබුණු මර්වින් සිල්වා ඇමතිවරයාගේ ප‍්‍රධානතම දේශපාලන පක්ෂ කාර්යාලයේ කටයුතු කරගෙන ගිය ඔහුගෙ හිතවත්ම මෙන්ම ප‍්‍රබලතම ආධාරකාරිනියකගෙ කැලණියේ පිහිටි නිවසක් පොලිසිය විසින් පරීක්‍ෂාකර බෝම්බයක් සොයාගැනීමත් සමග බියට පත්ව එසේ ඇමතිවරයාගේ ප‍්‍රබල ආධාර කරුවන් සැගවෙන බව සඳහන්ය. කැලණියේ දේශපාලන බලය මර්වින් සිල්වා ඇමතිවරයාගෙන් ගිලිහීමත් සමග මර්වින් සිල්වා ඇමතිවරයාගේ විරුද්ධවාදීන් ලෙස සැලකෙන කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති කණ්ඩායමෙන් ප‍්‍රහාරයක් එල්ලවෙතැයි ද මර්වින් සිල්වා ඇමතිවරයාගේ ආධාර කරුවන් සිතාගෙනද කැලණියෙන් ඉවත්ව සිටින බවද සදහන්ය.
එහෙත් මෙතෙක් එසේ කැලණියේ සිටින කිසිදු දේශපාලන එදිරිවාදියෙකුට පහරදීමක් සිදුවී නැති අතර හසිත මඩවල මන්ත‍්‍රීවරයාගේ ඝාතන සැකකරුවන්ගේ නිවෙස් වලටද ආරක්‍ෂාව සපයා තිබෙන බව පොලිසිය කියයි.

No comments: