නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අද (15)පස්වරු 12න් පසු වැඩ බාර ගැනීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව ඒ මහතාගේ නම අනුමත කොට තිබේ. මොහාන් පීරිස් මහතා හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක වරයෙක්ද වන අතර ඔහු මෙරට 44 වැනි අගවිනිසුරු ලෙස සනිටුහන් වනු ඇත.මේ අතර අලුත්කඩේ උසාවි සංකීර්ණයේ දැඩි ආරක්ෂාවක් තරකොට තිබේ.
පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද යොදවා තිබේ. දෙස් විදෙස් මාධ්‍යවේදීන් උසාවි සංකීර්ණයේ සිටින නමුත් මාධ්‍ය ආවරණ සඳහා අවසර දී නැත. මේ අතර නව අග විනිසුරු ලෙස මොහාන් පීරිස් වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වලක්වන ලෙස වාරණ නියොගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (15) ගොනු කොට තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙත්සම ඉදිරිපත් කොට ඇත.Tuesday, January 15, 2013
44 වැනි අගවිනිසුරුට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය: ආරක්ෂක බල ඇණි අලුත්කඩේ වටලයි
නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අද (15)පස්වරු 12න් පසු වැඩ බාර ගැනීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව ඒ මහතාගේ නම අනුමත කොට තිබේ. මොහාන් පීරිස් මහතා හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක වරයෙක්ද වන අතර ඔහු මෙරට 44 වැනි අගවිනිසුරු ලෙස සනිටුහන් වනු ඇත.මේ අතර අලුත්කඩේ උසාවි සංකීර්ණයේ දැඩි ආරක්ෂාවක් තරකොට තිබේ.
පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද යොදවා තිබේ. දෙස් විදෙස් මාධ්‍යවේදීන් උසාවි සංකීර්ණයේ සිටින නමුත් මාධ්‍ය ආවරණ සඳහා අවසර දී නැත. මේ අතර නව අග විනිසුරු ලෙස මොහාන් පීරිස් වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වලක්වන ලෙස වාරණ නියොගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (15) ගොනු කොට තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙත්සම ඉදිරිපත් කොට ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment