Sunday, January 13, 2013

නම විකුණා අණ නොතකා ගිය ලොරියේ දැව

2013 ජනවාරි 13  05:00 p.m
timberloමාර්ග සංවර්ධන අධිකාරියේ නාම පුවරුවක් සවිකරගෙන ටිපර් රථයකින් දැව තොගයක් හොරෙන් ප‍්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් මහනුවර පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්
11 වන දින රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ ගනනක් වටිනා මෙම ලී තොගය හතරලියද්ද ප‍්‍රදේශයේ සිට මහනුවර දෙසට ප‍්‍රවාහනය කරමින් තිබී ඇත. මෙම ටිපර් රථය පිළිබඳව සැකසිතී එය නවත්වන ලෙස පොලිසිය අණ කළත් ලොරිය නොනවත්වා ධාවනය කර ඇත. පොලිස් නිලධාරීන් මෙම ලොරිය පිටුපස ලූහුබැද ලොරිය නවත්වා ගෙන පරීක්ෂා කිරීමේ දී එම ලොරිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එකක් බව සැකකරුවන් පොලිසියට කියා ඇත. පොලිස් නිලධාරීන් ඒ ගැන සිදුකළ පරික්ෂණ වලින් අනතුරුව මෙම ලොරිය පුද්ගලික එකක් බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ නාමපුවරුවක් ව්‍යාඡ ලෙස යොදා ගෙන පොලිසිය නොමග යවමින් මෙම දැව ඡාවාරම සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

No comments: