Thursday, January 31, 2013


lanka ol examඅ.‍පො.ස. උසස් පෙළ 2012 විභාග ප්‍රතිඵල අනුව මෙවර ජීව විද්‍යා සහ ගණිත අංශවලින් දිවයිනේ පළමු ස්ථාන හිමිකරගෙන ඇත්තේ වීරකැටිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකි.

  ආර්.එස්.පී.කසුන් ලක්මාල් ජීව විද්‍යා අංශයෙන් සහ රුසිරු ගාම්බිර ආරච්චි ගණිත අංශයෙන්ද ප්‍රථම ස්ථාන හිමිකරගෙන සිටිති.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. පුෂ්පකුමාර මහතාගෙන් ඊයේ (30) රාත්‍රියේ කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ තමන්ද තවමත් ඒ ගැන කිසිවක් නොදන්නා බවය. නිල වශයෙන් යමක් අද (31) දිනයේ ප්‍රකාශ කළ හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
2012 අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (30) දින රාත්‍රියේ සිට අන්තර්ජාලයට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පත්කළ මහාචාර්යවරුන් තිදෙනා මෙම ප්‍රතිඵල ඇගයීමේ කටයුතුවල සෑම පියවරක්ම අධීක්ෂණය කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය වන අතර ඔවුන්  විසින්ද මෙම ප්‍රතිඵල වෙන වෙනම ගණනය කර පරීක්ෂා කර ප්‍රතිඵලවල නිවරද්‍යතාවය තහවුරු කිරීමට කටයුතු කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටුවෙන් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන් විසින්ද මෙම ප්‍රතිඵල වෙන වෙනම ගණනය පරීක්ෂා කර නිවරද්‍යතාවය තහවුරු කරනු ලබයි.
මෙම සියලු වාර්තා සසදා බලා පරීක්ෂා සිදුකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට තමා කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments: