අනුරාධපුර
නගර සීමාවේ විශේෂ රථ වාහන රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර පොලිසියේ රථ වාහන
අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට බීමත්ව අතින්, පයින් පහර දී තුවාල සිදු
කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ
අනුරාධපුර මහ නගර සභාවේ එ.ජ.නි.සන්ධාන මන්ත්‍රි සුසිල් තිලකරත්න නැමැත්තා
ලබන පෙබරවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර
ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද
(23) සවස නියෝග කළාය. සැකකාර නාගරික මන්ත්‍රිවරයා ඊයේ සවස අනුරාධපුර
‘සැනසුම’හන්දිය ප්‍රදේශයේ දී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ
සේවයේ නියුතු පො.කො.45880 යාපා මහතාට අතින්, පයින් පහර දී තුවාල සිදු
කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය
සැකකරු ඊයේ සවස අත්අඩංගුවට ගත්තේය.Wednesday, January 23, 2013
පොලිස් කොස්තාපල්ට පහර දුන් බීමත් මන්ත්‍රි රිමාන්ඩ්
අනුරාධපුර
නගර සීමාවේ විශේෂ රථ වාහන රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර පොලිසියේ රථ වාහන
අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට බීමත්ව අතින්, පයින් පහර දී තුවාල සිදු
කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ
අනුරාධපුර මහ නගර සභාවේ එ.ජ.නි.සන්ධාන මන්ත්‍රි සුසිල් තිලකරත්න නැමැත්තා
ලබන පෙබරවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර
ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද
(23) සවස නියෝග කළාය. සැකකාර නාගරික මන්ත්‍රිවරයා ඊයේ සවස අනුරාධපුර
‘සැනසුම’හන්දිය ප්‍රදේශයේ දී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ
සේවයේ නියුතු පො.කො.45880 යාපා මහතාට අතින්, පයින් පහර දී තුවාල සිදු
කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය
සැකකරු ඊයේ සවස අත්අඩංගුවට ගත්තේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment